වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
ඔබේ නමේ මුල් අකුර සුබයි ද?
නිමිති ශාස්ත්රයේ නිමිති වර්ග පහක් පිළිබඳ සඳහන් වේ.ඉන්ද්රිය ගෝචර නිමිති, සිද්ධි නිමිති, මනෝ නිමිති,ස්වප්න නිමිති සහ නිර්මාණ නිමිති වශයෙනි. ඉන් නිමිති ශාස්ත්‍රඥයන්ගේ සංවේදනයන්ට මිහිරක් ගෙන දෙන සිදුවීමක් කිරීමට අත්දැකීමට ලැබෙතොත්, නිමිති සුබවේ යැයි ද අමිහිරි සිදුවීමක් නම් නිසි ප්‍රතිඵල අසුබ වේ යැයි ද සැලකීම ඉන්ද්රිය ගෝචර යයි.
සිද්ධි නිමිති යනු නිමිත්තක් විසඳන මොහොතෙහි ස්වභාවධර්මානුකූලව යමක් සිදුවේද ඒ අනුව නිමිති පලාපල උප කල්පනය කිරීමයි. මනෝ නිමිති යනු පෙර දින රාත්‍රියේ ශාස්ත්‍රඥයා විසින් දුටු සිහිනයක් අනුව නිමිති පලාපල විග්රහ කිරීමයි. නිර්මාණ නීතිය අනුව නිමිති යනුවෙන් සඳහන් වන්නේ වචනාර්ථයෙන්ම පූර්වාචාරීන් විසින් නිර්මාණය කරන ලද නිමිතිවලටයි. නිර්මාණ නිමිති ක්‍රම රාශියකි.
සිද්ධි නිමිති යනු නිමිති බලන්නා කිසියම් සිද්ධියක් මුල් කොටගෙන කියනු ලබන නිමිත්තයි. මලක, ගෙඩියක, ගඟක, ගහක නමක් කියවා ගැනීම, අංක ලබාගැනීම, කොටුවක ඇඟිල්ල තැබිම ආදී වශයෙන් තවත් එවැනි නිමිති ඇත. මෙම ලිපියේ නිර්මාණ නිමිත්තක් විමසමු.
කෙනකු නිමිත්තක් ඇසීමට පැමිණි පසුව කිසිවක් කතා කිරීමට පෙර මලක නමක් කියවා ගන්න. උදේ දවල් හවස ආදී කිසිදු කාල බලපෑමක් සිදු නොවේ. මලේ ගුප්ත වටිනාකමක් ඇති නිසා ඕනෑම අවස්ථාවකට මෙම නිමිත්ත ගැළපේ. මලක නමක් කියවා අසා ගත් පසුව එම වචනයේ මුල් අකුරේ ස්වරය තෝරාගන්න. උදාහරණයක් ලෙස රෝස මල නම් ‘ර’ ද වද මල නම් ‘ව‘යන්න මානෙල් මල නම් ‘ම’ යනාදී ලෙසය. මෙම ස්වර අනුව සුබ අසුබ සහ පලාපල පහත පරිදි විග්රහ කළ හැකිය. නමුත් නිමිත්ත අසන පුද්ගලයාගේ ප්රශ්නයේ ස්වභාවය අනුව ඊට ගැළපෙන සේ පලාපල වෙනස් කර ගැනීම ඔබ සතුයි. මේ කෙසේ වෙතත් සුබ අසුබ බව වෙනස් නොවේ. තවත් කිවයුතු කරුණක් නම්, නිමිති විසඳීමේ දී හමු නොවන අකුරු පිළිබඳ මෙහි විස්තර නොවන බවයි.
මුල් අක්ෂරය අනුව හෙළිවන පලාපල
“අ” අකුර නම්
ඉතා ශුභයි,අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජය ලැබේ. බලාපොරොත්තු බොහොමයක් ඉටු වී සිතේ සතුට වර්ධනය වේ. සැප සම්පත් ලැබේ. ගමන් බිමන් සාර්ථක වේ.
“ඉ” අකුර නම්
සියලු දෙයටම ශුභයි, ඔබගේ වැඩ කටයුතු ඉක්මන් වෙයි. උරුමකම් හිමි දේපළ ලැබෙයි. සාර්ථක දරුඵල සහිතය. ශරීර සනීපය ඇති වෙයි.
“ඊ” අකුර නම්
මඳක් අසුභයි, බලාපොරොත්තු වූ දේවල් බොහෝ විට නොලැබේ. චිත්ත සන්තාපවලට හේතු ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේදී ඉතාම කල්පනාකාරී විය යුතුය. තැන්පත් ධනය හදිසියේ වැය වේ.
“එ” අකුර නම්
ඉතාමත්ම සුබයි. විවිධ සැප සම්පත් ලැබේ. ධන ධාන්‍ය ද වටිනා සම්පත් ද ඔබට හිමිය. අන්‍යයන් ගෙන් උදව් උපකාර ලැබීමට වාසනාව පවති.
“ක” අකුර නම්
සියලු දෙයින් සුබයි. අන්‍යයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙයි. තමන්ට සුදුසු දේ සොයා ගැනීමට නිතරම වාසනාව ලැබේ. අසනීප ඉක්මණින් සුව වේ.
“ග” අකුර නම්
සිතූ පැතූ දේ ඉටු වේ. මිතුරන්ගෙන් උදව් උපකාර බොහෝ ලැබේ. රාජ්‍ය ලාභ ද ලැබේ. රැකියා බලාපොරොත්තු ඉටු වේ. තනතුරු උසස් වේ. විවිධ ජයග්‍රහණ ලැබේ. රෝග ඇති නම් ඉක්මණින් සුව වේ. බලාපොරොත්තු ඉක්මණින් ඉටු වේ.
“ජ” අකුර නම්
නීරෝගී සම්පත උදාවේ. සිතන පතන කටයුතු සර්වප්‍රකාරයෙන්ම දියුණු වෙයි. බලාපොරොත්තු වූ දෙය නිතරගයෙන්ම ලැබෙයි. ආරම්භ කරන කටයුතුවලින් බොහෝ ලාභ ලැබේ. රාජ ප්‍රසාදයට ලක් වෙයි.
“ට”අකුර නම්
අසුබ ප්‍රතිඵල සුලභය. විශේෂයෙන් චිත්ත සන්තාපවලට හේතුව ඇති වෙයි. තැන්පත් ධනය විනාශ වෙයි. නීති ප්‍රශ්න මතු වන්නට බොහෝ දුරට ඉඩ තිබෙයි.
“ඩ” අකුර නම්
සිතූ පැතූ දේ සඵල වෙයි. රෝගී තත්වයක් නැත්නම් ඉක්මණින්ම නීරෝගි භාවයට පත්වෙයි. අනාගතය පිළිබඳ සුබ බලාපොරොත්තු ඇති වන අතර ඒවා ඉටු වේ. රැකීරක්ෂා කටයුතු වලින් ද ලාභ ලැබේ.
“ත” අකුර නම්
අසුබයි. උපන් බිමෙන් උපන් ප්‍රදේශයෙන් ඈත් වන්නට හේතුව ඇති වේ. නිවාස අලුත්වැඩියා කිරීම් වලට නිතර යොමු වේ.කල්පනාකාරී නොවීමෙන් බොහෝ දුක් කරදර පැමිණීමට ඉඩ ඇත.
“ද” අකුර නම්
අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ ලබා ගනී. රැකියා බලාපොරොත්තු ද ඉටු වේ. වෙළෙඳ ව්‍යාපාරවලට බෙහෙවින් ලාභ ලැබෙන තත්ත්ව ඇතිවේ. මුදල් යොදවා වැඩ කටයුතු ආරම්භ කිරීමට බිය විය යුතු නැත. මෙම නමින් ව්‍යාපාර ඇරඹීම ඉතාම යහපත්ය. කොහොම නමුත් සිතූ පැතූ කාරණා ඉටු වේ.
“ධ” අකුර නම්
සිතූ පැතූ සියලු දේ ඉටු වේ. නිතර සුබ ප්‍රතිඵල ඇති වේ. ආර්ථික අතින් ශක්තිමත් වේ. ගනුදෙනුවලින් ඉක්මනින් නිදහස් වේ. නීරෝගි බව ලැබේ.
“න” අකුර නම්
ඉතා අසුබ ප්‍රතිඵල බහුලව ලැබේ. සිතේ වූ කාරණා ඉටු නොවේ. හදිසියේ නීති ප්‍රශ්න ඉස්මතු විය හැකිය. කල්පනාවෙන් වැඩ කිරීම ඉතාම යහපත්ය. ශරීර සෞඛ්‍යයට ද අයහපත්ය. සුළු තුවාලයක් ඇති වුවද අසාධ්‍ය තත්ත්වයට පත් වේ.
“ප”අකුර නම්
බලාපොරොත්තු ඉක්මණින් සඵල නොවේ.අන් අයගේ ඇසුරට වැටීමෙන් අපහසුතාවයට පත්වේ. මේ නිසාම නුසුදුසු වැඩ ද සිදුවේ. අධ්‍යාපන කටයුතුවලට බාධා අවහිරකම් පැන නගී. මතක ශක්තිය බෙහෙවින්ම අඩු වේ. මිල මුදල්වලින් ප්‍රශ්න ඇතිවේ. උසස්වීම් නොලැබී යයි.
“බ” අකුර නම්
සියලු කටයුතු වලින් ශුභ ප්‍රතිපල ලැබේ. අමනාප වූ අය ඉක්මනින් මිතුරු වේ. ප්‍රේම සබඳතා ගොඩනැගීමට හොඳය. විවාහ සම්බන්ධතා ස්ථිර වේ. ස්ත්‍රී පුරුෂ ඇසුරේ දී කල්පනාකාරී විය යුතුය.
“හ” අකුර නම්
උසස් අයගෙන් උදව් උපකාර හිමිවීමට නියමිතය. දිළිඳු තත්ත්වය ඉක්මණින් මඟ හැරේ. කලක් තිස්සේ පැවති බලාපොරොත්තු ඉෂ්ට වේ. යාන වාහන මිලදී ගැනීමට සුදුසු කාලයකි.
“ම” අකුර නම්
ශරීර සනීපය දුබල වෙයි. චිත්ත සන්තාපවලට හේතුව ඇති කරයි. ඉක්මන් කේන්තිය නිසා ලාභ හානි ඇතිකර ගනී. කල්පනාකාරී විය යුතුය. රැවටීම්වලට හසුවීමට ඉඩ තිබේ. බාධා ඇතිවී ප්‍රමාද වීම සිදුවේ. නීතියට පටහැනි දේ නොකළ යුතුය.
“ය” අකුර නම්
ප්‍රතිඵල ඉතා සුබය. ධාන්‍ය ආදී සැප සම්පත් හිමි වේ. තමන්ගේ වැඩකටයුතුවලට අන්‍යයන්ගේ උපකාරය නිරන්තරයෙන් ලැබේ. ප්‍රේමයට හා විවාහයට සුබ කාලයකි. අන්‍යයන් කෙරෙහි කැපී පෙනීමේ වාසනාව ලැබේ.
“ර” අකුර නම්
දුර නොබලා කරන කටයුතුවලින් අලාභ හානි සිදු වේ. කට වචන වරදී. අදහස් වෙනස් වෙයි. දියුණුවට බාධා ඇතිවෙයි. නීරෝගී බව පමාවෙයි. තිබෙන දේ පවා නොලැබී යයි යන කාලයකි.
“ල” අකුර නම්
ප්‍රසිද්ධියට කරුණු සිදුවේ. නිතර අතමිට මුදල් ගැවසේ. පසුගිය කාලයට වඩා ඉදිරිය යහපත්ය. නැතිව තිබූ තනතුරු තාන්න මාන්න ලැබේ. අමනාපකම් මඟ හැරෙන අතර ඥාති සබඳතා අලුත් වේ.
“ව” අකුර නම්
ඉතාමත්ම සුබයි. බලාපොරොත්තු සියල්ල ඉටු වෙයි. විශේෂ වැඩ කටයුතු සම්පාදනය කිරීමට සුදුසු කාලයකි. රාජ ලාභ ද ලැබේ.නැතිවූ දේවල් නැවත ලැබේ.
“ශ” අකුර නම්
ප්‍රතිඵල අසුබයි. දුක් කම්කටුලු, කනගාටු තොරතුරු අසන්නට ලැබේ. බලාපොරොත්තු සුන් වී යයි. ශරීර සනීපය දුබල වේ. වැඩකටයුතුවලට බාධා සිදුවෙයි. වැඩ කටයුතු ප්‍රමාද වෙයි. සමහරවිට අරමුණු වෙනස් වන්නට හෝ කඩාකප්පල් වන්නට පුළුවන.
“ෂ” අකුර නම්
අසාධාරණයට සිත යොමු කරන්නට සිත් වේ. අනිසි මාර්ගවලින් ධනය ඉපැයීමට පෙළඹේ. අන්‍යයන් පිළිබඳ වැඩි තැකීමක් නොකරන්නෙකි. සිතු දෙයින් වැඩිපුර පළ නොලැබේ.
“ස” අකුර නම්
බොහෝ සුබ ප්‍රතිඵල අයත් වේ ශරීර සනීපයට පැවැති බාධා මග හැරී යයි. උසස් තත්ත්වයන්ට පත්විය හැකිය. ගෙවී ගිය කාලයට වඩා ඉදිරිය සැප සම්පත් ඇති වේ.