වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
ඵලාපල පැවසීමේ දුර්මත
මැයි 7, 2021
මගේ අනාගතය කෙබඳු වේද තමාට මුහුණ පෑමට අනාගත දුක් කරදර කෙසේ වේවිද වාසනාවන්ත කාලයන් උදා වේද නැද්ද? යනාදී මනෝමය සිතුවිලිවලින් මනස අන්තයටම ප්‍රශ්න වැලකට පටලැවී සිටින විට ඡ්‍යොතිෂවේදියකු වෙත තමාගේ කේන්ද්‍රය බලවා ගැනීමට ඔහුගෙන් හෝ ඇයගෙන් කියැවෙන ඡ්‍යොතිෂ අනාවැකි ගැන ඉමහත් නොඉවසිල්ලකින් පසුවන බැව් පෙනේ.
මෙවැනි අවස්ථාවකදී ඔහුව බියගන්වන කරුණු පැවසීම නිසා තව තවත් බියට පත්වනු නියතයි. තමා හෝ තමාගේ නෑයකුගේ කේන්ද්‍රය පරීක්ෂා කිරීමට යනුයේ යම් කිසි අපලයක් තිබේ නම් එයට නිසි වත් පිළිවෙත් ශාන්ති කර්ම කර ගැනීමේ මූලික අරමුණකිනි.
මේ එක් අනාවැකියක් තමාගේ කේන්ද්‍රය බලපවත්වා ඇත්තේ ඔහු සතු සියලුම දේපළ අහිමි වී තමා ඇඳි වත පමණක් ඉතිරි වී මහා මඟට වැටෙන බවකි. ඔහු වෘත්තියෙන්ම වෙළඳ ව්‍යාපාරිකයෙකි. හොඳ මූල්‍යමය පසුබිමක් ද හිමිය. මේ ගැන අධික ලෙස මානසික කුකුසකට පත්ව දිවයිනේ වෙනත් උගත් පළපුරුදු අත්දැකීම් ඇති ඡ්‍යොතිෂවේදියෙකු ළඟට ගියේය.
එතුමා කේන්ද්‍රය මැනවින් ගැඹුරින් පරීක්ෂා කර එකී අනාවැකිය වහාම ප්‍රතික්ෂේප කරන ලදී. තවත් හිමිනමක් පවසා ඇත්තේ ඊටත් වඩා බියකරු අනාවැකියකි. විවාහයේදී තමාට ලැබෙන කුලුඳුල් දරුවා බඩේදීම මිය යන වගකි.
එපමණක් නොව සැමියා ද හදිසියේ අනතුරකින් මිය යන අතර, තමාගේ ආත්මයට බියකරු භූතාවේෂයක් ආරූඪ වී දුක් විඳින තැනට පත්වන වගකි. පළමුව සඳහන් කළ ඡ්‍යොතිෂවේදියා මේ ගැන ගැඹුරින් බලා එවැන්නක් කිසිසේත්ම නොවන වගත් පවසා තිබේ.
මෙහි අවසන් ප්‍රතිඵල ගැන ඔබ සිතන්නේ කුමක්ද දහස් ගණනක් වැය කර යන්ත්‍රයක් බැඳීමෙන් සියලු අපල දෝෂ නැතිවී ශාන්තිය වහා ලැබෙන බවකි.
දෙනෙතින් කඳුළු ගලා එමින් ඇය පවසා ඇත්තේ හිමි නමගේ අනාවැකිය පැවසූ මොහොතේ සිට ඒ දක්වාම මැරී මැරී ජීවත් වූ බවකි. මෙවැනි අය වෙතට යෑම තමන් පෙර ආත්මවල කරන ලද අකුසල නිසා යැයි ද වරෙක සිතේ.
ඡ්යොතිෂ්ශාස්ත්රයේ මූලික පදනම වන්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථකව ගෙන යාමට උපදෙස් දීමෙකි. එසේ නැතිව ඔහු දෙලොවක් අතරට අතරමං කිරීමක් නොවේ.
ඉහත දැක්වෙන බොහෝ අනාවැකි පවසන්නේ තම තමන් විසින් බැසගෙන ඇති පූර්ව නිශ්චිත නිගමනයක් නිසා බැව් පෙනේ. එබඳු පූර්ව නිගමන අතුරෙන් වඩාත් සුලබ වූ නිගමන මෙසේ දක්වමු.
ශනි ඒරාෂ්ඨකය අපලය හැම විටම දරුණු අපල ගෙන දේවි. කාලසර්ප යෝගය ඉතාම අවාසනාවන්ත පිහිටීමකි. කුජ 7 හෝ 8 පිහිටීම සැමියාගේ හෝ බිරිඳගේ මිය යෑමට හේතුවකි.
හතර කේන්ද්‍රය පාළුවීම මහා අවාසනාවකි. රාහු හෝ ශනි 7 හෝ 8 සිටීම විවාහ කඩා වැටෙන හෝ අසාර්ථක වන්නකි.
රාහු කුජ ශනි 5 සිටීමෙන් දරු සම්පත් අහිමි වේ. රාහු 1 වැන්නේ ඔළුව නරක් කෙරේ.
ඉහත සඳහන් එක් එක් කරුණු ගැන එකවරම තීරණයක් නොගෙන පරීක්ෂා කර බැලිය යුතුවේ. මෙවැනි දෑ පවසමින් සේවාදායකයා බිය ගැන්වීම ඡ්‍යොතිෂ විද්‍යාවට කරන අතිශය, නිගරුවකි. පොතේ සඳහන් අයුරින්ම එය එසේ සිදු නොවේ.
1942.12.08 උපත ලත් මොහු පරිපාලන සේවයේ තනතුරු දරා විදේශගත වී සිට වාසනාවන්ත විවාහයක් ගෙවමින් වාසනාවන්ත උගත් දූ පුතුන් හිමි අයෙකි. මෙවැනි ජන්ම පත්‍ර ඕනෑතරම් තිබේ. රාහු 7 වැන්නේ පිහිටීම විවාහයකට අයහපත් බවත් සැලකුව ද බොහෝ දෙනෙකු යහපත් යුගදිවි ගත කරන බවට සාධක ඇත.
මෙම බටහිර වෛද්‍යවරයා අගනුවර ආසන්නයේ රාජ්‍ය සේවයේ යෙදී සිටින අතර යුගදිවිය වාසනාවන්තව දරුවකු සමඟ යෙහෙන් කල්පනා කරයි. රාහු 7 සිටින අයෙකුට රාහුම 7 සිටිය යුතු යැයි ද මතයක් පවතී. එහි සත්‍ය අසත්‍යතාවය පර්යේෂණ හරහා ඔප්පු කර ගැනීම වැදගත්ය. තවද ශනි 7 සිටින විට ශනි හතේම සිටීමත් විවාහය බොහෝ විට ප්රමාදවීමත් සිදුවන බවට පෙනේ යැයි මනසක් ඇත.
එය එසේම සිදු නොවේ. ශනි කුජ රාහු 5 වැන්නේ සිටීම දරුඵල නැති කරන යෝගයක් යැයි ද තවත් මතයකි. මෙවන් ග්‍රහ හැසිරීම් රටාව පිළිබඳව එකවර තීරණ කිරීමටත් අනාවැකි පැවසීමත් විශාල විනාශයකි. විවාහ වීම නොව විවාහය දිවි ඇතිතෙක්ම පවත්වාගෙන යාම ගැන ගැඹුරින් පිරික්සා බැලිය යුතුයි. වත්මන්හි සිදුවන දික්කසාදයන්ට මෙවන් ග්‍රහ පිහිටීම් හේතුකාරක වන්නේද යන්නත් ප්රශ්නයකි. ඉවක් බවක් නැතිව ක්ෂණික තීරණ මත අත්සනට පමණක් සීමාවී විවාහය කඩාකප්පල් කරගන්නා පිරිසක් ඇත්තේය. සාම්ප්‍රදායිකව එන පොරොන්දම් ලකුණු මතම සියල්ලම යැපෙන්නට යෑම ද එක්තරා අවාසියකි.
එක ග්‍රහයෙක් එක කොටුවක සිටි පමණින්ම බියකරු අනාවැකි පැවසීමෙන් වන හානිය සුළු පටු නොවේ.
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී දේශබන්ධු
ටී.හෙන්රි
෴ සබැඳි ලිපි ෴
සූර්යයාට පමණක් කුඩා වූ තරුව ගුරු තරුවයි. රශ්මිය පැතිරීම ද සූර්යයාට පමණක් දෙවෙනි වෙයි. එහෙත් සිකුරු තරුව මෙන් දීප්තිමත්ව නොපෙනේ. ප්‍රමාණයෙන් පෘථිවිය...
2021-07-15 18:30:00
කන්‍යා රාශිය කිව්වේ මේෂ ලග්නයෙන් ආරම්භ කළාම හයවැනි රාශිය. මේ රාශියන් මිථුන රාශියත් අයිති බුධ ග්‍රහයාට. බුධ කිව්වේ බුද්ධියට අධිපති ග්‍රහයා බව නැවතත්...
2021-07-08 18:30:00
සුබ දිසාවන් හඳුනා ඒ ඒ පිළිවෙළට ක්‍රියාකාරකම් සිදුකර යහපත් දිවියකට මඟ පාදාගන්න කැදැල්ල මනරම්ව තනා අවසානයේ සොඳුරු සිහින දකිමින් කැදැල්ලට ගොඩවදින...
2021-07-08 18:30:00
පුද්ගලයෙකු මෙළොවට බිහි වී නිසි අඟ පසඟ හිමිව නිසි අධ්‍යාපනයක් ලබා යෝග්‍ය රැකියාවක නිරත වී යුගදිවියට ඇතුළත්ව වාසනාවන්ත දූ දරුවන් ලබා කාලයකින් ඇවෑමෙන්...
2021-07-08 18:30:00
කිසියම් ජන්මියෙකු මීන ලග්නයෙන් ජන්ම දායාදය ලබමින්, මීන රාශිය සිකුරු ග්‍රහයාගේ උච්ඡ ක්ෂේත්‍ර රාශියද වන නිසා ඒ මොහොතේම ලග්නයේ අනෙකුත් ග්‍රහයන්ගෙන්...
2021-07-01 18:30:00
කුජ ග්‍රහයා හැඳින්වීමට බොහෝ ඡ්‍යොතිෂවේදීන් නම් කිහිපයක් ම භාවිතයේ දී යොදා ගනී. කොහොම භාවිතා කළත් කුජ කියන විට ඇඟ කිලිපොලා යන ගතියක්, සිතට බියක්,...
2021-06-24 18:30:00
අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බසත්තුන්තමස්ස ගුණ සාගරස්ස තෛ්රලොක තිලක ප්රදීපායමානි වූ උපමා විෂයාතික්‍රාන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සකල සත හිත...
2021-06-17 18:30:00
11 ශු උදේ 08.31 සිට උදේ 08.43 දක්වා12 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා13 ර උදේ 09.07 සිට උදේ 09.34 දක්වා14 ච උදේ 06.57 සිට උදේ 07.07 දක්වා15 කු උදේ 05...
2021-06-10 18:30:00
වාහනයක් හිමිකර ගැනීම කවරෙකුගේ වුවද සිත තුළ පවතින තදබල අපේක්ෂාවකි. වාහනයක හිමිකම ඔබට ඇත්දැයි විමසා බැලීමේ දී කේන්ද්‍රයේ හතර වැන්න හා සිකුරු ග්‍රහයාගේ...
2021-06-03 18:30:00
කන්‍යාව කියන කොටම ඔබට මට අහිංසකත්වය සිහියට එනවා. ඒ වුණාට කන්‍යා ලග්න ලාභීන් ගැන එහෙම්ම හිතන්න එපා. ඒ කිව්වේ ඒ අය නරකයි කියලද? එහෙම නැහැ. මේ සෞරග්‍රහ...
2021-06-03 18:30:00
මුළු ලෝකයටම ඇති ප්රමුඛ පෙළේ තර්ජනයක් තමයි මේ කොරෝනාව. මෙවැනි වසංගත විශ්වය පාලනය කරන සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ කිරණවල බලපෑම්, රටේ සෘතු ගැන යමක් කිවුවොත්...
2021-05-27 18:30:00
එකල ඉන්දියාවේ ආගම් හා, කුල භේදයන්ගෙන් පිරී ඉතිරි ගොස් තිබිණ. ඊට අමතරව යාග, හෝම,බලි,බිලි,ඇදහීම් ආදිය ද නො අඩුව තිබිණි. ප්‍රඥාවන්තයින්ට වඩා අඥාන මිනිසා...
2021-05-20 18:30:00
ආගන්තුක විෂබීජය ශරීරගත වුවොත් ලේවල ඇති සුදුරුධිරාණු සටන් කරන්නට පටන් ගන්නවා. මෙම විෂබීජය පරාජය කිරීමට දෙවර්ගයම විනාශ වන අතර දකින්නට ලැබෙන්නේ විශාල...
2021-05-20 18:30:00
ඍෂිවරුන් විසින් ආදර්ශමත් ගුණධර්ම සිරිත්විරිත් චාරිත්‍ර ආදී දැනමුතුකම් ලියා තබන ලද්දේ යහපත් දිවිපෙවෙතක් ගෙවමින් සමාජයට ආදර්ශමත් වීමටය. එම ග්රන්ථයන්...
2021-05-13 18:30:00
වෘෂභ ලග්නයට ලග්නාධිපති සිකුරු හයවැන්නද අධිපති බැවින් සම ඵල උදා කරයි. රවි සතරවැන්න අධිපති වීමෙන් පාපියෙකුට කේන්ද්‍රස්ථානයක් හිමි වීමෙන් රවි බලවත් වේ...
2021-05-13 18:30:00
රාජ ආශ්චර්යයෙන් අගතැන්පත්ය. ගරුගාම්භිරයිමකරය කුජ ග්‍රහයාගේ උච්ච රාශියයි. මෙහිදී මේෂය වෘශ්චිකය. ස්වක්ෂේත්ර රාශි දෙක වශයෙන් සඳහන් කළ හැකිය. ජන්ම...
2021-05-13 18:30:00