බෙත්ලෙහෙමේ ජේසු උපත පෙන්වන ග්‍රහබලය

දෙසැම්බර් 24, 2021

දෙවියන් වහන්සේ යෝබ්ට මෙසේ ප්‍රකාශකොට ඇත. “කට කැති නැකැතයි සෞම්‍ය ගුණ බන්ධන කරන්ට පුළුවන්ද? අහසෙහි නියමයන් තා නොදන්නෙහි ද එහි ආණ්ඩුව පොළොවෙහි තබන්ට පුළුවන් ද? කැති නැකැත ආදී තාරකාවල ශුභාශුභ ගුණ නොහොත් කෲර සෞම්‍යාදී ගුණ තිබෙන බැව් ජේසුතුමාගේ මුඛයෙන්ම ප්‍රකාශ වී ඇත. මෙවන් ප්‍රකාශන සමුදායක් මුසුව ඡ්‍යොතිෂය සහ බයිබලය සදහටම දුරස්ථ කළ නොහැකි වෙන්නෙකි.

හෙරොද් රාජ සමයෙහිදී ජුසියාවේ බෙත්ලෙහෙම නගරයෙහි ගවලෙනක ජේසු උතුමාණෝ උපත ලද කල්හි ඡ්‍යොතිර්ශාස්ත්‍රඥයන් පෙරදිගින් පැමිණ ජෙරුසලමට සම්ප්‍රාප්ත වූයේ ය. යුදෙව්වරුනට රජව උපන් තැනැත්තානෝ කොයි දැයි ඔවුන් විමසුවේය. අපි උන්වහන්සේගේ තාරකාව නැඟෙනහිර දික්භාගයෙහි දැක උන්වහන්සේට නමස්කාර පිණිස පැමිණියේ යැයි තව දුරටත් ප්‍රකාශ කොට සිටියේය. ඡ්‍යොතිෂයයි කිතු උපතයි අතර සබැඳියාව බයිබලයෙහි සඳහන් වෘත්තාන්ත මත අසිරිමත් ලෙස සනාථ කෙරෙයි.

ජේසු බිලිඳාගේ ජම්මපත්‍ර විශ්ලේෂණය මෙසේය. රාහු, කේතු ඡායා ග්‍රහයන් දෙදෙනාට මැදි වූ කාල සර්ප යෝග බලැති බුධ හිමි කන්‍යා රාශියෙන් මීන නවාංශකයෙන් අඟහරුගේ 22 වෙනි මාරක දෙර්කාණාධිපතිගෙන් බ්‍රහස්පති බාධක ග්‍රහයාගෙන් ජම්මරාශිය පීඩා වී ඇති බවක් නිර්මාණයව පවතිනු ලැබෙයි. ගුණාත්මක වූ බුධ හිමි කන්‍යා රාශිය මනුෂ්‍ය ධර්මතාවයන් තුළින් පිරී ඉතිරී යන්නෙකි. ඤාණ කාරක බුධ 10 වැන්න කර්මස්ථානනයයි. ලග්නාධිපති මෙන්ම 12 අධිපති රවි බුධ සංයෝගය 04 වැන්න වූ ගරුක කර්මය විමර්ශනය කෙරෙන හතර බැව් පෙනෙයි. 04, 08, 12 මෝක්ෂ කෝණය ද වෙයි. බ්‍රහස්පති බාධක ග්‍රහයා ද 04, 07 අධිපතියාද වෙමින් 07 වැන්නේ ස්වක්ෂේත්‍ර මූල ත්‍රිකෝණව ද ශනි චන්ද්‍ර සමවද යෙදී ගුරු ශනි සංයෝගය 7 වැන්නේ ද නිර්මාණය වී ඇත. අඟහරුට 09 වැන්නේ කේතු චතුර්කෝණ දෘෂ්ටියද ශනි සංයෝගය 07 වැන්නෙහි යෙදීම බ්‍රහ්මචාරි දිවිය කෙරෙහි ද විද්‍යාමාන වූයේය. ගුරු ශනි යෝගය මහජන හිත සුව පිණිස දැඩිව ක්‍රියාත්මක වුවද තුන්වැන්නවූ වික්‍රමස්ථානගත නීච රාහු සමවූ සිකුරුගේ ද ත්‍රිකෝණ දෘෂ්ටියට බලපා ඇත. වෛර ද්වේෂ සහගත විඳ දරාගත නොහැකි සතුරු බලපෑමකට ජීවිතය පුරාවට බාධක බවක් ද මේ අනුව දර්ශනය වෙන්නෙකි. 05, 08 ස්ථානයකි. අඟහරු රෝග සතුරු වූ 06 වැන්නෙහි ද යෙදී 07 ග්‍රහචලනය නිවෘතවීමෙහි දී 03 වැන්නෙහි රාහු සිකුරු බලය හේතු සාධකව පැවතීම කිතු දහමෙහි පහළවීම මෙන්ම ශාස්තෲතුමාගේ ජීවිතය කෙරෙහි අරුබුද ගැටුම්කාරී බවක් නිර්මාණයයි. රාජ්‍ය ත්‍රාන්ත්‍රික බලවේගය 10 - 12 ස්ථානගත රවි බුධ ආධිත්‍ය යෝගය 04, 02, 09 ස්ථානාධිපති ඉරබටු තරුව නොහොත් රසකාමි සිකුරු සමව නීච රාහු සමඟ යෝගවී 03 වැන්න වූ වික්‍රමස්ථානගතව (07 වැන්න) ෂඩ්කෝණ දෘෂ්ටිය ද පාත්‍රවීම ජේසු චරිතය අසිරිමත් බ්‍රහ්මචාරී චරිතාපදානයකට බොහෝදුරට හේතු සාධකව ඇත.

ජනතාවගේ අන්ත දරිද්‍රතාවය, සාගතය, භීතිය, ත්‍රාසය, ශාංකාව, වහල්බව ක්ෂේත්‍රයන්ගෙන් මුදා ගැනීමේ ශක්තිය මෙන්ම ධෛර්යය ජේසු උතුමාණන්ට ජම්මලාභි කුසතා නිපුණතා වෙයි. දස පනත දේශනාකොට අනුගාමික පිරිස් යහමඟට ගැනීමේ උදාරතර ප්‍රායෝගික අප්‍රතිහත ධෛර්යයක් මෙන්ම උත්සාහයක්, උනන්දුවක් මෙතුමා වෙත විද්‍යමානවීම සමස්ත ලෝක සත්වයාටම යහපතට හේතු සාධක විය අතිපෞරාණික චාරිත්‍රයනට අනුකූලව මිසපොතෙනියාව හෙවත් බැබිලෝනියාව(වර්තමාන) ඉරාකය ආශි‍්‍රත වාසය කළ ගොපලු පිරිස් අතර ද ඡ්‍යොතිෂය භාවිත වූ බවක් ප්‍රදර්ශනය වෙන්නෙකි. ඡ්‍යොතිර්විද්‍යාවෙහි මූලාරම්භය ද ග්‍රහ සිද්ධාන්තය ද ගවේෂණය කළෝය. අතීතයෙහි දී පලාපල සමාලෝචනය බයිබලයෙහි පළමුවෙනි ගිවිසුමට අනුව හේතුවෙන්නේය.

“විද්‍යාඥයන්ගේ මෙන්ම ඡ්‍යොතිර්වේදීන්ගේ සුවිශේෂී අවධානයට තුඩු දෙන්නාවූ බෙත්ලෙහෙමේ තාරකාව ශුද්ධ මාතාවගේ ප්‍රකාශනයෙකි. පෙරදිග සිට පෙරුසලමට පැමිණි සෘෂිවරු තිදෙනෙකි. යුදෙව්වන්ගේ රජුවන්නට උපන් කුමරා කොහිද? අපි ඔහුගේ තාරකාව දුටුවෙමු යැයි පැවසූහ. හෙරොද් රජු එම තාරකාව පායා තිබූ කාලය පිළිබඳ විමසුවේය. රජතුමා සමඟ කතා බහ කර ඔවුන් ගමන් ගනිද්දී පෙරදිගද දුටු එකී තාරකාව ඉදිරියෙහි ගමන් ගත්තේය. බිලිඳා ජම්ම ලාභය ලැබූ ස්ථානයට තාරකාව පැමිණ නැවතිණි. මෙකී සෘෂිවරු තිදෙනා ජේසු බිළිඳාව නැමැද රත්රන් සුවඳලාටු කට්ටකුමංජල් සමඟ රැගෙන ආ පුද පඬුරු ද පිළිගැන්වූහ.

එසේම මෙම තාරකාව නෝවා තරුවක් බවට මතභේදයන් ද පවතියි. නෝවා තරුවක් ජීවිත අවසානයට පැමිණ සුවිශාල ආලෝක දීප්තියකින් බැබළී අවසන්වරට පුපුරායාමෙකී එනමුත් මෙවන් බෙත් ලෙහෙමේ තාරකාව නෝවා තරුව වූයේ නම් සුවිශාල ජනතාවකට දර්ශනය විය යුත්තෙකි. ශුද්ධ මතෙව් පමණක් වාර්තාකරණයක් බැවින් තාරකාව පිළිබඳ විමර්ශනය ඉදිරියටම සැලකිය යුතුව ඇත. ක්‍රි.ව. 5 වෙනි සියවසෙහි නෝවා තරුවක් පෑවූ බවට ද වාර්තාකරණයක් ඇත. එබැවින් බෙත්ලෙහෙමේ තාරකාව නෝවා තරුවක් නොවන බවද පිළිගත යුතුව ඇත. ධූම කේතුවක් වල්ගාතරුවක් බවට වෙනත් මතභේදයෙකි. හේලිගේ වල්ගාතරුව නමින් හැඳින්වෙන ධූම කේතුවක් ක්‍රි.ව. 12 දී පෑවූ බවට වාර්තාගතව ඇත. වල්ගාතරුව ජනතාව පී‍්‍රති ප්‍රමෝදයට පත් කෙරෙන නිමිත්තක් නොවන අතර, බියට, සංත්‍රාසයට පාත්‍ර කෙරෙන්නෙකි. වල්ගා

ක්‍රි.පූ. 07දී ග්‍රහ යුවළක් සමීපව දර්ශනය වී ඇත. මෙකී ශාස්ත්‍ර සුරගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සෙනසුරු ග්‍රහයාට සමීප විය. අපරදිග ඡ්‍යොතිර්විද්‍යාවේ ආරම්භකයා ලෙස සැළකිය හැකි ජොහැන්නස් කේප්ලර් ඡ්‍යොතිර්වේදියාගේ මතය ක්‍රිස්තු උපතට ආසන්නව අහසෙහි ගුරු, ශනි සංයෝගයක් දර්ශනය වූ බවයි. මෙම සංයෝගය ක්‍රි.පූ. 7 දී සිදුවූ බව පුරාවිද්‍යා නටබුන් අතර වූ මැටි පුවරු ලිපියකද සඳහන් වේ. මුල් මැයි 29 ද දෙවන වරට ඔක්තෝබර් 03 ද දෙසැම්බර් 04 අවසන්වරට ද මෙකී දර්ශනය යෙදී ඇත.

සෘෂිවරු තිදෙනා මැයි මස මෙකී දර්ශනය අනුව ගමනාරම්භය ද සැප්තැම්බර් අගදී බෙත්ලෙහෙමට ආශි‍්‍රතව ද දෙසැම්බරයෙහි අවසන්වරට බෙත්ලෙහෙම නගරයේදී මෙකී තාරකාව දර්ශනය වෙන විට ජේසු උපත සිදු වී ඇතැ යයි ද කල්පනා කළ හැකිවෙයි. මේ අනුව ක්‍රිස්තු උපත ක්‍රි.පූ. 07 සියවර්ෂයේ දී සිදු වී යයි ගවේෂණ විද්‍යාඥයන් ප්‍රකාශකොට ඇත. මෙකී ගුරු ශනි සංයෝග දර්ශනයට වර්තමානය තෙක් බලපාන බැව් ඊශ්‍රායල වාසීහු සම්ප්‍රදායිකව තීරණය කරයි. බෙත්ලෙහෙමේ තාරකාව ගුරු, ශනි යෝගයක් බැව් ඡ්‍යොතිෂයෙහි පිළිගත් මතයෙකි. සක්වල මානුෂික ප්‍රබල මෙහෙයුමක් කළා වූ අති උතුම් මෙකී නත්තල් සමයෙහි ජේසු සමිඳාණෝ ගෞරවාදරයෙන් සිහිපත් කරමු.

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.