වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
හදිසි මරණ පිටුපස සිටින කුජ සහ ශනි
ඉහත මාතෘකාව යටතේ මෙම ලිපිය සුබසෙත පුවත්පතට මා ලිවීමට අදහස් කළේ, වෙනදාට වඩා අද මෙරට තුළ හදිසි අනතුරුවලින් මියැදෙන ජන සංඛ්‍යාව වැඩි වී ඇති හෙයිනි. එලෙස වර්තමානයේ හදිසි අනතුරුවලින් වැඩි ජන සංඛ්‍යාවක් මියැදීමට හේතු භූතවන ඡ්‍යෝතිෂය කරුණු විග්‍රහ කිරීම කාලෝචිතවන හෙයිනි.
ඒ අනුව නව ග්‍රහයන් අතරින් හදිසි අනතුරු ඇති කිරීමට හේතු භූත වන ග්‍රහයන් දෙදෙනෙක් වන අඟහරු සහ සෙනසුරු රාශි චක්‍රයේ අනතුරුදායක රාශීන් ලෙස සැලකෙන මේෂ, තුලා, වෘශ්චික, මකර, කුම්භ යන රාශිවල ගෝචරය වන කාලසීමාවන් තුළදි රටේ ලෝකයේ වෙනදාට වඩා හදිසි අනතුරුවලින් ජීවිතක්ෂයට පත්වන ජන සංඛ්‍යාව ඉහළ යන්නේ ය. මෙහිදී විශේෂයෙන් අඟහරුට වඩා සෙනසුරු ග්‍රහයා මෙකී අනතුරුදායක රාශියන් හි ගෝචරය වන විට මෙකී හදිසි අනතුරුවලින් මියැදෙන ජන සංඛ්‍යාව වෙනදාට වඩා ඉහළ යන්නේ ය. මන්දයත් සෙනසුරු එක් රැසක වසර 2 1/2 ක් ගමන් කරන හෙයිනි. ඒ අනුව සෙනසුරු යටකී අනතුරුදායක රැසක ගෝචරය වන විට අඟහරු ග්‍රහයා දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් යටකි අනතුරුදායක රැසක ගමන් කරන සෙනසුරු ග්‍රහයා සමඟ සම්බන්ධ වූ විට හදිසි අනතුරු මඟින් ජීවිතක්ෂයට පත්වන ජන සංඛ්‍යාව වෙනදාට වඩා ඉහළ යන්නේ ය.
ඉහත විග්‍රහ කළ කරුණුවල සත්‍යතාවය විශ්ව කේන්දරය වන මේෂ ලග්නයෙන් 10වැන්න වූ මකරයේ කුජ/ ශනි යන ග්‍රහයන් ගමන් කරමින් සිටියදී සෝවියට් රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධ ගිනි ඇවිලීමෙන් පැහැදිලිවන අතර එහිදී එකී මකර රැස අනතුරුදායක රැසක් වූ නිසා, සති දෙකක් පමණ පැවති එම යුද්ධයේ මිනිස් ජීවිත විශාල සංඛ්‍යාව නැති වූ අතර, දේපල විශාල, සංඛ්‍යාවක් විනාශයට පත් විය. මෙහිදී විශ්ව කේන්දරයේ ආරක්ෂකයා වන ගුරු ග්‍රහයා කුම්භ රැසෙහි රවිට ප්‍රස්තව ගමන් කිරීම නිසා කිසිම රාජ්‍යයකට හෝ සංවිධානයකට මෙකී යුද්ධ නැවැත්වීමට බැරි විය. ඒ නමුත් ලබන මස 13වෙනි දින ගුරු ග්‍රහයා මීන රාශි ගතවීමෙන් පසු මෙම යුද්ධය බොහෝ දුරට නිම වීමට ඉඩ ඇත. අප මාතෘකාවට අනුව ජන්මියෙක්ගේ කේන්දර සටහනක මෙකී කුජ/ශනි යන ග්‍රහයන් යටකි අනතුරුදායක රැසක පතිතව සිටියදී ලග්න කේන්දරයට ශුභඵල දෙන ග්‍රහයන්ගේ ශුභ දෘෂ්ඨියකට හෝ ශුභ කර්තරික යෝගයකට මෙකී කුජ/ශනි යෝගය මැදිවි නැත්නම් හෝ අනතුරුදායක රාශිවල සිටින මෙකි කුජ සහ ශනි අතර දිවිර්ද්වශ දෝෂයක් එනම් කුජ, ශනි යන ග්‍රහයන් ඔවුනොවුන්ට 2/12 වශයෙන් පිහිටා ඇත්නම්, හෝ මෙකී අනතුරුදායක රාශිවල සිටින කුජ සහ ශනි අතර ෂෂ්ටාෂ්ටක දෝෂයක් එනම් කුජ, ශනි යන ග්‍රහයන් ඔවුනොවුන් කෙරේ 6, 8 වශයෙන් පිහිටා ඇත්නම් එවැනි ග්‍රහ බලයක් ඇති ජන්මින්ට කුජ හෝ සෙනසුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් ලැබූ කල ඒරාෂ්ඨක අපලයක් ද ලබා ඇත්නම්, ඔහු හෝ ඇයගේ ජීවිතය හදිසි අනතුරකින් අහිමි විය හැකි ය. ඉහත විග්‍රහ කළ කරුණුවල යහපත් සත්‍ය අසත්‍යතාවය අවබෝධ කර ගැනීමට අපි අපගේ අවධානය උදාහරණ කේන්දර කිහිපයක් වෙත යොමු කරමු.
ඉහත මකර ලග්න කේන්දරය අයත් වන්නේ, තම පෙම්වතා සමඟ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඩයනා කුමරියටයි. එම මකර ලග්න කේන්දරයේ සෙනසුරු අනතුරුදායක රැසක සිටින්නේ මාරක ස්ථානාධිපති සඳු සහ දුෂ්ඨ භාවාධිපතියෙක් වූ 12 වැන්නාධිපති ගුරු සමඟයි. එම ග්‍රහ පිහිටීමට තවත් මාරක භාවයක් වන අට වැන්නේ සිටින අඟහරු සමඟ යෝග වූ රාහු රාශි දෘෂ්ඨියට භාජනය වී ඇත. එමෙන් ලග්නයේ සිටින යටකී පාප ග්‍රහයන්ගේ රාශි දෘෂ්ඨිය අට වැන්නේ සිටින අඟහරු සහ රාහුට වැටී ඇත. එතැන දී අඟහරු සහ සෙනසුරු අතර ෂෂ්ටාෂ්ටක දෝෂයක් යෙදී ඇත. ඒ අනුව යට විග්‍රහ කළ අශුභ ග්‍රහ පිහිටීම්, ඩයනා කුමරියගේ මරණය බිහිසුනු රිය අනතුරකින් සිදුවීමට හේතු වී ඇත.
අංක 2 උදාහරණ කේන්දරයක් වන්නේ මෙරට හිටපු ජනපි‍්‍රය සිනමා නිලියක් වන රුක්මනි දේවියටය. එම ධනු ලග්න කේන්දරයේ අප මාතෘකාවට සම්බන්ධ කුජ සහ සෙනසුරු යන ග්‍රහයන් අතර ප්‍රබල සම සප්තම දෘෂ්ඨියකි. එකී කුජ, ශනි තවදුරටත් කාල සර්ප යෝගයකට මැදිව රාහු, කේතුන් පීඩාවී ඇත. එහෙයින් එතැනදී මෙකී ග්‍රහයන් දෙපල අනතුරු දායක රාශිවල පතිතව නැත. කාලසර්ප යෝගයෙන් පීඩාවීමත් අඟහරු සෙනසුරු ලග්නයේ සිටින අට අධිපති සඳුගේ කේන්ද්‍ර දෘෂ්ඨියෙන් පීඩාවීමත් අඟහරු 12 වැන්නේ සිටින 6 අධිපති සිකුරුගෙන් සහ මාරක භාවයක් වන දෙවැන්නේ සිටින හත අධිපති බුධ සමඟ යෝග වූ සතුරු භාග්‍ය ස්ථානාධිපති රවිගේ පූර්ණ දෘෂ්ඨියෙන් පීඩාවීමෙන් මෙකී, කුජ ශනි තව දුරටත් දැඩි ලෙස පාප පීඩිත වී ඇත. ඒ අනුව මෙකී පාප පීඩිත කුජ වාහන ගැන කියැවෙන රැසක් වන සිව්වැන්න වූ මීන රැසෙහි වීමත් සෙනසුරු කර්ම ක්‍රියාව රැකියාව ගැන කියන රැසක් වන 10 වූ කන්‍යා රැසෙහි වෙමින් ඔවුනොවුන්ව සප්තම දෘෂ්ඨියෙන් දැකීම හේතු කොටගෙන රුක්මනී දේවි කලාව සම්බන්ධ කටයුත්තකට සහභාගිවී තම නිවස බලා යමින් සිටියදී ඇති වූ බිහිසුණු රිය අනතුªරකින් ඇය ජීවිතක්ෂයට පත්විය.
අංක 3 උදාහරණ කේන්දරය අයත් වන්නේ අමෙරිකාවේ හිටපු ප්‍රබල ජනාධිපතිවරයෙක් වන ඒබ්‍රහම් ලින්කන්ටය. එම කුම්භ ලග්නය අනතුරු දායක රැසක් වන අතර එහි අධිපති සෙනසුරු අනතුරු දායක රාශියක් වන වෘශ්චික රැසෙහි පතිතව ලග්නයෙන් සිටින 8 අධිපති බුධ සමඟ යෝග වූ සතුරු මාරක ස්ථානාධිපති රවිගේ පූර්ණ දාෂ්ටියෙන් පීඩාවී ඇත. අප මාතෘකාවට සම්බන්ධ අනෙක් ග්‍රහයා වන අඟහරු තවත් අනතුරුදායක රාශියක් වන කලාවෙහි පතිතව රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පීඩාවී ඇත. මෙලෙස පාප පීඩිත වූ කුජ සහ ශනි තව දුරටත් අංශක 8 ක් ඇතුළත සංයෝග වෙමින් කුජ, ශනි සංයෝගයක් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ඒබ්‍රහම් ලින්කන්ට තම විරුද්ධවාදියෙක් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඒ අනුව ඉහත විග්‍රහයෙන් පැහැදිලි වන්නේ කුජ සහ ශනි යන ග්‍රහයන් හදිසි මරණ කෙරෙහි විශාල බලපෑම් එල්ල කරන බවයි.
ඡ්‍යොතිෂවේදී උදම් පෙරේරා