වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සිදුහත් කුමරු සක්විති රජ නොවූයේ ඇයි?
වෙසක් මස පුරපසළොස්වක දා බුදුහිමි උපන්නේය. ඒ කටක ලග්නය හා විසා නැකතිණි. මෙය ඉතා බලවත් වෙසක් පොහොය දිනක උපතක් බව අපට උන්වහන්සේ ලැබූ බුදුබලයෙන් පසක් වේ. අපේ ශාස්ත්‍රතුමාණෝ, බුදුපියාණෝ භවයේ සාරාසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුමන් පුරා විශාල බලයක් ලබාගෙන මරුන් පරදා බුදුවිය.
අවුරුදු 35 දී බුධ දශාවේ බුදු වූ අමා මෑණියෝ
කටක ලග්නයට ගුරු, උච්චව යෙදීම ඔස්සේ උන්වහන්සේ ස්වඋත්සාහයෙන් සසරේ කල්ප ගණන් පෙරුම් පිරුවේ ලෝක සත්වයාට නිවන සැලසීමටයි. ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළේ ද ඒ අනුවයි.
එක් භවයක පණ වැනි දරුවන් දන් දුන්නේ කුජ කේතු සමඟ හත්වැන්නේ යෙදීමෙනි. මකරයට කේතු සතුරුයි. එනිසා බෝසතුන්ට දරුවන් දන්දීමට සිදුවිය. එහිදී හිත දැඩිව සාදාගන්නේ පෙර පින නිසාවෙනි. එලෙසම කටකයට රාහු සතුරුයි. මෙහි ගුරු නිසා රාහු සතුරු විය. සසර සැරිසරා යාමටත් බුදුවී ධර්ම ප්‍රචාර කටයුතුවලට දෙපයින් වැඩියත් ශරීරයට මහන්සියක් දැනුණේ නැත. ඒ පෙර පින නිසාවෙනි. පා ගමනින් ගොස් මිනිසුන් නිවන් මඟට යොමු කරවීමට හැකිවිය. රවි ග්‍රහයාගේ බලය (උච්ච) වීම එයට හේතුවයි. එනිසා උන්වහන්සේට පාගමනින් වැඩම කරවීමෙන් මහන්සියක් නොවිණි. මධ්‍යහ්නත් බුදුපියාණන්ට සිසිලසක් වූ බව සඳහන් කළ යුතුය. මන්ද ගුරු උච්චය වී තිබීම එයට හේතුවයි. ඒ පුණ්‍ය බල මහිමයයි.
රවි බුධ සමඟ (උච්චව) බල යෙදීම ද ඉතා වාසනාවන්තය. මන්ද බෝසතාණන් සමයේ කළ කුසල් නිසා දහම් දෙසීමේ බලයත්, අපමණ කුසල් බලයත් ඇතිව තිබේ. තම වචනයට ඕනෑම කෙනකු, හස්ති රාජයකු පවා මෙල්ල කිරීමේ හැකියාව බෝසතුණට පැවතුණි. ඒ ගුරු, රවි සහ හතර කේන්ද්‍රය ලග්නය, ගුරු, රාහු, ශනි, හතර හත, කුජ, කේතු දහය රවි බුධ සිකුරු එකොළොස්වැන්න යෙදුණ නිසාවෙනි.
ශනි උච්චව හතර වැන්න ද කුජ උච්ච හත් වැන්නේ යෙදීම මත අලංකාර මහ මන්දිර, වතුර පිරි මහනෙල්, නෙළුම් පිපි සුවඳවත් පොකුණු, සත්මහල් ප්‍රාසාද රම්‍ය, සුරම්‍ය සුබ යන ඍතු වල මාළිගා සියල්ල අත්හැර යාමට හේතුවිය. එදා ඇසළ පුර පොහෝදා බෝසතාණෝ පිටමන් වූයේ බුද්ධත්වය පතා තම සිතෙහි ඇති ඇලීම, ආශාව ඉවත්කර ගෙනයි. පසුතැවිලි වූයේ නැත. රාහුල පුතුද හිතින් අතහැර සංසාර ගමන කෙටි කිරීම සඳහා ඇසැළ පෝදා සඳපානේ කන්ථක අසු පිටින් චන්න සමඟ පිටත්විය. සමහර විට මෙම ගමනේ අවසානය චන්නවත් දැන සිටින්නට නැත. අනෝමා ගංතෙරදී අළුයම තම මංගල අසිපතෙන් හිසකෙස් කපා හෙළු අවස්ථාවේදී මහා බ්‍රහ්මයා ඇතුළු දේව පිරිස හිස කෙස් රැගෙන තව්තිසා දිව්‍ය ලෝකයට ගොස් දෙවි බඹුනට වැඳීමට සිළුමිණ සෑයේ නිදන් කළ බව සඳහන්ය.
මෙහි හතර කේන්දරයෙහි ග්‍රහයන් හතර දෙනකු උච්ච විය. ලග්නයේ ගුරු හතර, ශනි හත, කුජ දහය රවි බලවත් වුවත් සඳුගේ සතුරු වීම නිසා රජවීමේ රාහු යෝග බල හීනවී රජකම එපා කරවීමට සමත්ව ඇත. මෙසේ සසර කෙටි කර ගැනීමට බෝසතාණන්ට එය එක් මඟක් විය.
කේතු හත මකරයට සතුරු වීම විවාහය කලකිරී එය එපා වීමට හේතුවෙයි. නැතහොත් විවාහය කඩාකප්පල් වීම සිදුවේ. සිදුහත් කුමරුන්ට එසේ වූයේ බුදුවීම පිණිසමය. සඳු වෘශ්චිකය නීච මුඨ විය. එනිසා සඳු බලය හීනවී සඳු නීච බැවින් රාජයෝග භංග වේ. එහෙත් රවි උච්චය දහය වීම යහපත්ම වේ. බුදු බලය වර්ධනය වේ. තුන්ලොවට මඟ පෙන්වන්නා ලෙස පිදුම් ලැබීමට හේතු වේ.
වෘෂභයේ සිකුරු සිතුවිලි අලංකාරව හසුරුවා ගනී. මාර දූවරු තන්හා, රති, රඟා පරාජය කරමින් මාරයා පරාජය කළේ සිතුවිලි පාලනය හරිහැටි ක්‍රියා කර හැසිරූ නිසාය. කුජගෙන් නිර්භීතකම, ගුරුගේ ආරක්ෂාව ද සැලසීය. චන්ද්‍රයාත් ලග්නාධිපතිත් දුර්වලවීම රාජයෝග බලය මැකී අක්‍රිය නොවුවා නම් අද අපට ලොව්තුරා බුදු කෙනකු නැත. ඇත්තේ සක්විති රජෙකි. රාජයෝග භංගවීම සිදුහත් තවුසා බෝමැඩදී අළුයම බුද්ධත්වය කරා මරුන් පරදා රැගෙන ගියේය.
චන්ද්‍රයා සතුරු රාශියක් පාපියකු සමඟ මාතෘ ස්ථානය (හතර) දුක සැප වෙනසක් නැතුව, විඳගන්නට හැකිවීම ඒරාෂ්ඨකයේ බලවත් ගුණයකි.
එනිසා සිදුහත් කුමරු අවුරුදු 35 දී බුධ දශාවේදී බුදුවීමට වාසනාවන්ත විය. සක්විති රජ වූයේ නැත.
සිතුවම් අන්තර්ජාලයෙනි
ප්‍රවීණ ඡ්‍යොතිෂ ලේඛක
ගොඩගම
ජයසේන ජයසිංහ