සතියේ පඤ්චාංගය

දෙසැම්බර් 27, 2024

ශක වර්ෂ 1946ක් වූ ධනු රවි 12 භාග උඳුවප් අව දොළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 18 භාග දුරුතු පුර තියවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – ධනු

කුජ - කටක (වක්‍ර)

බුධ - වෘශ්චික (නිවෘත)

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - මකර ( 28දා රාත්‍රී 11.40 කුම්භ)

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - මුල ( 29දා අලුයම 12.25 පුවසල)

කුජ - පුෂ

බුධ - දෙට

ශුක්‍ර - දෙනට

ශනි - සියාවස ( 27දා රාත්‍රී 08.20 පුවපුටුප)

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

පෝය

දෙසැම්බර් 30 සඳුදා උදේ 04.02න් අමාවක ලබා 31 අඟහරුවාදා උදේ 03.57න් ගෙවේ. 30 සඳුදා සිල්.

චන්ද්‍ර චාරය

27දා දහවල් 01.54 වෘශ්චික

29දා රාත්‍රී 11.20 ධනු

ජන.01දා උදේ 06.02 මකර

03දා උදේ 10.48 කුම්භ

 

දිනූ තත්ත්ූවය

 

දෙසැම්බර් 27 සිකුරාදා

ධනු රවි 12 භාග උඳුවප් අව දොළොස්වක ලත් කිවි දින ඉර උදාව 06.20, ඉර බැසීම 06.04. විසා නැකත රාත්‍රී 08.26න් ගෙවී අනුර නැකත ලබයි. උඳුවප් අව එකොළොස්වක තිථිය අලුයම 12.43 න් ගෙවී අව දොළොස්වක තිථිය ලබා පවතී. ධෘති යෝගය රාත්‍රී 10.35න් ගෙවී ශුල යෝගය ලබයි. බාලවකරණය අලුයම 12.43න් ගෙවී කෞලවකරණය ලබා එය දවල් 01.38න් ගෙවී තෛතිලකරණය ලබා පවතී.

විෂ කලාව - කන

අමෘත කලාව - දණහිස

මරු - ගිනිකොණ

යෝගිනී - නිරිත

සුබ දිසාව - නැඟෙනහිර

දෙසැම්බර් 28 සෙනසුරාදා

ධනු රවි 13 භාග උඳුවප් අව තෙළෙස්වක ලත් ශනි දින, ඉර උදාව 06.20 ඉර බැසීම 06.04. අනුර නැකත රාත්‍රී 10.11න් ගෙවී දෙට නැකත ලබයි. උඳුවප් අව දොළොස්වක තිථිය අලුයම 02.26න් ගෙවී අව තෙළෙස්වක තිථිය ලබයි. ශුල යෝගය රාත්‍රී 10.21න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 02.26න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.02න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - කෙණ්ඩ

මරු - නැඟෙනහිර

යෝගිනී - දකුණ

සුබ දිනය - උතුර

දෙසැම්බර් 29 ඉරිදා

ධනු රවි 14 භාග උඳුවප් අව තුදුස්වක ලත් රවි දින ඉර උදාව 06.21, ඉර බැසීම 06.04. දෙට නැකැත රාත්‍රී 11.20න් ගෙවී මුල නැකත ලබයි. උඳුවප් අව තෙළෙස්වක තිථිය අලුයම 03.33න් ගෙවී අව තුදුස්වක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය රාත්‍රී 09.39න් ගෙවී වෘධි යෝගය ලබයි. වණිජකරණය අලුයම 03.33න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 03.49න් ගෙවී ශකුණකරණය උදාවෙයි.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - පතුල

මරු - උතුර

යෝගිනී - බටහිර

සුබ දිසාව - දකුණ

දෙසැම්බර් 30 සඳුදා

ධනු රවි 15 භාග උඳුවප් අව අමාවක ලත් සඳු දින. ඉර උදාව 06.21, ඉර බැසීම 06.05. මුල නැකැත රාත්‍රි 11.56න් ගෙවී පුවසල නැකැත ලබයි. උඳුවප් අව තුදුස්වක තිථිය අලුයම 04.02න් ගෙවී අමාවක තිථිය ලබා පවතී. වෘධි යෝගය රාත්‍රී 08.30න් ගෙවී ධෘම යෝගය ලබයි. ශකුණ කරණය අලුයම 04.02න් ගෙවී චතුෂ්පාදකරණය ලබා එය සවස 04.01න් ගෙවී නාගකරණය ලබා පවතී.

විෂ කලාව - පෙකණිය

අමෘත කලාව - මාපටැඟිලි

මරු - වයඹ යෝගිනි - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

දෙසැම්බර් 31 අඟහරුවාදා

ධනු රවි 16 භාග දුරුතු පුර පෑළවිය ලත් කුජ දින. ඉර උදාව 06.22, ඉර බැසීම 06.05. පුවසල නැකැත දවස පුරාම යෙදී පවතී. උඳුවප් අමාවක තිථිය අලුයම 03.57න් ගෙවී දුරුතු පුර පෑලවිය තිථිය ලබා පවතී. ධෘම යෝගය සවස 06.57න් ගෙවී ව්‍යාඝාත යෝගය ලබයි. නාගකරණය අලුයම 03.57න් ගෙවී කිංස්තුංගකරණය ලබා එය සවස 03.41න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - මාපටැඟිලි

මරු - බටහිර

යෝගිනි - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

ජනවාරි 01 බදාදා

ධනු රවි 17 භාග දුරුතු පුර දියවක ලත් බුධදින. ඉර උදාව 06.22, ඉර බැසීම 06.06. පුවසල නැකැත අලුයම 12.03න් ගෙවී උත්‍රසල නැකැත ලබා එය රාත්‍රී 11.46න් ගෙවී සුවණ නැකත ලබයි. දුරුතු පුර පෑලවිය තිථිය අලුයම 03.23න් ගෙවී පුර දියවක තිථිය ලබයි. ව්‍යාඝාත යෝගය සවස 05.05න් ගෙවී හර්ෂණයෝගය ලබයි. බවකරණය අලුයම 03.23න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 02.55න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - නිරිත

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 02 බ්‍රහස්පතින්දා

ධනු රවි 18 භාග දුරුතු පුර තියවක ලත් ගුරු දින. ඉර උදාව 06.22, ඉර බැසීම 06.06. සුවණ නැකැත රාත්‍රී 11.10න් ගෙවී දෙනට නැකැත ලබයි. දුරුතු පුර දියවක තිථිය අලුයම 02.25න් ගෙවී පුර තියවක තිථිය ලබා පවතී. හර්ෂණ යෝගය දහවල් 02.57න් ගෙවී වජ්‍ර යෝගය ලබයි. කෞලවකරණය අලුයම 02.25න් ගෙවී තෛතිලකරණය ලබා එය දහවල් 01.48න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - දකුණ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.