ඔබත් උපන්නේ මැයි 06 සිට 15 දක්වා දිනෙකද?

මැයි 10, 2024

 

මැයි 06 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත්වේ. ඔබ ඉතාම හැඟුම්බර පුද්ගලයකු වන අතර අනෙක් අය සැපවත් කිරීම සඳහා විශාල කැපකිරීම් ඔබ විසින් සිදු කෙරේ. එසේම ප්‍රබල ලෙස ආදරය කිරීම වගේම වෛර කිරීමටත් ඔබට හැකිය. සියලු ආකාරයේ කලාවන්වලට ඔබ ප්‍රියවන අතර සියලු ආකාරයේ හොටෙල් නිවාස සැරසිලි සම්බන්ධ රැකියා ඔබට යා දෙන රැකියා වේ. රුධිරය සම්බන්ධ රෝග ඇති විය හැකිය.

 

මැයි 07 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. නව නිර්මාණ ඔබ අතින් බිහි වේ. එම නිර්මාණ මහජන සුබ සිද්ධිය සඳහා වන අතර සුබසාධනය සඳහා වන ඕනෑම සංවිධානයක ඔබ ඉතා කැමැත්තෙන් කටයුතු කරයි. ස්වභාවයෙන්ම ඔබ කරුණාවන්ත ත්‍යාගශිලි පුද්ගලයෙකුද වේ. ජිවිතයේ මුල් කාලයේ ආර්ථිකය ඉතා දුෂ්කරවේ. එම නිසා සැලකිල්ලෙන් ආර්ථිකය මෙහෙයවිය යුතුය. දිගින් දිගටම වැඩකිරිම නිසා මානසිකව කඩා වැටිම රෝග තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකිය.

 

මැයි 08 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 8 වන අතර එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ ශනි ග්‍රහයාගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබට ආදරය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටලු ඇතිවේ. අනෙක් පාර්ශ්වයන් වෙනුවෙන් විශාල කැපකිරිමක් ඔබ විසින් සිදුකරන නමුත් ඒවාට කෘතගුන සැලකිමක් නොලබයි. සියලු සම්බන්ධතාවලින් ඔබට දුක කඳුළ උරුම වන අතර ඔබේ ගමනට හැකිතාක් වැට කඩොලු බැදෙනු ඇත. ආර්ථිකය එතරම් සවිමත් වන්නෙ නැත. සෞඛ්‍ය තත්ත්වය එතරම් යහපත් නොවේ. ආහාර මාර්ගයේ රෝග තත්ත්වයන් ආතරයිටිස් අසනීපවලට වැඩි ඉඩකඩක් පවති.

 

මැයි 09 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 9 වන අතර එය කුජට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා පුද්ගලයා කුජ ග්‍රහයාට මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ හොඳ ගතිගුණවලින් ප්‍රයෝජනයක් ලබා ගැනීමටආත්ම පාලනය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුවේ. විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රබල ඇල්මක් හා ආකර්ෂණයක් ඔබ සතුවේ. ප්‍රබල සංවිධාන ශක්තියක් ඔබ සතුවන අතර විශාල ව්‍යාපෘතින් සඳහා ගමන් කළ හැකිය. ව්‍යාපාර මගින් ආර්ථිකය සවිමත් කළ යුතුය. ඉතා හොඳ ප්‍රබල සෞඛ්‍ය තත්ත්වයක් ඔබ කෙරෙ දැකිය හැකිය. රිය අනතුරු පිලිස්සීම් පිපිරිම්වලින් හානි විය හැකිය.

 

මැයි 10 වැනිදා

මෙදින උපන් ඔබේ පෞද්ගලික අංකය 1 වන අතර එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වුයේ මැයි මාසයේ නිසා ඔබ රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම සිකුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ආත්ම විශ්වාසය ස්වාධීන අදහස් ඔබ සතු හෙයින් ජනතාව ඒකරාශි කරගෙන කරන කටයුතු ඉතා සාර්ථක වේ. වෘත්තිය සමිති නායකයෙකු ලෙස ඉතා හොඳ සේවාවක් ලබාදීමට හොඳ හැකියාවක් ඔබට ඇති අතර තම අරමුණු අවසන් වන තෙක් තම කටයුතු අතහරින පුද්ගලයන් නොවේ. ව්‍යාපාරවලදී දැරිමට නොහැකි විශාල ව්‍යාපෘතින් ඇරඹීම සඳහා උත්සාහ කිරීම දැකිය හැකිය. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හිමි නමුත් වුවමනාවට වඩා මහන්සි වීම නිසා ශරිරය දුර්වල වේ. පෙනහලු රෝග ඇතිවිය හැකිය. එසේම ස්නායු ආතතිය සහ ස්නායු ආබාධ ඇතිවිය හැකිය.

 

මැයි 11 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම සඳු නෙප්චූන් ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. හොඳ හදවතක් ඇති ඔබ ගුප්ත විද්‍යා විෂයන්ට ප්‍රබල කැමැත්තක් දක්වයි. සංචාරයට ප්‍රියකරන අතර පදිංචියේ වෙනස්කම්වලට මුහුණ දීමට සිදුවේ.මිතුරන් බොහෝ පිරිසක් ඔබට සිටින අතර විරුද්ධ ලිංගිකයන්ගෙන් බොහෝ උදව් උපකාර ලැබේ. ප්‍රබල ඉව ශක්තියක් ඔබට ඇති අතර ඕනෑම අයෙක් විස්ලේශනය කර ගැනීමට හැකියාව ඇත. භුමිය සම්බන්ධ කටයුතුවලින් ආදායම් ලැබිම සිදුවේ. නමුත් ජීවිත කාලය පුරාම ආදායම දෝලනය වන බව අමතක නොකළ යුතුය.

 

මැයි 12 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබ ඉහළ නැඟීමේ දැඩි ආශාවෙන් යුක්ත පුද්ගලයකු වන අතර ආගම සම්බන්ධ කටයුතුවලදි ඉතා ස්වාධින අදහස් දරන පුද්ගලයෙකි. විවාහය සම්බන්ධයෙන් ගැටලු රාශියක මුහුණ දෙන අතර ඔබගේ ආදර සම්බන්ධතා අසාමාන්‍ය මුහුණුවරක් ගනි. චිත්‍ර සංගීතය සාහිත්‍යය පිළිබද හැදැරිමක් ඔබ සතුවේ. ආර්ථික සම්බන්ධ කටයුතුවලදි ජිවිතයේ වරින් වර ඉහළ නැඟිය හැකි ඉතාම හොඳ අවස්ථා ලැබෙන අතර ඒවායින් ප්‍රයෝජනය ගත යුතුය. ජිවිතයේ මුල් කාලයේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ.

 

මැයි 13 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම යුරේනස් රවි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. ඔබගේ ජීවන ප්‍රවෘත්තිය අසාමාන්‍ය එකක් වේ. මන්ද ඔබගේ ජිවිතය ලෞකික අර්ථයකින් ගන්නේ නම් ඔබ වසනාවන්තයැයි කිව නොහැකිය. අවවාද පිළිගැනීමට ඔබ කැමැති නැත. සෑම මතයකටම විරුද්ධ මතයක් ඉදිරිපත් කර තර්කයක් ගොඩනැඟීම ඔබගේ ක්‍රමය වේ. සමාජය රිදෙන ලෙස කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වුවද සමාජය විසින් මේ ඔබව රිදවන්නේ නැත. සාර්ථක කාල පරිච්ජේදයක් මෙන්ම අසාර්ථක කාල පරිච්ජේදයකට ජිවිත කාලය තුළ මුහුණදීමට සිදුවේ. සෞඛ්‍යමය වශයෙන් සොයා ගැනීමට අපහසු රෝගාබාධවලට ලක්වීමට පැහැදිලි ඉඩකඩක් ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.

 

මැයි 14 වැනිදා

මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා පුද්ගලයා සිකුරු ග්‍රහයන්ගේ මෙන්ම බුධ ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. තියුණු මනසක් ඔබට ඇති අතර විවේචනාත්මකව සහ විශ්ලේෂණාත්මකව කටයුතු කිරීම ඔබගේ ක්‍රමය වේ. ජීවිතය තුළ විවිධත්වය බහුල අතර තම වෘත්තින්ගේ ද වෙනස් වීම් ද ඔබ සිතාමතා සිදු කරනු ඇත. ඔබට ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබ්ය හැකිය. විවාහය අඩු වයසින් සිදුවීමට ඉඩ ඇත. අසාමානය ක්‍රමවලින් මුදල් ඉපැයීමේදී ප්‍රවේශම් විය යුතුය. ලිංගික අවයවවල දුර්වලතා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතුය. ස්නායු පද්ධතිය ආශ්‍රිතව රෝග හටගැනීමේ ඉඩක් ඇත.

 

මැයි 15 වැනිදා

මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට යටත්වේ. පුද්ගල ආදරයට වඩා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පැතුරුණු ආදරයක් ඔබෙන් දැකිය හැකිය. අරමුණු සාක්ෂාත් කර ගැනිම වෙනුවෙන් ඕනැම දුෂ්කරතාවයක් දරා ගැනීමට ඔබට හැකිය. සම්බන්ධතාවලදි ඔබට ඇතිවන භයානකම තත්ත්වය ඊර්ෂ්‍යාවයි. ඔබට සිතන දේ කෙසේ හෝ කිරීමට යාම හොඳට හෝ නරකට විය හැකිය. රසවත් ආහාරපාන සඳහා වැඩි රුචියක් දක්වයි. ජීවිත ආරම්භයේදි ඉතා හොඳ ශක්තිමත් සිරුරක් ඔබට තිබුණ ද වකුගඩු දුර්වල වීම උගුර පෙනහලු සහ ස්වසනාලයේ ආබාධවලට ගොදුරු විය හැකිය.

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.