උපතේදී සඳු සිටින අංශකය අනුව පලාපල

පෙබරවාරි 16, 2024

පලාපල බැලීමේදී විවිධ ක්‍රම සමාජය තුළ තිබේ. උපන් වේලාව අනුව සඳු ග්‍රහයා කිසියම් කොටුවක ගමන් කරයි. දළ කේන්දරයේ අදාළ රාශියේ සඳු ග්‍රහයා සටහන් කළත්, මේ ක්‍රමයට පලාපල බැලීමේදී සඳු ග්‍රහයා ගමන් කළ අංශක ගණන අවශ්‍ය වේ. රවි ග්‍රහයා මෙන්ම සඳු ගැන ද විශේෂ අවධානයක් යොමු කිරීම ඡ්‍යොතිර්වේදීන් ගේ සිරිතකි. සඳු සිතට බලපාන නිසා උපත සහ පුද්ගල ස්වභාවය අතර චන්ද්‍රයාගේ ලොකු සම්බන්ධතාවක් තිබේ.

සඳු උපතේ සිටින අංශක ගණන අනුව පලාපල බැලීම ප්‍රචලිත නොවුවත් එය දැන ගෙන සිටීම වැදගත්ය. රාශියක් අංශක 30කි. රාශියක් අංශක 6 බැගින් කොටස් 5කට වෙන් කර පැරැන්නන් විසින් රාශි 12ම එකක් කොටස් 5 බැගින් බෙදා මේ ක්‍රමයට කෙටියෙන් පලාපල පවසා ඇත.

 

මේෂ රාශියේ සඳු සිටින අංශකය

 

1.) අංශක 0.00 සිට 6.00 දක්වා ජන්මියාගේ තත්ත්වය පහත වැටේ.

2) අංශක 7.00 සිට 12.00 දක්වා තපස් රැකීමට සුදුසුයි. කලබල නැත

3) අංශක 13.00 සිට 18.00 දක්වා අන්සතු භාර්යාවන් සොයා යයි

4) අංශක 19.00 සිට 24.00 දක්වා උත්සාහවන්ත අයෙකි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා සතුන්ට පි‍්‍රය අයෙකි

 

වෘෂභ රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා රාජ්‍ය පාලනයට සුදුසුයි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා ඉහළ නායකත්වයකට සුදුසුකම් ලැබේ.

3) අංශක 13.00 සිට 18.00 දක්වා රජුන්ගේ ඇසුරට පි‍්‍රය වේ.

4) අංශක 19.00 සිට 24.00 දක්වා සතුරන් නසා ජය ගත හැකි අයෙකි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා හමුදා නිලධාරියෙකි.

 

මිථුන රාශියේ සඳු සිටින අංශකය

 

1) අංශක 0.00 සිට 6.00 දක්වා ජීවිතය විනාශ කර ගැනීමට උත්සාහ කරයි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා හිසේ කැළලක් තිබේ

3) අංශක 13.00 සිට 18.00 දක්වා නිතර අත් පා තුවාල කර ගන්නා අයෙකි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා තනියම සිටීමට හෝ සිරගෙයක දිවි ගෙවීමට කැමතියි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා කල් අල්ලන ලෙඩ රෝග තිබේ.

 

කටක රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා රාජ්‍ය බලය හිමි වේ.

2. අංශක 7.00 සිට 12.00 දක්වා උගත් අයෙකි.

3) අංශක 13.00 සිට 18.00 දක්වා මත්පැන්වලට ගිජු, තම නම කැත කර ගන්නා අයෙකි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා පින් පව් ගැන හොඳ අවබෝධයක් තිබේ.

5) අංශක 25.00 සිට 30.00 දක්වා තම පවුලට යුතුකම් ඉටු කරන්නෙකි.

 

සිංහ රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා උසස් පවුලක උපත ලබයි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා ඉහළ පෙළේ ධනවතෙකි.

3) අංශක 13.00 සිට 18.00 දක්වා ප්‍රසිද්ධියට පත් වේ.

4) අංශක 19.00 සිට 24.00 දක්වා නිවේදක තනතුරුවලට සුදුසුයි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා සතුරන් පරදා ජය ගනියි.

 

කන්‍යා රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා නිතර උණ රෝගවලින් පෙළෙයි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා තමා පදිංචි ස්ථානයේ ගුප්ත දෝෂ තිබේ.

3) අංශක 13.00 සිට 18.00 දක්වා පරාජයට මුහුණ දෙන අයෙකි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා කෙනෙකු යටතේ සේවය කරයි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා කාන්තා ඇසුරට පි‍්‍රය කරයි.

 

තුලා රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා රාජ්‍ය සභාවක මන්ත්‍රීවරයෙකි

2) අංශක 7.00 සිට 12.00 දක්වා යහපත් ඇමැතිවරයෙකි

3) අංශක 13.00 සිට 18.00 දක්වා අන්සතු ඉඩම් මිලයට ගනියි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා විවාහය අවුල් කර ගනියි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා රියැදුරෙකි.

 

වෘශ්චික රාශියේ සඳු සිටින අංශකය

 1) අංශක 0.00 සිට 6.00 දක්වා ඇමැතිවරයකු මෙන් බලතල තිබේ.

2) අංශක 7.00 සිට 12.00 දක්වා රණශූරයෙකි

3) අංශක 13.00 සිට 18.00 දක්වා යුද්ධයට හෝ සටනට පි‍්‍රය කෙනෙක් නොවේ.

4) අංශක 19.00 සිට 24.00 දක්වා නිතර නින්දට කැමැති අයෙකි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා ආගමට ළැදි පුද්ගලයෙකි.

 

ධනු රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා ආහාරපාන නොලැබීමට ඉඩ තිබේ

2) අංශක 7.00 සිට 12.00 දක්වා නිතර ආහාරවලින් පිරී පවතී.

3) අංශක 13.00 සිට 18.00 දක්වා මස්වලට පි‍්‍රය අයෙකි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා හදිසි අනතුරුවලට භාජනය වේ.

5) අංශක 25.00 සිට 30.00 දක්වා උපන් භූමියෙන් ඈත්ව ජීවත් වේ.

 

මකර රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා බිරිඳ සමඟ සතුටින් ජීවත් වේ

2) අංශක 7.00 සිට 12.00 දක්වා බිරිඳගේ දුක සැප බලයි.

3) අංශක 13.00 සිට 18.00 දක්වා සූදුවට කැමැතියි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා විනෝදයට පි‍්‍රයයි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා සැපෙන් ජීවත් වේ.

 

කුම්භ රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා කලබල නැති පුද්ගලයෙකි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා පින්වත් අයෙකි.

3) අංශක 13.00 සිට 18.00 දක්වා මිතුරන් සමඟ සතුටින් සිටියි.

4) අංශක 19.00 සිට 24.00 දක්වා දෙවියන්ට කැමැතියි.

5) අංශක 25.00 සිට 30.00 දක්වා රජෙකු හා සමානය.

 

මීන රාශියේ සඳු සිටින අංශකය

1) අංශක 0.00 සිට 6.00 දක්වා මිහිරි ආහාර ලැබෙයි.

2) අංශක 7.00 සිට 12.00 දක්වා නිතර කිරි පානයට පි‍්‍රයයි.

3) අංශක 13.00 සිට 18.00 දක්වා සිල්වත් ජීවිතයක් ගත කරයි

4) අංශක 19.00 සිට 24.00 දක්වා හොඳ ශරීර ශක්තියක් තිබේ.

5) අංශක 25.00 සිට 30.00 දක්වා සතුටින් ජීවිතය ගත වේ.

 

මේ සඳහා උදාහරණයක් ගෙන බලමු. හඳහනේ සඳු ගමන් කරන්නේ මීන රාශියේ අංශක 22 නම් ඉහත සඳහන් සටහන අනුව මීන රාශියේ සඳු සිටින අංශකය 4 තීරුවේ අංශක 19.00 සිට 24.00 දක්වා කොටසට අයත් ය. මීන රාශියේ සඳු අංශක 22 ගමන් කරන නිසා පලාපල අනුව එම පුද්ගලයාට හොඳ ශරීර ශක්තියක් ඇත.

මෙවැනි අනාවැකිවල ඇත්තේ සරල වැකි දෙක තුනක් පමණි. මෙය සියයට සියයක් සාර්ථක යැයි කිව නොහැකිය. ඔබට නිවැරැදිව වැඩි විස්තරයක් දැන ගැනීමට නම් ඔබේ උපන් වේලාවට සාදා ඇති ජන්ම පත්‍රය පරීක්ෂා කර ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.