වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
ඉහත සඳහන් කළ නක්ෂත්ර 27 ට අයත් වන රාශි සහ ඒ් රාශි 12 ට අයත් වන නක්ෂත්ර ප්‍රදේශ වල විශාලත්වය මෙම සටහන් 3හි දක්වා ඇත.මෙම නක්ෂත්ර සටහන් තුන...
2021-09-23 18:30:00
අපි බොහෝ දෙනා හොල්මන් නැතහොත් අවතාර ගැන අහන්න ආසයි. හැබැයි ඒවා සත්‍ය සිද්ධීන් වන්න ඕනෑ. ඒත් දකින්න කැමති නැහැ. ඒ කැමැති නැති නිසා නොවේ. භය නිසා...
2021-09-16 18:30:00
රාශි චක්‍රයේ රාශි දොළහට ඇතුළත් වන අංශක 360ක් වන හිරුගේ ගමනට සාපේක්ෂව කොටස් දොළහකට බෙදා ඇති ආකාරයටම පෘථිවිය වටා ගමන් ගන්නා සඳුගේ ගමන් මඟට පසුබිම් වන...
2021-09-09 18:30:00
2 වන රාශිය ධනය දක්වන සටහනකි. දෙවන රාශියට අමතරව 10, 11 රාශි ගැන අවධානය යොමු කළ යුතු ය. මූල්‍යමය සාර්ථකත්වය තව දුරටත් තහවුරු කර ගැනීමේ දී ගුරු සිකුරු...
2021-09-09 18:30:00
ඉතා සරල ලෙස ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය ඔබ වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම ලිපි පෙළ සකස් කර ඇත. ක්රිෂ්ණ මූර්ති පද්ධතිය යනු, පෙරදිග ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්...
2021-09-02 18:30:00
සෙත් කවි සැදීමේ දී මෙලෙස අදාළ අධ්යයනකරුගේ නැකැත බලා නැකැත පාදයට හිමි අකුර සෙත් කවියේ මුලට යෙදීම යහපත් වේ. උදාහරණ වශයෙන් ගතහොත් ‘මා’ නැකැතේ ප්...
2021-09-02 18:30:00
මෙරට සමස්ත සර්පයන්ගේ සිරුරු පොදු ස්වරූපයක් ගනියි. සිලින්ඩරාකාර දිගු ශරීරයකින් යුක්ත වේ. නිසි ගෙල, කඳ එකම ස්වභාවයක් ගනියි. එම අංග වෙන් වී පිහිටීමක්...
2021-08-26 18:30:00
කෙනෙක් සමාජයක් හෝ දෙයක් සම්බන්ධව ඇති වන කිල්ල ගැන නියම කාලය තුළදී විය හැකි අනිටු විපාක වළක්වා ගැනීමට නම් නියමිත චාරිත්‍ර විධි පැවැත්විය යුතුයි. ශරීරය...
2021-08-19 18:30:00
මෙලොව ජීවිතයට යස ඉසුරු ළංකර ගැනීමත්, ලෙඩ රෝග සුවකර සෙත ශාන්තිය උදාකර ගැනීමත් නා නා මාදිලියේ ඕනෑ එපාකම් ඉෂ්ඨ සිද්ධ කර ගැනීමේ අදහසින් මලින් , දුමින් ,...
2021-08-12 18:30:00
උපන් මොහොතේ පටන් අපි සංඛ්‍යා සමඟ ජීවත්වෙමු. ජීවිතයට අදාළව සංඛ්‍යා වැදගත් වේ. ඒ අනුව උපන් වර්ෂයට, මාසයට සහ දිනයට අදාළව ජීවන අංකය සොයා ගත යුතුය....
2021-08-12 18:30:00
මෑතක සිට ලංකාවේ ලිංගික අපචාර(ඉඥය චඡභඵඥ) හෝ අපයෝජන නැත්නමි ලිංගික අපරාධ වල වර්ධනයක් දක්නට ලැබෙන අතර ඒවා බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්වල...
2021-07-29 18:30:00
ග්‍රහයෝ මඟින් විවිධ දෑ නිවේදනය කෙරෙති. උදාහරණයක් වශයෙන් රවි හෙවත් සූර්යයා මඟින් පියා, රාජ්‍යය, ඊශ්වර දෙවියන්, පද්මරාග මැණික, අහස්යානය, නිකල් ලෝහය....
2021-07-22 18:30:00
තම ලග්න කේන්දරයට අනුව තමාගේ දියුණුවට අතහිත දෙන ග්‍රහයන් හඳුනා ගැනීම ඉතා අත්‍යවශ්‍ය වූවකි. ඒ අනුව ලග්න කේන්දරයකට ශුභ ඵල දෙන ග්‍රහයන් දෙදෙනෙක් හෝ...
2021-07-22 18:30:00
ස්කන්ද කුමරු ශිවගේ ලලාමාක්ෂියෙන් නිකුත් වූ ගිනිපුපුරු සයකින් උපන් බව එක් දේව කතාවකින් කියවේ. අග්නි විසින් ශිව දෙවියන් විසින් නිකුත් කළ ගිනි පුපුරු...
2021-07-22 18:30:00
සැප සම්පත් සහ සුවයද දරුඵල සහ ජය ශ්‍රී සතුටද දෙන තෙමඟුල් උත්සාහයද, ඇතිකරන ගිය දැයෙහි කර්මපල පවසන නොයෙක් සැපදෙන කුල යසස හා ආයු වැඩිකරණ නපුරුතම උවදුරු...
2021-07-15 18:30:00
මැණික් ප්‍රතිකාර ක්‍රමයට වඩා ජන්මීන්ට අපල කරන ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට සාත්තු සප්පායම් කිරීමෙන්ද ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට එකී ග්‍රහයන්ට අයත්...
2021-07-15 18:30:00