සතියේ පඤ්චාංගය

පෙබරවාරි 23, 2024

ශකවර්ෂ 1945 ක් වූ කුම්භ රවි 11 භාග නවම් පුර පසළොස්වක තිථිය ලත් කිවි දින සිට එම රවි 17 භාග නවම් අව විසේනිය ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – කුම්භ

කුජ – මකර

බුධ – කුම්භ

ගුරු – මේෂ

ශුක්‍ර – මකර

ශනි – කුම්භ

රාහු – මීන

කේතු – කන්‍යා

යුරේනස් – මේෂ

නැප්චූන් – මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි – සියාවස

කුජ – සුවණ

බුධ – දෙනට ( 24 දා අලුයම 12.23 සියාවස)

ගුරු – බෙරණ

ශුක්‍ර – සුවණ

ශනි – සියාවස

රාහු – රේවතී

කේතු – සිත

යුරේනස් – බෙරණ

නැප්චූන් – පුවපුටුප

පෝය

පෙබරවාරි 23 සිකුරාදා සවස 03.37න් පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා සවස 06.03න් ගෙවේ. 23 සිකුරාදා සිල්.

චන්ද්‍ර චාරය

23 දා රාත්‍රි 07.28 සිංහ

26 දා උදේ 08.12 කන්‍යා

28 දා රාත්‍රි 08.59 තුලා

දිනූ තත්ත්ූවය

පෙබරවාරි 23 සිකුරාදා

කුම්භ රවි 11 භාග නවම් පුර පසළොස්වක තිථිය ලත් කිවි දින ඉර උදාව 06.26 ඉර බැසීම 06.23 අස්ලිස නැකත රාත්‍රි 07.28න් ගෙවී මා නැකත ලබයි. නවම් පුර තුදුස්වක තිථිය සවස 03.37න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. ශෝභන යෝගය දහවල් 12.50න් ගෙවී අතිගණ්ඩ යෝගය ලබයි. ගරජ කරණය අලුයම 02.28න් ගෙවී වණිජ කරණය ලබා එය සවස 03.37න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – නාසය

අමෘත කලාව – හිස් මුදුන

මරු – ගිනිකොන

යෝගිනි – වයඹ

සුබ දිසාව – උතුර

පෙබරවාරි 24 සෙනසුරාදා

කුම්භ රවි 12 භාග නවම් අව පෑළවිය තිථිය ලත් ශනි දින ඉර උදාව 06.25 ඉර බැසීම 06.23 මා නැකත රාත්‍රි 10.22න් ගෙවී පුවපල් නැකත ලබයි. නවම් පුර පසළොස්වක තිථිය සවස 06.03න් ගෙවී අව පෑළවිය තිථිය ලබා පවතී. අතිගණ්ඩ යෝගය දහවල් 01.36න් ගෙවී සුකර්ම යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 04.47න් ගෙවී බවකරණය ලබා එය සවස 06.03න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව – ගෙල

අමෘත කලාව – හිස

මරු – නැඟෙනහිර

යෝගිනී – නැඟෙනහිර

සුබ දිසාව – දකුණ

 

පෙබරවාරි 25 ඉරිදා

කුම්භ රවි 13 භාග නවම් අව දියවක තිථිය ලත් රවිදින, ඉර උදාව 06.25 ඉර බැසීම 06.23 පුවපල් නැකත දවස පුරාම යෙදී පවතී. නවම් අව පෑළවිය තිථිය රාත්‍රි 08.38න් ගෙවී අව දියවක තිථිය ලබයි. සුකර්ම යෝගය දහවල් 02.29න් ගෙවී ධෘති යෝගය ලබයි. බාලවකරණය උදේ 07.19න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 08.38න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව – තනය

අමෘත කලාව – නළල

මරු – උතුර

යෝගිනි – උතුර

සුබ දිසාව – නැඟෙනහිර

 

ජනවාරි 26 සඳුදා

කුම්භ රවි 14 භාග නවම් අව දියවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.25 ඉර බැසීම 06.23 පුවපල් නැකත අලුයම 01.25න් ගෙවී උත්‍රපල් නැකත ලබයි. නවම් අව දියවක තිථිය රාත්‍රි 11.18න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. ධෘති යෝගය සවස 03.27න් ගෙවී ශුල යෝගය ලබයි. තෛතිලකරණය උදේ 09.57න් ගෙවී ගරජකරණය ලබා එය රාත්‍රි 11.18න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව – තනය / ළැම

අමෘත කලාව – නළල / බැම

මරු – වයඹ

යෝගිනි – උතුර / ගිනිකොන

සුබ දිසාව – නැඟෙනහිර

පෙබරවාරි 27 අඟහරුවාදා

කුම්භ රවි 15 භාග නවම් අව තියවක තිථිය ලත් කුජ දින ඉර උදාව 06.24 ඉර බැසීම 06.23 උත්‍රපල් නැකත අලුයම 04.32න් ගෙවී හත නැකත ලබයි. නවම් අව තියවක තිථිය දවස පුරාම යෙදී පවතී. ශුල යෝගය සවස 04.25න් ගෙවී ගණ්ඩ යෝගය ලබයි. වණිජකරණය දහවල් 12.36න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘත කලාව – බැම

මරු – බටහිර

යෝගිනී – ගිනිකොන

සුබ දවස – දකුණ

 

පෙබරවාරි 28 බදාදා

කුම්භ රවි 16 භාග නවම් අව ජලවක තිථිය ලත් බුධ දින ඉර උදාව 06.24 ඉර බැසීම 06.23 හත නැකත උදේ 07.34න් ගෙවී සිත නැකත ලබයි. නවම් අව තියවක තිථිය අලුයම 01.54න් ගෙවී අව ජලවක තිථිය ලබා පවතී. ගණ්ඩ යෝගය සවස 05.16න් ගෙවී වෘධි යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.54න් ගෙවී බවකරණය ලබා එය සවස 03.08න් ගෙවී බාලවකරණය උදා වී පවතී.

විෂ කලාව – පෙකණිය

අමෘත කලාව – කන

මරු – නිරිත

යෝගිනී – නිරිත

සුබ දිසාව – දකුණ

 

පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා

කුම්භ රවි 17 භාග නවම් අව විසේනිය තිථිය ලත් ගුරු දින ඉර උදාව 06.24 ඉර බැසීම 06.23 සිත නැකත උදේ 10.22න් ගෙවී සා නැකත ලබයි. නවම් අව ජලවක තිථිය අලුයම 04.20න් ගෙවී විසේනිය තිථිය ලබා පවතී. වෘධි යෝගය සවස 05.54න් ගෙවී ධෘම යෝගය ලබයි. බාලවකරණය අලුයම 04.20න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.22න් ගෙවී තෛතිලකරණය උදා වෙයි.

විෂ කලාව – ලිංග / යෝනි

අමෘත කලාව – ඇස

මරු – දකුණ

යෝගිනී – දකුණ

සුබ දිසාව – නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.