රාජ යෝග

ජනවාරි 22, 2021

මේෂ, සිංහ, තුලා, කන්‍යා හා කුම්භ යන රාශි සමූහයේ සියලුම ග්‍රහයින් පිහිටීම රාජ යෝගයකි.

මිථුන, කටක, ධනු, කන්‍යා, හා මීන රාශිවල සියලු ග්‍රහයින් සමූහය යෙදීම රාජ යෝගයකි.

ලග්නය කන්‍යාව වී බුධ, සඳු, ගුරු හිද කුජ පස්වැන්න වීම.

ලග්නය මේෂය වී ගුරු, ශනි, සඳු හා රවි හත්වැන්න යෙදීම.

මීන ලග්නය වී ජන්මපතෙහි දහවැන්න රවි ලග්නය යෙදී බුධ, කුජ යෙදීම රාජ යෝගයකි.

1,2,3,4,5,7,9 යන භාවවල එක් එක් ග්‍රහයා බැගින් වීම රාජ යෝගයකි.

සියලුම ග්‍රහයින් ධනු, කුම්භ, මිථුන, සිංහ, මීන, වෘෂභ යන රාශිවල යෙදීම රාජ යෝගයකි.

ලග්නය මේෂය වී හතේ සඳු නවයේ ශනි හා රවි ලග්නස්ථානයේ වීම ද රාජ යෝගයකි.

වර්ගෝත්තම වූ ග්‍රහයින් සිව්දෙනා වර්ගෝත්තම සඳු දැකීම දුර්ලභ රාජ යෝගයකි

මීන ලග්න ජන්මපත්‍රයක එකේ ගුරු දහවැන්නේ රවි, සඳු, ශුක්‍ර ද එකොළොස්වැන්නේ කුජ යෙදීම ද රාජ යෝගයකි.

මේෂ, මිථුන, තුලා, මීන රාශිවල සියලුම ග්‍රහයින් තැන්පත්වීම ද රාජ යෝගයකි.

මේෂ, වෘෂභ, මීන, තුලා රාශිවල රවි ආදි සියලුම ග්‍රහයින් යෙදීම ද රාජ යෝගයකි.

මකර ලග්න කේන්දරයක (ජන්මපතක) 1,6,9,12 භාවවල පිළිවෙළින් සඳු, කුජ, බුධ, ගුරු යෙදේ ද, සඳු කුජ සමඟ දෙවැන්නේ රවි, චන්ද්‍ර, කිවි හෝ එකොළොස්වැන්නේ කුජ ද යෙදීම රාජ යෝගයකි.

ධනු ලග්න කේන්දරයක රවි බලවත්ව පිහිටීම යහපත් විවාහයකි. ධන නිදානයක් වැනි වේ. නමුත් ලෝභී අයෙකු නිසා මුදල් තණ්හාවෙන් යටි මඩි ගහයි.

නවවැන්න අධිපති ග්‍රහයා එක, හතර, පහ අධිපතුයකු සමඟ යෙදීම බලවත් නීච භංග රාජ යෝගයකි.

ලග්නාධිපතිව නවවැන්නේ සිකුරු අධිපති වී එකිනෙකාගේ කේන්ද්‍රස්ථානවල (1,4,7,10) යෙදීම නීච භංග රාජ යෝගයකි.

ලග්නාධිපති උපචය ස්ථානයන්හි පිහිටා සඳු නවවැන්න පිහිටා ශුභ ග්‍රහයින් කේන්ද්‍රස්ථානවල පිහිටීම රාජ යෝගයකි.

එක, දෙක, තුන, දහය ,එකොළහ, දොළහ භාවයන් කිහිපයකටම සියලු සුබ ග්‍රහයින් යෙදීම රාජ යෝගයකි.

ලග්නයෙන් තුන්වැන්න, එකොළොස්වැන්න ග්‍රහයින් උච්චවීම, ස්වක්ෂේත්‍රවීම ලග්නය කුම්භ වී මේෂයේ රවි උච්ච වීම, කන්‍යා ලග්නයෙන් ජනිතව කුජ වෘශ්චික රාශිගතවීම රාජ යෝගයන් ය.

උපන් ලග්නයෙන් තුන්වැන්නේ හා එකොළොස්වැන්නේ ග්‍රහයින් උච්චව හෝ ස්වක්ෂේත්‍රව පිහිටීම රාජ යෝගයකි.

ජන්ම පතක දහවැන්න මකරය වී කුජ එහි පිහිටීම

පස්වැන්නේ සඳු, ගුරු යෝගයක් හෝ උච්ච ග්‍රහයින් යෙදීම නිසා හොඳ විවාහයක්, ලස්සන අධ්‍යාපනයක් මෙන්ම දක්ෂ දරුවන් ද බිහි වේ.

කේන්ද්‍රයෙහි ත්‍රිකෝණ ස්ථානාධිපති යෝග, පංච මහා පුරුෂ යෝග.

පහ,හතර අධිපති සංයෝග රාජ යෝගයන්ය.

සඳු,රවි සංයෝගය ඉතා යහපත් වේ.

රවි, බුධ සංයෝගය යහපත් වේ.

බුධ, සිකුරු, සංයෝගය

ගුරු, ශනි සංයෝගය කරදර සහිතය වේ.

ගුරු, රවි සංයෝගය

සිකුරු, බුධ සංයෝගය

බුධ, සඳු සංයෝගය

නීච භංග රාජ යෝග

විපරීත රාජ යෝග 6,8,12 අධිපතියන් සමඟ එම ස්ථානවලින් එකක පිහිටීම

පරිවර්තන විපරීත රාජ යෝග – පහ, අට, දොළහ අධිපතීන් ස්ථාන මාරු කරගෙන යෙදීම

ධර්ම කර්මාධිපති රාජ යෝග – නවය, දහය, අධිපතින් සංයෝගය

ලග්නයෙන් එකොළොස්වැන්න තුන්වැන්න ස්වක්ෂේත්‍ර උච්චව යෙදීම

එක, හතර, පහම, දහය අධිපතින් සමඟ සබඳතාවක් ඇතිවීම.

දහවැන්න සෙනසුරු හා අඟහරු ද සඳු පස්වැන්නේ ද රවි මේෂයේ යෙදීම ද යහපත් වේ. සාර්ථක විවාහයකි. ජය වේ. නිවාස ලබයි. ග්‍රහයින් තුන්දෙනෙකු හෝ වැඩි දෙනෙකු උච්ච නවාංශකයක වීම

සියලුම ග්‍රහයින් මේෂ, වෘෂභ, මිථුන, යෙදීම ද යහපත් වේ.

ජන්ම පත්‍රයක, කුජ, බුධ, ශනි පස්වැන්නේද මකර රාශිය වී එකොළොස්වැන්න කටකය වීම

ලග්නයෙන් තුන්වැන්න එකොළොස්වැන්න ස්වක්ෂේත්‍ර බලයෙන් උච්ච වී යෙදීම යහපත් වේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.