වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
පෙරළි රැසක් ඇති කරමින් ග්‍රහලොව මහරජු බුධ හිමි මිථුනයට
2019 ජුනි 15 වෙනි ශනි දින සවස සිංහල පැය 28.40 න් බුධ හිමි මිථුන රාශිගතවන රවි ජූලි මස 16 දින දක්වා එහි ගමන් කරන අතර ඊට පෙර රාහු ද අඟහරු ද බුධ ද පිළිවෙළින් මිථුන රැසට පිවිස ගමන් කරන අතරම ජුනි 21 දින බුධ කටකයටද, ජුනි 22 දින කුජ කටකයටද ගෝචරවන අතර ජුනි 29 දින සිකුරු මිථුන රැසට පිවිසෙනු ලබයි. ‘මුව දෙක අද, පුනවස් තුන මිථුන රැස කීවාසේ අඟහරු හිමි මුවසිරස නැකතේ 3 - 4 පාදත් රාහු හිමි අද නකත හා ගුරු හිමි පුනාවස නැකතේ 1, 2, 3 පාදත් යන නැකත් පාද 9 ත් මිථුන රැස සම්පූර්ණ කරයි.
රවි, මිථුන රැසට ප්‍රවේශ වන විට ගුරු හා ශනි වක්‍ර ගමනේ යෙදෙන අතර, ජුනි 21 දින නෙප්චූන් වක්‍ර වේ. ශ්‍රී ලංකා කේන්ද්‍රය කුම්භ රැසට හිමිකම් කියන අතර නෙප්චූන්ගේ වක්‍රය සිදුවන්නේ එකී කුම්භ රාශියේ වීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව තිබේ. එසේම වෘශ්චික රාශියේ වක්‍රව ගමනෙහි යෙදෙන ගුරු නිවෘත වන්නේ අගෝස්තු 11 වෙනි දිනයි. කුම්භ ලග්නාධිපති සෙනසුරු නිවෘත වන්නේ සැප්තැම්බර් 18 දින ධනු රැසෙහිය. කුම්භ රැසෙහි වක්‍ර වන නෙප්චූන් නොවැම්බර් 27 වෙනි දින නිවෘත වේ.
රවි මිථුන රැසට ප්‍රවේශ වන තත්කාල ලග්නය වෘශ්චිකය වන අතර නවාංශකය ද වෘශ්චික වේ. තත්කාල ග්‍රහ පිහිටීම් අනුව සඳු, ගුරු ලග්නයේද ශනි, කේතු දෙවැන්නේ ද, නෙප්චූන් සිව්වැන්නේ ද, යුරේනස් 06 වැන්නේ ද, සත්වැන්නේ සිකුරු හා අටවැන්නේ රවි, බුධ, කුජ, රාහු ද වේ. පවතින ග්‍රහ තත්ත්වය සැලකිල්ලට ගත්කල වෙළහෙළදාම් කටයුතු දියුණු වේ. ආර්ථිකය යහපත් අතට හැරේ. සංවර්ධන කටයුතු බාධක මැද්දේ වුවද සාර්ථකව කරගෙන යාමට හැකිවේ.
පසුගිය කාලයේ පැවති භීෂණ තත්ත්වයන් පාලනය කර ගැනීමටත් හැකි වේ. රාජ්‍ය ආරක්ෂක කටයුතු තව තවත් තර කෙරේ. රජයේ මැති ඇමැති වෙනස්කම් ඇති කෙරෙන අතර හදිසි මැතිවරණයකටද ඉඩ සැලසේ. සර්වාගමික සමුළුවක් සම්බන්ධව කතිකාවක් රජයේ මැදිහත්වීමෙන් සිදුවීමට ඉඩ ඇත. මහා මාර්ගවල වාහන පදවන්නන් පරිස්සම්වීමට වගබලාගන්න. මාර්ග අනතුරුවල වර්ධනයක් පෙනේ. පාරිසරික හේතු නිසා සෞඛ්‍යයට බාධා ඇතිවේ.
විෂ සහිත ආහාර පාන පරිභෝජනයෙන් වළක්වාගන්න. 2020 ජනවාරි වනතුරු විෂම ග්‍රහචාරයක් පවතින බැවින් තම තමන්ගේ ආගමික පසුබිමට බරව කටයුතු කොට දියුණුව සලසා ගන්නට වෑයම් කරන්න. සැමට සුබසෙත.
ඡ්‍යොතිෂවේදී
කේ.එච්. ධනපාල