නව වසරක උදාවත් සමඟ මතකයට එන දින දර්ශනය

ජනවාරි 7, 2022

දින දර්ශනය ගැන සඳහන් කරන විට ඊජිප්තුව අමතක කළ නොහැකි ය. ඒ මුල්ම දින දර්ශනය නිපදවන ලද්දේ ඊජිප්තුව නිසයි. එය ක්‍රි.පූ. දෙසිය හතළිස් එකේ දී එළි දක්වා ඇති බවටයි විශ්වාස කරනු ලබන්නේ. මෙම දින දර්ශනයට මාස දොළහක් තිබූ අතර එහි අවුරුද්දට තිබී ඇත්තේ දවස් තුන්සියයක් පමණකි. එහෙත් අවුරුද්ද සම්පූර්ණවීම සඳහා තවත් දවස් ගණනක් එකතු කළ යුතු බව ඔවුන් විශ්වාස කළ ද කැලැන්ඩරය එහෙමම භාවිත කළහ. එය ජුලියස් සීසර් අවදිය වන තෙක්ම රෝමන්වරුන් විසින් භාවිතා කළ ද එය වැරදි එකක් බව පසුව තේරුම් ගැණින. එහෙත් එහි වැරදි නිවැරැදි නොකළේ යම් යම් දේශපාලන වාසි නිසා බව පෙනී ගියේ ය. එම වැරදි නිවැරැදි කර දින දර්ශනය සකස් කිරීමට අදහස් කළ ජුලියස් සීසර් අධිරාජ්‍යයා ගී‍්‍රක තාරකා ශාස්ත්‍රඥයකු වූ සොසිජිනස් නැමැත්තාගෙන් උපදෙස් පැතී ය.

 

සොසිජිනස් විසින් මාස ගණනාවක් තිස්සේ කරන ලද පරීක්ෂණවලින් අනතුරුව දින දර්ශනයට අවුරුද්දකට දවස් තුන්සිය හැටපහක් ලෙස සකස් කළේ ය. අවුරුද්දකට නියම වශයෙන් එකතු කළ යුතු තවත් දවස් කාලක් එකතුකර සෑම අවුරුදු හතරකට වරක්ම දින තුන්සිය හැටහයක අධික අවුරුද්දක් ලෙස සකස් කළේ ය.

අධික අවුරුද්දට එකතු කළ අමතර දවස අවුරුද්දේ දෙවන මාසය වූ පෙබරවාරි මාසයෙන් ඉවත්කරගන්නා ලදි. ඒ අනුව පෙබරවාරි මාසයට දවස් විසිනවයක් විය. එසේ නොවන මාසයට අවුරුදු තුනකට වරක් එළඹෙන දවස් විසි අට බැගින් අවුරුද්දේ ඉදිරි මාස එකොළහට දින තිහක් හා දින තිස් එකක් වන සේ සකස් කරන ලදි. අවුරුද්දට ඇති මාස දොළහ ගී‍්‍රක ජනතාව විසින් ජනවාරි පෙබරවාරි, මාර්තු අප්‍රේල් ආදී වශයෙන් හඳුන්වා දී ඇත. මෙසේ පැවැති මාස දොළහ සඳහන් දින දර්ශනය එංගලන්තය ඇතුළු අනෙකුත් රටවලද භාවිතා කරන ලදි.

ජනවාරි (දුරුතු) මාසය

ජනවාරි අවුරුද්දේ මුල්ම මාසයයි. ජනේරු ලෙස නම් කරන මේ මාසය (ජානුස්) නීති ගත කරන ලද්දේ සොජපියුලිය අධිරාජ්‍යා විසිනි. ජනවාරි මාසය කලින් අවසන්ව තිබුණේ දින තිහකට සීමාවන අයුරිනි. එහෙත් පසුව එය දින තිස් එකකින් අවසන් වීමට සුදුසු ලෙස සකස් කිරීමට ජුලියස් සීසර් පියවර ගන්නා ලදි. ජානුෂ් නමැති දෙවියකු සිහිපත් කිරීම සඳහා ජනවාරි මාසයට මේ නම තබන ලදි. ජානුස් දෙවියා වසරක් ගෙවී තවත් වසරක් ලබන ජනවාරි මාසයේ දී අතීතය හා අනාගතය බලන බව රෝමන්වරු විශ්වාස කළහ. ජනවාරි මාසය නීතිගත කළේ පොම්පිලියන් අධිරාජයා විසිනි.

පෙබරවාරි (නවම් මාසය)

පෙබරවාරි මාසය වනාන්තරයට අධිපති පවුනූස් දෙවියා වෙනුවෙන් නම් කරන ලදි. වනාන්තරයට අධිපති එම දෙවියා වෙනුවෙන් උත්සවයක් පවත්වන ලදි. එම උත්සව දිනයේ දී රෝම පූජකවරුන් සම් වියළා සාදාගත් සම්කස රැගෙන මහා මාර්ගය පුරා දුවමින් මහමඟ ගමන් ගන්නා වැසියන්ට පහර දෙති. මේ අතර යන එන තරුණියන් කස පහරට ලක් වූවොත් ඇය ඉතාම වාසනාවන්තියක් වන බවට ද විශ්වාස කෙරිණ. මේ නිසාම එදින මහ මඟ ගමන් කිරීමට බොහොමයක්ම උනන්දු වූහ. කාන්තාවන්ට පහරදීම සඳහා යොදා ගනු ලබන සම්පටිය පෙබ්රුයන නමින් හඳුන්වනු ලබන අතර එය පවිත්‍රතාව යනු තේරුම බව ද කියයි.

මාර්තු (මැදින් ) මාසය

වස්සාන සමයේ උඳුවප් සමඟ මාර්ස් කුජ ග්‍රහයා ට පුද පූජා පැවැත්වූ ඉපැරණි රෝමන්වරු සිහිපත් කිරීම සඳහා පෙබරවාරි මාසයෙන් ආරම්භවන දින තිස්එක සඳහා මාර්තු යන නම භාවිතා කළහ. මාර්ස් නැමැති දෙවියා අස්වැන්නට හා වගාවට අධිපති දෙවියා ලෙසටද සළකති. ඔහු පසුව යුද්ධයට අධිපති දෙවියා ලෙසත් වැදුම් පිදුම් ලැබීය. මාර්තු මාසය රෝමයේ පළමු මාසය ලෙස ද සැලකේ.

අප්‍රේල් (බක්) මාසය

මාර්තු මාසයෙන් උදාවන දින තිහට රෝමන්වරු ඒපී‍්‍රල්ස් යනුවෙන් ව්‍යවහාර කළහ. මල් පිපෙන්න යන්න තේරුම්දෙන අප්පි‍්‍රයේ යන වචනයෙන් ඇප්ලීස් නොහොත් ඇප්ප්‍රයිටේ නම් ගී‍්‍රක දේවතාවියගේ නාමයෙන් අප්‍රේල් මාසය නම් කොට ඇත. පැරණි රෝමන්වරුන්ගේ දෙවන මාසය වූයේ ද මේ මාසයයි. මෙම මාසයට රෝමන්වරු දින තිස් හතරක් ලෙස සකස් කළද ජුලියස් සීසර් යුගයේ දී අප්‍රේල් මාසයට දින තිහකින් යුත් මාසයක් බවට පත් කළේ ය.

මැයි (වෙසක්) මාසය

පුරාණ රෝමන්වරු මෙයි නමැති බලගතු දේවියකගේ නමින් මේ මාසය නම් කොට ඇත. රෝමන්වරු වැඩිහිටියන් හැඳින්වීමට යොදන මාජෝරස්සන නාමයෙන් මැයි මාසය නම් කර ඇති බව ද සඳහනි. ලොව පුරා බෞද්ධ රටවල මැයි මාසය පූජනීය මාසයක් ලෙස සලකනු ලබන්නේ බුදුන් වහන්සේගේ ඉපදීම බුදුවීම හා පිරිනිවන්පෑම යන සිදුවීම් මැයි මාසයට යෙදී තිබීම හේතුවෙනි. ලෝක කම්කරු දිනය යෙදී ඇත්තේ ද මැයි මාසයටයි. මැයි මාසය වෙසක් මාසය ද වේ.

ජුනි (පොසොන්) මාසය

රෝමන්වරු තරුණයින් හැඳින්වීමට යෙදූ යුනියෝරෙස් යන වචනය මුල්කර ගනිමින් මැයි මාසයෙන් එළඹෙන මාසයට ජුනි මාසය යැයි නම් කළේ ය. ජුනෝ නමැති දේවිය සිහිපත් කිරීම සඳහා මෙම මාසයට ජුනි යැයි නම තබා ඇති බවද කියති. මෙම මාසය අප රටට විශේෂත්වයක් වන්නේ පොසොන් මාසය ජුනි මාසයට යෙදීමයි.

ජුලි (ඇසළ) මාසය

ජුලියන් වර්ෂ ක්‍රමයෙහි නිර්මාතෘ වූ ජුලියස් සීසර් වෙනුවෙන් වසරේ හත්වන මාසය මෙසේ ජුලි යනුවෙන් නම් කොට ඇත. රෝමයේ පස්වන මාසය වන ජුලි මාසය හඳුන්වනු ලැබුවේ ගුඩ්ට්ලීස් යනුවෙනි. පසු කලෙක එය වෙනස් කරමින් ජුලියස් සීසර් තම ජන්මෝත්සවයකදී තම නම සදාකල් පැවතීම සඳහා ජුලියයි නම් කරන ලදි.

අගෝස්තු (නිකිණි මාසය)

රෝම වැසියන්ගේ භක්ත්‍යාදරයට ලක් වූ ඔගස්ටස් සීසර් සිහිවීම සඳහා මෙම මාසයට අගෝස්තු යයි නම් කරන ලදි. ජුලියස් සීසර්ට මාසයක් වෙන්කළ නිසා ඔගස්ටස් සීසර්ටද මාසයක් වෙන්කළ යුතු බවට තීරණය කිරීම නිසා මේ මාසය එසේ නම් කරන ලදි. සිංහල මාස් ක්‍රමය අනුව අගෝස්තු මාසය නිකිණි මාසය ශ්‍රී දළදා පූජා උත්සවය දළදා පෙරහර හා කතරගම දෙවිනුවර ආදී පෙරහර පැවැත්වෙන මාසය ද වේ.

සැප්තැම්බර් (බිනර) මාසය

හත්වැන්න යන අරුත දෙන සෙප්ටිමස් යන වචනයෙන් මෙම මාසය නම් කර ඇති බවට විශ්වාස කෙරේ. පුරාණ රෝමන්වරුන්ගේ මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් මාසය යෙදෙන්නේ හත්වන මාසයටයි. තවත් මතයකට අනුව සඳහන් වන්නේ සතමිය දෙවියන්ගේ නාමයෙන් එය නම් කර ඇති බවයි.

ඔක්තෝබර් (වප්) මාසය

රෝම දින දර්ශනයට අනුව අටවන මාසය වන මෙම මාසය ඔක්තෝබර් මාසය ලෙස නම් කර ඇත්තේ ඔක්ටෝයන නම මුල්කරගෙනය. කුජ ග්‍රහයාගේ ශුද්ධ වස්තුවක් ලෙස මෙම මාසය හැඳින්වේ. එයට හේතුවූයේ ඔක්තෝබර් අශ්වයා කුජ දෙවියාට පුදා ඇත්තේ ඔක්තෝබර් පහළොස්වන දිනක වීමයි.

නොවැම්බර් (ඉල්) මාසය

නොයෙම්යන ලතින් වචනයෙන් මෙම මාසයට නොවැම්බර් යයි නම් කොට ඇත. ශීත සෘතුවේ උදාව ඇතිවන මේ මාසය කතෝලික බැතිමතුන්ගේ මළවුන්ගේ මාසය ලෙසටද සලකති. ජුලියස් සීසර් දින දර්ශනයේ එකොළොස්වන මාසය ද මේ මාසයයි.

දෙසැම්බර් (උඳුවප්) මාසය

දින දර්ශනයේ (කැලැන්ඩරයේ) අන්තිම මාසය වූයේ පැරණි රෝම අවුරුද්දේ දහවන මාසය වුවත් දෙසැම්බර් මාසය කලින් හැඳින්වූයේ වෙනත් නම්වලිනි. ඔවිඩ් නැමැත්තා එයට ජෙලිඩස් යයි හැඳින්විය. එහි තේරුම මීදුම පිරුණු යන්නයි. සැක්සන්වරු ශීත මාසය ශුද්ධ මාසය යන නම්වලින්ද හැඳින්වූහ. පසුව ජර්මන්වරු ඊට ක්‍රිස්තු මාසයැයි කීහ. ජුලියස් සීසර්ගෙන් පසුව ඩිසෙම් යන ලතින් වචනයෙන් දෙසැම්බර්යයි නම් කරන ලදි. දෙසැම්බර් මාසය උඳුවප් මාසය ලෙස ද සලකති.නත්තල යෙදී ඇති දෙසැම්බර් මාසය ශීතල මා සය වශයෙන් ද සළකති.

සැප්තැම්බර් (බිනර) මාසය

හත්වැන්න යන අරුත දෙන සෙප්ටිමස් යන වචනයෙන් මෙම මාසය නම් කර ඇති බවට විශ්වාස කෙරේ. පුරාණ රෝමන්වරුන්ගේ මාස ක්‍රමයට අනුව සැප්තැම්බර් මාසය යෙදෙන්නේ හත්වන මාසයටයි. තවත් මතයකට අනුව සඳහන් වන්නේ සතමිය දෙවියන්ගේ නාමයෙන් එය නම් කර ඇති බවයි.

ඔක්තෝබර් (වප්) මාසය

රෝම දින දර්ශනයට අනුව අටවන මාසය වන මෙම මාසය ඔක්තෝබර් මාසය ලෙස නම් කර ඇත්තේ ඔක්ටෝයන නම මුල්කරගෙනය. කුජ ග්‍රහයාගේ ශුද්ධ වස්තුවක් ලෙස මෙම මාසය හැඳින්වේ. එයට හේතුවූයේ ඔක්තෝබර් අශ්වයා කුජ දෙවියාට පුදා ඇත්තේ ඔක්තෝබර් පහළොස්වන දිනක වීමයි.

නොවැම්බර් (ඉල්) මාසය

නොයෙම්යන ලතින් වචනයෙන් මෙම මාසයට නොවැම්බර් යයි නම් කොට ඇත. ශීත සෘතුවේ උදාව ඇතිවන මේ මාසය කතෝලික බැතිමතුන්ගේ මළවුන්ගේ මාසය ලෙසටද සලකති. ජුලියස් සීසර් දින දර්ශනයේ එකොළොස්වන මාසය ද මේ මාසයයි.

දෙසැම්බර් (උඳුවප්) මාසය

දින දර්ශනයේ (කැලැන්ඩරයේ) අන්තිම මාසය වූයේ පැරණි රෝම අවුරුද්දේ දහවන මාසය වුවත් දෙසැම්බර් මාසය කලින් හැඳින්වූයේ වෙනත් නම්වලිනි. ඔවිඩ් නැමැත්තා එයට ජෙලිඩස් යයි හැඳින්විය. එහි තේරුම මීදුම පිරුණු යන්නයි. සැක්සන්වරු ශීත මාසය ශුද්ධ මාසය යන නම්වලින්ද හැඳින්වූහ. පසුව ජර්මන්වරු ඊට ක්‍රිස්තු මාසයැයි කීහ. ජුලියස් සීසර්ගෙන් පසුව ඩිසෙම් යන ලතින් වචනයෙන් දෙසැම්බර්යයි නම් කරන ලදි. දෙසැම්බර් මාසය උඳුවප් මාසය ලෙස ද සලකති.

 

 

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

 

සටහන

එස්.එස්.එස්. ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.