දරුවාගේ මතක ශක්තිය වැඩි කරන ගුප්ත ක්‍රමයක්

ඔක්තෝබර් 18, 2024

අධ්‍යාපන කටයුතු පිළිබඳව මවුපියන් දරුවන් වෙනුවෙන් දැඩි සටනක යෙදෙන මේ වකවානුවේ දී එම උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මවුපියන්ගෙන් කීයෙන් කී දෙනෙකුට තම දරුවාගේ ඉගෙනීම් කටයුතු ගැන සතුටු විය හැකිද? එයට හේතුව ළමයාගේ මතකය පිළිබඳ ඇතිවන ව්‍යාකූලත්වය නිසා කියැවෙන දේ, දකින දේ, ඇසෙන දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ආකාරයට ප්‍රකාශ කිරීමට ඇති අපහසුවයි.

මේ ස්වාභාවය දරුවාගේ ඉගෙනීම් කටයුතු පිළිබඳව තැබුවා වූ බලාපොරොත්තු මිරිඟුවක් වීමට අවකාශ ඇති කරවයි. මේ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කර ගැනීමට හැකි බව නොදැනීම ද මහත් අභාග්‍යයකි.

කරුණු මේ ආකාරයට පවතිද්දී දරුවාගේ මතකය නිසි ආකාරයට හසුරුවාලීමට හැකි ගුප්ත ක්‍රමවේදයක් මේ සමඟ ඉදිරිපත් කරමු.

 

ක්‍රමය -

පුර පක්ෂයේ සිකුරාදා දිනෙක චන්ද්‍ර හෝරාවෙන් බිම නොදමා රන් තැඹිලි ගෙඩියක් කඩා ගෙන ඉතා පිරිසුදුව කිළිකුණුවලට හසු නොවන සේ නොඉඳුලෙන් ඉතා පිරිසුදුව පිරිමියෙකු ලවා හිරු එළියේ (අව්වේ) තබා තෙල් සිඳ ගන්න. ළිපේ තබා තෙල් සිඳීමෙන් ප්‍රතිඵල හීනවේ. නිසි පරිදි ජීවම් කරගත් තෙල් වරු තුනක් දිව ගා පාඩම් කරන්න. සුරයක දමා කර පැලඳ ගන්න. සුර ගුරු පැරදවීමට තරම් මහා ධාරණයක් ඇතිවේ.

 

මල් අසුන

ප්‍රථමයෙන් සුදුසු ස්ථානයක් ගෙන එය පවිත්‍ර කර සුදුසු දිනයක් සහ සුදුසු වේලාවක් තෝරා ගන්න. තමාද නා පිරිසුදු වී සුදු පැහැති පවිත්‍ර ඇඳුමින් සැරසී පූජාසනයෙහි යකඩ ඇණ නොගැසූ වියන් බැඳ පිරුවටයක් දමා කෙසෙල් දල්ලක් එලන්න. කට ලොකු භාජනයකට තෙල්ටික දමා ඒ මැද තබා ඒ වටේට මල් වර්ග 9ක්, බුලත් පහන් 5ක්, පඬුරු 1ක්, කපුරු, පිණිදිය, සුවඳ විළද, පලතුරු පස් වර්ගයක් පිරිසුදු කැවිලි වර්ග 5ක්, එළකිරි ගොටු 3ක්, ගිතෙල් පහනක්, කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 9ක්, ගෝරෝචන, කස්තුරි, ලද පස්මල්, හඳුන්, කිරිබත්, තැඹිලි, හබල පෙති යන ද්‍රව්‍ය පූජාවට තබා පිච්චමල් 56ක් නූලකට අමුණා කරේ දමාගෙන ගොක්කොළ කැබැල්ලකින් තෙල් කාල් ගාමින් ජීවම පටන් ගන්න.

 

දිෂ්ටිය -

ඕං දේවි කරණ දේවි කරණ උමුක්කු මුත්තාන් කොන්ඩායුම් මුඩි වේලා පුරයුම් වැර කෛලේ පත්‍ර ඉරම් පාම්බු ආරා ඉරම් කොන්ඩියුම් හරි හර නාරායනේ වීර පත්‍ර කාලි අං ආං ඒස්වාහඞ නමෝ සර්වඥාන සදා නන්දි සර්ව දේවි නමෝ නමඞ නමෝ සුධත්ථ පඨිඝ සංගීති සූක්ෂම රූපි නමෝ නමඞ නමෝ මුල මන්ත්‍ර රූපායි මුල ශක්ති නමෝ නමඞ නමෝ යෝගාන්දානි නමෝ නමඞ නමෝ නාරායනී ඝෝර රූපී වර වර දේවි නමෝ නමඞ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.