වෙසක් දිනයේ ගුරු සමඟ යුද්ධයෙන් සිකුරුට ජය ලෝකයම නැවුම්බවින් පිරෙයි

මැයි 17, 2024

 

වෙසක් මස පුර පසළොස්වක යෙදෙන 23 වැනි දින පස්වරු 2.00ට කන්‍යා රාශියේ මකර නවාංශකයේදී සුර ගුරු හෙවත් බ්‍රහස්පති සමඟ කලාකාමී සිකුරු යුද වදී. එයින් සිකුරු ග්‍රහයා විජයග්‍රහණය කරයි.

බ්‍රහස්පති, සිකුරු ග්‍රහයන් දෙදෙනා බ්‍රාහ්මණ වංශික වෙයි. මෙම ග්‍රහයන් දෙදෙනා සෞම්‍ය ග්‍රහ යුවළකි. බ්‍රහස්පතිගෙන් ලෝකෝත්තර ජීවිතද සිකුරුගෙන් ලෞකික ජීවිතද විවරණය කෙරෙයි.

මේ ග්‍රහ යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස ත්‍රිවිධ හමුදාවේ පාලන කාර්යයන් ශුභවාදි වෙයි.

ලොව පුරා සියලු අංශ නවීකරණයකට පාත්‍රවෙයි. නවීනතම සොයා ගැනීම්, නිෂ්පාදන ධාරිතාව, ශීඝ්‍රගාමී බවකට පාත්‍රවෙයි. ඇඳුම පැලඳුම, ආහාර පාන ඇතුළු දෛනික ක්‍රියාකාරකම් නවතාවයෙන් ඉහළටම යයි. ද්විපාද, චතුෂ්පාද, බහු පාද සත්ත්ව කොට්ඨාස එක හා සමාන වර්ධනයකින් ද පැවැත්මෙන්ද එක සමාන වෙයි. ඌණ සංවර්ධිත රටවල ආදායම් මාර්ගයන්හි පසුබැස්මක් නිර්මාණය විය හැකිය. මානව හිතවාදී පැවැත්ම තහවුරු වෙයි. සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය වැඩිදියුණු වෙමින් භවභෝග සැප සම්පත් ගලා එන බවක් විද්‍යමාන කෙරෙනු ඇත. 01, 05, 09 කාමකෝණය විකෘතිවීමද පාපකර්තරී වීමද ප්‍රබලව යෙදී ඇති බැවින් හදිසි තීරණ තීන්දුවලින් තොරව කටයුතු කිරීම සුබදායකය.

 

මේෂ රාශිය

උත්සාහය, උනන්දුව මත පවුල් ජීවිතය ද අනාගතයද බොහෝ දුරට සාර්ථක බවකට දෘෂ්‍යමාන වෙයි. එහෙත් 02,06,10 භාවස්ථාන ආශි‍්‍රතව ආර්ථිකමය දුෂ්කරතාවයන් විද්‍යමාන කෙරෙන බැවින් දෛනික ජීවිතයෙහි ආකූල ව්‍යාකූල බවක් පෙනීයයි.

වෘෂභ රාශිය

දස වැන්නෙහි පංචමහා පුරුෂ යෝග අතරින් සසයෝග බලය කර්මස්ථානගතවීමෙන් බොහෝදුරට ග්‍රහ අගුණ මර්දනය වීමක් පෙනී යන්නේය. එහෙත් 01,05,09 පාප කර්තරී වී යාම ද රෝග සතුරුකරදර පවතිනු පෙනී යන්නේය. අවහිර බාධක ද පවතියි.

මිථුන රාශිය

බාධක අවහිර මැඬගෙන ඉදිරියටම ක්‍රියාකරලීමෙහි ධෛර්ය, ශක්තිය යෙදී ඇත. දියුණුවක් ද ලබා දෙයි. එහෙත් පදිංචියෙහි තරමක කරදර බලපායි. රැකියා ආදායම් මාර්ගයන්හි ගැටලු මතුකෙරෙයි.

කටක රාශිය

යම් යම් ආරම්භක කටයුතු ප්‍රබලව කෙරුණ ද පදිංචිය, රැකියා ආදායම් මාර්ග ආදියේ සතුරු දායකබවක් ගනු ලබයි. ලැබීම් මාර්ගයන්හි ප්‍රබල බාධක අවහිර දුෂ්කරතා දුරු කෙරෙනු ඇත.

සිංහ රාශිය

පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය ක්‍රියාත්මක වුව ද මෙතෙක් ජීවිතයෙහි ගමන්ගත් ගමනට වඩා බාධක අවහිර දුෂ්කරතා බලපානු පෙනෙයි. එසේම කර්මස්ථානයේ දුර්වලතා බලපවත්වන බැවින් පින් දහමේ යෙදෙන්න.

කන්‍යා රාශිය

අයස්ථාන වන 11 වැන්න සහ 2 වැන්න ශුභවාදීව ධන සම්පත් ලබා දෙනු පෙනී යයි. එහෙත් භාග්‍යස්ථානය වූ 09 වැන්න 01 , 05 , 09 ත්‍රිකෝණ පාපකර්තරී බවෙන් ඉතාම දුර්වල බවක් මතු කෙරෙයි. 10 වැන්න වූ කර්ම ස්ථානය ඉතාම දුර්වල වෙයි. පින් දහමේ යෙදෙන්න.

තුලා රාශිය

රවි ගුරු පාපකර්තරීව යෙදී ඇති ග්‍රහයන් අතර සිකුරුද දුර්වල බවක් උසුළයි. 08 වැන්නවූ මෘත්‍යු ස්ථානගතව 04,08, 12 බලවත් පාප කර්තරී බවට ද පාත්‍රව ඇත. සිකුරු ගුරු අධි පීඩනයට තුඩු දී ඇත. මේ දෙසතිය තුළ පුණ්‍ය ක්‍රියාවල නිරත වීමට සිත් දෙයි.

වෘශ්චික රාශිය

සිවු වැන්නෙහි සසයෝග බලයෙන් සම්පත් ලැබුණ ද 07 වැන්න 03 සහ 11 වැන්න වූ කාමකෝණය බලවත් පිරිහීමකට මෙන්ම දැඩි පාපකර්තරී බවකින් දුර්වල වී ඇත. 04,12 වැන්න ශනි චන්ද්‍ර ත්‍රිකෝණ බල ඉතාම දුර්වලව යෙදී ඇත. එබැවින් පෙර පින් මතු කර ගැනීමට උනන්දු වන්න.

ධනු රාශිය

චිත්ත ශක්තිය ප්‍රබලව යෙදී ඇත. එහෙත් 02,04,06,10 ස්ථාන දුර්වලව මෙන්ම 06 වැන්නවූ රෝග සතුරු ස්ථානය ආශි‍්‍රත ගුරු ශුක්‍ර අධි පීඩනකාරි බවට පාත්‍රවී ඇත. 01 - 04 භාවස්ථාන අතිශය දුර්වල බවට තුඩු දී ඇත. මේ අනුව 03,07,11 ත්‍රිකෝණය ඒරාෂ්ටක බවට තුඩු දී ඇත. කෙසේ වුවත් ආගමානූකූලව හැසිරීමෙන් සහ හදිසි තීරණ නොගැනීමෙන් මේ දෙසතිය තුළ ජීවිතය සාර්ථක මඟට ගත හැකිය.

මකර රාශිය

02 වැන්න වූ ධනස්ථානය ආශි‍්‍රතව සතුටුදායක බවක් යෙදී ඇත. සමාරම්භක ක්‍රියාවන්හි සාර්ථකබවක් ගෙන දෙනු පෙනී යන්නේය. එහෙත් 05 වැන්නෙහි රවි ගුරු ඉතාම දුර්වලව යෙදී ඇත. 01,05,09 ග්‍රහ පාපකර්තරී බවෙන් ඉතාම දුර්වලයි. 03 වැන්න වික්‍රමස්ථානය දැඩි පාපකර්තරී බවකට තුඩු දී ග්‍රහණය බලය මන්දගාමී බවකට පාත්‍රව ඇත. කල්පනාකාරීව කටයුතු කර මේ දෙසතිය ජය ගන්න.

කුම්භ රාශිය

ලග්න ගත පංචමහා පුරුෂ යෝග බලයෙන් 04 වැන්න බලවත්ව යෙදුණ ද 02,06,10 භාවස්ථාන ඉතාම දුර්වල බවට පාත්‍රව යෙදී ඇත. 01,09 ශනි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය එතරම් සුබවාදි බවක් නොදක්වයි. ශාරීරික මෙන්ම මානසික දැඩි දුර්වලතා හේතු කොටගෙන ශෝකාකූල පසුබිමක් යෙදී ඇත. පින්දහම්වල යෙදීමෙන් මේ තත්ත්වය මර්දනය කළ හැකිය.

මීන රාශිය

රාහු, කුජ, නැප්චූන් ග්‍රහ චලිතය 01,05,09 ධර්මකෝණ පාපකර්තරී පිරිහීම් බවක් දැඩිව දෘෂ්‍යමාන කෙරෙනු ඇත. 03,07,11 ඉතා දුර්වලතාවයනට පාත්‍රවී ඇත. එබැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු සමයකි. හැකිතාක් ඉවසීමෙන් හා පින් දහම් කටයුතුවල යෙදෙන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.