වල්ගා තරුවේ සුබාරංචිය

දෙසැම්බර් 24, 2021

බොහෝ කලකට පෙර රෝමවරුන් දෙසැම්බර් මස 25 වැනි දින හිරු පිදීමේ උත්සවයක් පවත්වනු ලැබීය.3 වැනි ශතවර්ෂයේදී රෝම අධිරාජ්‍යය කිතු දහම වැළඳගත් පසු එහි නරපති කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය වෙනුවට එදින කිතුණු උපත සැමරීමට යොදාගත යුතු යැයි නියෝග කළේය.ක්‍රි.ව. 325 දී පාප් පදවිය දැරූ රෝමයේ අගරදගුරු ලිබෝරියස්තුමා දෙසැම්බර් මස 25 දින කිතුණු උපත සැමරීම සඳහා නත්තල් උත්සවය පැවැත්වීම අනුමත කළ බව ඉතිහාසයේ සඳහන් වේ.

සැණකෙළි සිරි

මෙසේ කිතුණු උපත හෙවත් නත්තල දෙසැම්බර් 25 දින පැවැත්වීමට සම්මුතියක් ඇතිවූ පසු කලින් පැවති රෝමවරුන්ගේ හිරු පිදීමේ උත්සවය, ග්‍රීක්වරුන්ගේ සැටර්නිලා උත්සවය හා යුරෝපයේ අනෙකුත් කාලීන උත්සවයන්ගේ අංගෝපාංග හා සම්ප්‍රදායන් නත්තල් උත්සවය හා සම්බන්ධ වී එය විනෝදකාමී සැණකෙළියක් බවට පත්විය. එහෙත් නත්තල යනුවෙන් සමරනු ලබන කිතුණු උපත එවැනි සැණකෙළියක් නොවීය.ශාන්ත ලූකස්තුමාගේ සුවිශේෂයේ සඳහන්ව ඇති අන්දමට එය ලයාන්විත සිත් සසල කරවන පුවතකි.

ජේසු උපත

එකල රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස් සීසර් සියලුම යටත් වැසියනට ජන සංගණනයක් සඳහා තම උත්පත්ති ප්‍රදේශයට පැමිණිය යුතු යැයි නියෝග කළේය.මේ අනූව දාවිත්ගේ රාජ්‍ය වශයෙන් පැවත ආ ශාන්ත ජුසේතුමා ගැබ්බර මරියතුමිය සමග දාවිත්ගේ නුවර වූ බෙත්ලෙහෙම් නගරය කරා පැමිණියේය. එදින බෙත්ලෙහෙම් නුවර තානායම් සියල්ල පිරී ඉතිරී පැවැති හෙයින් අසරණ ජුසේතුමාට සහ මරියතුමියට ලැගුම් ගැනීමට සිදුවූයේ බෙත්ලෙහෙම්නුවර කොනක පාළු ගවලෙනකය.මෙම ගවහලේදී විළිරුදාව ලත් මරියතුමිය ගව ඔරුවක දිව්‍ය බිළිඳා මෙලොවට බිහි කළාය.

වල්ගා තරුවේ සුබාරංචිය

ලෝකය පවින් ගලවා ගැනීම සඳහා මෙලොවට මාංශගතවූ දෙව් මහෝත්තමයාණන් වූ ඒ දිව්‍ය බිළිඳා මෙලොවට බිහිවූ ඒ සුබාරංචිය සුර දූතයන් විසින් ප්‍රකාශ කරනු ලැබුවේ බෙත්ලෙහෙම් නුවර බොජුන්හල්වල හා තානායම්වල කමින් බොමින් හා නටමින් ප්‍රීති වූ වරප්‍රසාද ලත් උසස් පන්තියට නොව අසල තෘණ භූමියක තම බැටළුවන් රැකබලා ගනිමින් සිටි අහිංසක දුප්පත් එඬේරුන්ටය.

එඬේරුන් එම සුබාරංචිය ලද විගසම ගවලෙන වෙත දුව විත් තම හදපත්ලෙන් නැගී ආ සොම්නසින් යුතුව දිව්‍ය බිළිඳා ඉදිරියේ වැඳ වැටුණේය.පෙරදිග රජවරුන් තිදෙනෙක් පවා වල්ගා තරුවක මග පෙන්වීම අනූව දිව්‍ය බිළිඳා සොයාවිත් රත්තරන්, සුවඳ දුම් හා සුවඳ ලාටු තෑගි වශයෙන් පුද කළේ මෙම ගවහලේදීය. මේ අනූව කිතුණු උපත දෙසැම්බර් මස 25 දින සිදුවූ මහත් තේජාලංකාර ශ්‍රී විභූතියෙන් මහිමාන්විත වූ සිද්ධියක් නොවන නමුත් පසු කලකදී ක්‍රිස්තෝත්පත්තිය හා සම්බන්ධ වූ සම්ප්‍රදායයන් හා සම්බන්ධ වීමෙන් නත්තල කිතුනු උපත නිරූපණය කරන උත්සවයක් බවට පත්වූයේය.

ගවලෙන

නත්තල් සම්ප්‍රදායයන්ගෙන් මුල් තැන හිමිවනුයේ මධ්‍යතන යුගයේදී ශාන්ත ප්‍රැන්සිස් අසිසිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ ගවලෙනටය.නත්තල් සමයේදී සෑම දෙව්මැඳුරක මෙන්ම කිතුණු නිවසක ද ගවහලක කිතුණු සමිඳාණන්ගේ උපත දක්වන ගවලෙනට විශේෂ තැනක් හිමිවේ.බොහෝ නත්තල් ශුභ පැතුම් පත්වලද ගවලෙන දක්වන චිත්‍රයක් දක්නට ලැබෙයි.

නත්තල ප්‍රභාමත් කරවන කැරොල් ගායනා

කැරොල් ගායනා තවත් විශේෂ නත්තල් සම්ප්‍රදායකි.කැරොල් ගායනයෙහි ප්‍රධාන තේමාව සුර දූතයන් කිතු උපත එඬේරුන්ට ප්‍රකාශ කිරීම වන අතර නත්තල් සමයේදී කැරොල් ගායනා ලොව පුරාම පවත්වනු ලැබේ.ලංකාවේද පෘතුග්‍රීසි සමයේ පටන්ම කැරොල් ගායනා ඉතා ජනප්‍රියව පවතී.මධ්‍යම රාත්‍රී නත්තල් දේව මෙහෙයෙන් පසුව කැරොල් ගීතිකා කණ්ඩායම් රැගත් නත්තල් කැරොල් කරත්තය එළිවනතුරුම ගම් දනව් පුරා සැරිසැරීය.කුඩා ළමුන් දෙව් දූතයන් මෙන් සුදු ඇඳුමෙන් සැරසී පෙරදිග තාල අනූව සිදුකරන කැරොල් ගායනා මනස්කාන්ත දර්ශනයකි.

නත්තල් සීයා

ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට බිහිවූයේ අන්ත අසරණ දුගී බිළිඳකු වශයෙන් නිසා නත්තල් සමයේදී දුගී දූ දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරනු ලැබේ.ඒ අනූව දිළිඳු දරුවන්ට සෙල්ලම් බඩු හා අනෙකුත් තෑගි ගෙනෙන නත්තල් සීයා සෑම රටකම දක්නට ලැබෙන සුවිශේෂී නත්තල් විශේෂාංගයකි.නත්තල් උත්සවය පැවැත්වීමට කලින් තිබූ සම්ප්‍රදායයන් නත්තලට ඈඳාගත් ලක්ෂණයක් බවට පත්වූ නත්තල් ගස ද තෑගි බෙදා දීම සඳහා යොදාගනු ලැබේ.

මාපියන් බැහැදැකීම

කිතු උපතේදී දිව්‍ය බිළිඳා මරියතුමිය හා ශාන්ත ජුසේතුමා ගවලෙනෙහි එකට සිටීමේ හේතුවෙන් නත්තල පවුලේ උත්සවයක් වශයෙන් සලකනු ලැබේ.නත්තල් දින නොයෙක් ප්‍රදේශයන්හි සිටින පවුලේ සියලුදෙනාම නත්තල් සඳහා මවුපියන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා මුල් ගෙදරට (මහ ගෙදරට) පැමිණීමද නත්තල් සම්ප්‍රදායයකි. එමෙන්ම නත්තලින් පිළිබිඹු වන සාමයේ හා සුහදතාවයේ පණිවුඩය සංකේතවත් වන නෑදෑ හිතමිතුරන් බැහැදැකීමද තවත් නත්තල් සිරිතකි.

නත්තල් සුභ පැතුම් පත්වල උපත

සෑම අවස්ථාවකදීම නත්තල් සමයේදී දුර බැහැර සිටින නෑදෑ හිතමිතුරන් බැහැ දැකීම කළ නොහැකි නිසාම 19 වැනි ශත වර්ෂයේ අග භාගයේදී එංගලන්තයේ තැපැල් මගින් නත්තල් සුබපැතුම් යැවීම ආරම්භ විය.පසුව නත්තල හා එයට ආසන්නව පැමිණෙන නව වසර වෙනුවෙන් ශුභ පතමින් නත්තල් කාඩ් යැවීම ජනප්‍රිය වී එය නොයෙක් රටවල පැතිර ගියේය.මෙම නත්තල් පත් කිතු උපත දැක්වෙන ගවලෙන, රජතුන්කට්ටුව, දිව්‍ය බිළිඳා බැහැදැකීම හා අනෙකුත් නත්තල් සිදධීන් රැගත් පින්තූරවලින් අලංකාර වේ.

නත්තල් නාට්‍ය

නත්තල් සමයේදී ක්‍රිස්තු උපත හා එයට සම්බන්ධ සිද්ධීන් අළලා නත්තල් නාට්‍ය ලොව පුරාම රඟ දක්වනු ලැබේ.ශ්‍රී ලංකාවේද පෘතුගීසි යුගයේ පටන්ම නත්තල් නාට්‍ය රඟදක්වනු ලැබීය.1613 දී ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට මාංශගතවීම අළලා නත්තල් නාට්‍යයක් රඟදක්වන ලද බව සඳහන් වේ.

ලංකාවේ මුල්ම නාට්‍ය සම්ප්‍රදාය වන නාඩගම් බිහිවී ඇත්තේ ද නත්තල ආශ්‍රයෙනි.ස්වර්ගස්ථ එඩ්මන්ඩ් පීටර්ස් හලාවත හිටපු රදගුරුතුමා පෙන්වාදෙන පරිදි මෙරට ප්‍රථම නාඩගම වනුයේ ඇම්.ඇස්.ගේබ්‍රියෙල් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද “ රජතුන්කට්ටුව ” නාඩගම වේ.මෙය ක්‍රිස්තෝත්පත්තිය හා පෙරදිග රජවරුන් තිදෙනෙකු දිව්‍ය බිළිඳා බැහැදැකීම වටා එම නාට්‍ය සම්පාදනය කොට ඇත.

“ රජතුන්කට්ටුව ” නාඩගම සාර්ථක වූ හෙයින් එයින් පසු සාන්තුවරයන්ගේ ජීවිත කථා හා අනෙකුත් ක්‍රිස්තියානි තේමාවන් අළලා නාඩගම් රඟදක්වා ඇත.කලක් යෑමේදී නාඩගම් සම්ප්‍රදාය මෙරට ජනප්‍රිය වී ආගමික නොවන තේමාවන් යටතේ පවා රටපුරා නාඩගම් බිහිවී ඇත.නත්තල ඇසුරෙන් ආරම්භ වී ඇති නාඩගම් සම්ප්‍රදාය කතෝලිකයන් විසින් මෙරට ඇතිකරන ලද මහඟු දායාදයකි.

ජේසුතුමාගේ ප්‍රධාන ඉගැන්වීම් කීපයක්

මුළු විශ්වයේම ගැලවුම්කරුවා දෙවියන් වහන්සේය.

දෙවියන් වහන්සේ මුළු විශ්වයටම කරුණාවන්ත වූ පියෙකු හා සමාන වේ.

ලොව අන් සියලුම දේට වඩා උතුම්ම වස්තුව වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය බව.

දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේම කළාක් මෙන්ම අප විසින්ද අනෙක් සියලුම මනුෂ්‍යයන් සමග ප්‍රේමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බව.

දෙවියන් වහන්සේ පිළිබඳ මනුෂ්‍යයා විශ්වාසයෙන් යුතුව යාච්ඥා කළ යුතු බව.

නත්තල් සුබ පැතුම් පත්වල උපත

සෑම අවස්ථාවකදීම නත්තල් සමයේදී දුර බැහැර සිටින නෑදෑ හිතමිතුරන් බැහැ දැකීම කළ නොහැකි නිසාම 19 වැනි ශත වර්ෂයේ අග භාගයේදී එංගලන්තයේ තැපැල් මගින් නත්තල් සුබපැතුම් යැවීම ආරම්භ විය.පසුව නත්තල හා එයට ආසන්නව පැමිණෙන නව වසර වෙනුවෙන් ශුභ පතමින් නත්තල් කාඩ් යැවීම ජනප්‍රිය වී එය නොයෙක් රටවල පැතිර ගියේය.මෙම නත්තල් පත් කිතු උපත දැක්වෙන ගවලෙන, රජතුන්කට්ටුව, දිව්‍ය බිළිඳා බැහැදැකීම හා අනෙකුත් නත්තල් සිදධීන් රැගත් පින්තූරවලින් අලංකාර වේ.

නත්තල් නාට්‍ය

නත්තල් සමයේදී ක්‍රිස්තු උපත හා එයට සම්බන්ධ සිද්ධීන් අළලා නත්තල් නාට්‍ය ලොව පුරාම රඟ දක්වනු ලැබේ.ශ්‍රී ලංකාවේද පෘතුගීසි යුගයේ පටන්ම නත්තල් නාට්‍ය රඟදක්වනු ලැබීය.1613 දී ක්‍රිස්තුන් වහන්සේ මෙලොවට මාංශගතවීම අළලා නත්තල් නාට්‍යයක් රඟදක්වන ලද බව සඳහන් වේ. ලංකාවේ මුල්ම නාට්‍ය සම්ප්‍රදාය වන නාඩගම් බිහිවී ඇත්තේ ද නත්තල ආශ්‍රයෙනි.ස්වර්ගස්ථ එඩ්මන්ඩ් පීටර්ස් හලාවත හිටපු රදගුරුතුමා පෙන්වාදෙන පරිදි මෙරට ප්‍රථම නාඩගම වනුයේ ඇම්.ඇස්.ගේබ්‍රියෙල් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද “ රජතුන්කට්ටුව ” නාඩගම වේ.මෙය ක්‍රිස්තෝත්පත්තිය හා පෙරදිග රජවරුන් තිදෙනකු දිව්‍ය බිළිඳා බැහැදැකීම වටා එම නාට්‍ය සම්පාදනය කොට ඇත.

රජතුන්කට්ටුව ” නාඩගම සාර්ථක වූ හෙයින් එයින් පසු සාන්තුවරයන්ගේ ජීවිත කථා හා අනෙකුත් ක්‍රිස්තියානි තේමාවන් අළලා නාඩගම් රඟදක්වා ඇත.කලක් යෑමේදී නාඩගම් සම්ප්‍රදාය මෙරට ජනප්‍රිය වී ආගමික නොවන තේමාවන් යටතේ පවා රටපුරා නාඩගම් බිහිවී ඇත.නත්තල ඇසුරෙන් ආරම්භ වී ඇති නාඩගම් සම්ප්‍රදාය කතෝලිකයන් විසින් මෙරට ඇතිකරන ලද මහඟු දායාදයකි.

ජේසුතුමාගේ ප්‍රධාන ඉගැන්වීම් කීපයක්

මුළු විශ්වයේම ගැලවුම්කරුවා දෙවියන් වහන්සේය.දෙවියන් වහන්සේ මුළු විශ්වයටම කරුණාවන්ත වූ පියකු හා සමාන වේ.ලොව අන් සියලුම දේට වඩා උතුම්ම වස්තුව වන්නේ එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රේමය බව.දෙවියන් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ප්‍රේම කළාක් මෙන්ම අප විසින්ද අනෙක් සියලුම මනුෂ්‍යයන් සමග ප්‍රේමයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බව. දෙවියන් වහන්සේ පිළිබඳ මනුෂ්‍යයා විශ්වාසයෙන් යුතුව යාච්ඥා කළ යුතු බව.

ඒ.සී.එස්.නවීලා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.