වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
ශරීරයේ සලකුණු ඇති කිරීමට ඉවහල්වන
මැයි 24, 2019
ග්‍රහ බලය
පුද්ගලයකු මෙලොව උත්පත්තිය ලැබීමෙන් පසු එක් පුද්ගලයකුගෙන් තව පුද්ගලයකු වෙන් වෙන්ව හඳුනා ගැනීමට විවිධාකාර වූ රූප ස්වභාවයන් මත උත්පත්තිය සිදුවනු ලබයි.
උත්පත්තියෙන් පසු ඇතිවන යම් යම් සලකුණු කෙටිකාලයකින් පසු මැකීයන සලකුණු ඇති වුවත් ජීවිත කාලය පුරාවටම නොමැකි පවතින්නාවූ සලකුණු ඇතිවීමද ඇත. එලෙස යම් පුද්ගලයකු උත්පත්තියේ දී මෙන්ම උත්පත්තියෙන් පසුවත් විවිධ වූ හේතුමත යම් යම් සලකුණු ඇති වී නොමැකී පැවතීමටත් ඉවහල් වන්නා වූ ග්‍රහ යෙදුම් ගැන විමසා බැලීමක් කරමු.
යම් පුද්ගලයෙකු මෙලොව උත්පත්තිය ලබද්දී අඟහරු ලග්නයේ සිටියේ ද බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්ව සිටියේද සිකුරු ද බ්‍රහස්පති සමඟ යෝගවීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ හිසෙහි කැළලක් ඇති වී නොමැකිව පවතිනු ඇත.
සත්වැනි භාවයෙහි බ්‍රහස්පති තැන්පත් වී රාහුද තැන්පත් වූයේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාත් වම් අතෙහි කැළලක් ඇති වනු ඇත. එලෙසම බ්‍රහස්පති සත්වැන්නෙහි තැන්පත්වී රාහු ලග්නගතව සිටියේ ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගෙන් වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා ලග්න ගතව තැන්පත්වි ද රාහු අටවැන්නෙහි තැන්පත් විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද හිසේ හෝ වම් කන ආශි‍්‍රතව නොමැකෙන කැළලක් ඇතිවී නොමැකි පවතිනු ඇත. බ්‍රහස්පති ලග්නගතව සිටියේ ද අට වැන්නේ, සිකුරු තැන්පත්විද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද වම් අතෙහි කැළලක් නොමැකී පවතිනු ඇත.
සිකුරු පස්වැන්නෙහි තැන්පත් වීද බ්‍රහස්පති හා බුධ අටවැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී පවතිනු ඇත. එසේම සිකුරු නව වැන්නේ තැන්පත් වීද සෙනසුරු සතර වැන්නෙහි තැන්පත් වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙහි නොමැකෙන කැළලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු නවවැන්නේ තැන්පත් වී බුධ හා බ්‍රහස්පති අටවැන්නෙහි තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද බඩෙ හි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත. සිකුරු පස් වැන්නේ තැන්පත්වීද සෙනසුරු ලග්න ගත වූයේද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද බඩෙහි නොමැකෙන කැලලක් ඇති වී නොමැකී පවතිනු ඇත.
සිකුරු ග්‍රහයා අඟහරු ග්‍රහයා සමඟ දොළොස්වැන්නේ තැන්පත් වීද එසේ උත්පත්තිය ලද තැනැත්තාගේ වම් ඇලයෙන් සිදුවූ දෙයකින් නොමැකෙන කැළලක් ඇතිවී නොමැකී පවතිනු ඇත. එසේම අඟහරු එකොළොස්වැන්නෙහි තැන්පත්වී ද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේද යම් කිසි හේතුªවක් මත සිදුවීමකින් නොමැකෙන කැළලක් ඇති වී වම් ඇල නොමැකී පවතිනු ඇත.
සෙනසුරු පස්වැන්නෙහි තැන්පත්ව සිටියදී සිකුරු දැක්කද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ලිංගය ආශි‍්‍රතව කැළලක් ඇති වී නොමැකි පවතිනු ඇත. තවද සෙනසුරු නව වැන්නෙන් තැන්පත්වීද එසේ උත්පත්තිය ලැබූ තැනැත්තාගේ ද ලිංගය ආශි‍්‍රතව කැළලක් නොමැකී පවතිනු ඇත.
අඟහරු ග්‍රහයාත් සිකුරු හා සඳු ග්‍රහයාත් ලග්න ගතව උත්පත්තිය ලද තැනැත්තාගේ හිසෙහි කැළලක් කල්යත්ම ඇතිවී නොමැකී පවතිනු ඇත. ශරීරයෙහි යම් යම් ස්ථාන ආශි‍්‍රතව කැළැල් ඇතිවීම කෙරෙහි ග්රහයින්ගේ බලපෑම ඉවහල් වන ග්‍රහ යෙදුම් කිහිපයක් ඉහත ග්‍රහ යෙදුම් අනුව පෙන්නුම් වේ.
ඡ්‍යොතිෂ
ශාස්ත්රශූරී,
මෙලාන් වික්‍රමසිංහ
෴ සබැඳි ලිපි ෴
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට අෂ්ටම ඒරාෂ්ටක අපල සපල සීමාව තුළදී රාජ්‍ය බලය ලැබීමට හේතු වූයේ උප්පත්තියේ යෙදී තිබුණු විමල නම් විපරීත රාජයෝගය ගෝචරයෙන්...
2024-05-30 18:30:00
අද දිනයේදී කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ ‘ආසියාවේ රිදී සීනුව‘ ලෙස විරුදාවලි ලත්, ශ්‍රී ලංකාවේ හිටපු රාජ්‍ය නායකයකු වන එස්.ඩබ්ලියු.ආර්.ඩී....
2024-05-30 18:30:00
ජුනි 01 වැනිදා මෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 1ය. එය රවි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ ජුනි මාසයේ නිසා ඔබ මිථුන රාශි අධිපති...
2024-05-30 18:30:00
ලොව අන්තර්ජාතික සම්මත වර්ෂ වන ක්‍රිස්තු වර්ෂ ප්‍රමාණයෙන් මේ 2024 වර්ෂයේ වෙසක් මස පුර පසළොස්වක පොහොය මැයි මස 22 වැනි බදාදා දින ඔරලෝසු වේලාවෙන් සවස 06....
2024-05-23 18:30:00
ගෞතම බුදුහිමියන්ගේ ජන්ම කේන්දරය පිළිබඳව ලේඛකයා ප්‍රථම වරට කියවන්නේ හෙන්ද්‍රික් සිල්වා හෙට්ටිගොඩ මහතාගේ ‘ජීවිතය හා ග්‍රහයෝ’ කෘතියේ 22 පරිච්ඡේදයේ පලාපල...
2024-05-23 18:30:00
මැයි 24 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර, එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව බලපෑමට...
2024-05-23 18:30:00
සොබා දහමේ සිදුවීම් විවිධයි. කෙනෙකුට අයහපතක් සිදුවීම තවත් කෙනෙකුට යහපතක් විය හැකිය. විපතද එයමයි. සොබා දහමේ නීතිය මිනිස් වර්ගයාට පොදුයි....
2024-05-16 18:30:00
උත්‍රපල් නැකැතින් ජන්ම ලාභය හිමි අයෙක් නම් කුඩා කල සිටම ඉගනීම් කටයුතුවලට දක්ෂ කෙනෙක් වේ. විවිධ විෂයයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් හිමිය. තරග...
2024-05-16 18:30:00
ශකවර්ෂ 1946ක් වූ වෘෂභ රවි 04 භාග වෙසක් පුර දසවක තිථිය ලත් කිවි දින සිට එම රවි 10 භාග වෙසක් පුර පසළොස්වක ලත් ගුරු දින දක්වායි.ග්‍රහයෝ සහ රාශිරවි...
2024-05-16 18:30:00
මැයි 16 වැනිදා මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්...
2024-05-16 18:30:00
වෙසක් මස පුර පසළොස්වක යෙදෙන 23 වැනි දින පස්වරු 2.00ට කන්‍යා රාශියේ මකර නවාංශකයේදී සුර ගුරු හෙවත් බ්‍රහස්පති සමඟ කලාකාමී සිකුරු යුද වදී. එයින්...
2024-05-16 18:30:00
කෙනකුගේ මානසික ශක්තිය, බුද්ධිය, ස්ථානොචිත ප්‍රඥාව,වාග් චාතුර්ය, ව්‍යාපාරික හැකියාව වැනි යහගුණ මෙන්ම කපටිකම, වංචාව, බොරුව, ආදි දුර්ගුණ ද පෙන්නුම්...
2024-05-09 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 2,11 ධන භාවාධිපති ගුරු මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්නට පසුගිය 1වැනිදා පැමිණීම යහපත්ය.ගුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරු...
2024-05-09 18:30:00
පුවපල් නැකතින් උපන් අය පංචපක්ෂි ක්‍රමවේදයට අනුව පිංගල හෙවත් බකමුහුණාට අයත් වේ. අන්‍යයන්ට වඩා සුවිශේෂි සහජ දක්ෂතාවයන්ගෙන් යුක්ත වන අතර, එතරම්ම කැපී...
2024-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ ගොඩනැඟීමට ගැඹුරු දාර්ශනික පදනමක් ඇත. ඡ්‍යොතිෂය චීනයේ තවමත් පවතින පැරණිතම දර්ශනයකි. පැරැන්නන්ට අවශ්‍ය වූයේ මානව කටයුතුවල වෙනස්කම් සහ දේවල්...
2024-05-09 18:30:00
මැයි 06 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව...
2024-05-09 18:30:00