විදේශගත වන යෝග අත්ලෙන් හඳුනා ගන්න

ඔක්තෝබර් 18, 2024

විදේශගත වන්නට අදහස් කරන ඕනෑම කෙනෙකුට ඊට අවස්ථාව වර්තමාන සමාජය තුළ පහසුවෙන් ලැබී ඇත. කෙනෙකු තම අධ්‍යාපන කටයුතු සඳහාත් තවත් අයෙකු රැකීරක්ෂා සඳහාත් තවත් කෙනකු විනෝදය සඳහාත් විදේශගත වේ. ඒ කොහොම වුණත් විදේශගත වන යෝග ඉපැරැණි හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව තිබෙන බව එම ශාස්ත්‍රය පෙන්වා දේ. මේ අයගෙන් ඇතැමෙකුගේ විදේශ ගමන් සාර්ථක වන බවත් තවත් අයෙකුගේ විදේශ ගමන් අසාර්ථක වන බවත් සමාජය දෙස බැලීමේ දී පෙනී යන කරුණු ය. ඒ බවත් හස්ත රේඛාවල පිහිටීම්වලට අනුව හඳුනාගත හැකියි. ඒ සඳහා බලපාන හස්ත රේඛා සලකුණු මෙසේ හඳුනා ගනිමු. රූපසටහන බලන්න.

එහි A A ලකුණුවලින් පෙන්නා ඇත්තේ ප්‍රධාන වශයෙන් සලකන දේශාටන රේඛාවයි. එහි සඳහන් පරිදි අත්ලේ වළලුකර ප්‍රදේශයෙන් පටන් ගන්නා රේඛාව සඳු මණ්ඩලය හරහා ගොස් අවසන්වීම සාමාන්‍ය ස්වභාවයයි. ඊළඟට රූප සටහනේ B B සලකුණු මඟින් පෙන්වා ඇත්තේ ද දේශාටන රේඛාවන් ය. මෙහිදී මේ රේඛාවන් කෙටි රේඛාවන් විදිහට සලකුණු වන අතර රේඛා කීපයක් සඳු මණ්ඩලය පා මුලින් පටන් ගෙන තරමක් ඉහළට ඇදී ගමන් කිරීම ස්වභාවයයි. මී ළඟට ජීවන රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තවත් රේඛාවක් සිකුරු මණ්ඩලයටත් යයි නම් එය ද විදේශ රේඛාවක් ලෙස හස්ත රේඛා ශාස්ත්‍රය උගන්වයි. රූපසටහනේ C C සලකුණු බලන්න. තවද දෛව රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවක් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් එය ද සංචාරක රේඛාවන් විදිහට හස්ත රේඛා ශාස්ත්‍රය උගන්වයි. රූප සටහනේ ච් ච් සලකුණු බලන්න. කෙනෙකුගේ රවි රේඛාවෙන් ශාඛාවක් සඳු මණ්ඩලයටත් තවත් ශාඛාවක් සිකුරු මණ්ඩලයටත් ගමන් කරයි නම් එයද සංචාරක රේඛාවක් විදිහට ගණන් ගන්නා බව ඉපැරණි හස්ත රේඛා ශාස්ත්‍රය උගන්වයි. රූප සටහනේ D D සලකුණු බලන්න. තවද සිකුරු මණ්ඩලයෙන් ශාඛාවන් දෙවැනි කුජ මණ්ඩලය දක්වා ගමන් කරයි නම් එය ද විදේශ ගමන් යෙදෙන රේඛාවන් විදිහට හස්ත රේඛා ශාස්ත්‍රයේ පැවසේ. රූප සටහනේ ජ් ජ් සලකුණු ඇති අය පිටරට යන්නේ බොහෝ දුරට විනෝදාස්වාදය සඳහා වන බව අපගේ අත්දැකීම් ය. තවද සිකුරු මණ්ඩලයේ පටන් විහිදුණු රේඛාවක් ගුරු මණ්ඩලය වෙතත් තවත් ශාඛාවක් සඳු මණ්ඩලය දක්වාක් ගමන් කරයි නම් එම සලකුණු ද සංචාරක රේඛාවන් හැටියට හස්ත රේඛා ශාස්ත්‍රය පෙන්වා දේ. රූප සටහනේ ට් ට් සලකුණු බලන්න. මෙසේ සලකුණු වන රේඛාවන් ඉතාමත්ම පැහැදිලිවත් ගැඹුරුවත් පිහිටීමෙන් අත්ල හිමියාගේ බලාපොරොත්තු ඉටුවන බවත් කැඩී බිඳී පළුදුව බාධක රේඛාවන්ගෙන් ගහණව තිබීමෙන් එවැනි අය විවිධ කරදර හිරිහැරවලට ලක්වන බවත් මේ ශාස්ත්‍රය පෙන්වා දේ. තවත් ඒ සඳහා බලපාන විවිධ රේඛාවන් තිබෙන අතර ඉතා කෙටි රේඛාවන් සංඛ්‍යාවක් ඉදිරිපත් කළ බවත් සලකන්න.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.