ක්‍රිෂ්ණමුර්ති ක්‍රමයෙන් සුබ මුහුර්ත සකසමු

මාර්තු 8, 2024

ජීවිතයේ නොයෙකුත් වැදගත් අවස්ථාවන් සඳහා සුබ මුහුර්තයකින් ආරම්භ කිරීමට අනාදිමත් කාලයක සිට අපි පුරුදුව සිටිමු. මෙවැනි සුබ මොහොතකින් ආරම්භ කරන යම්කිසි කටයුත්තක සාර්ථකත්වය හා සෞභාග්‍යය ලබාගත හැකි වනු ඇත.

ක්‍රිෂ්ණමුර්ති ක්‍රමවේදය යටතේ සුබ මුහුර්තයක් සකසා ගැනීමේ දී ඔබේ අවධානය යොමුවිය යුත්තේ අදාළ කාරණයට මුල්වන ප්‍රධාන භාවයන්ය. උදාහරණයක් වශයෙන් ගෘහ නිර්මාණ කටයුතු හා ගෙවැදීමට 4වැනි භාවය ද විවාහයට අදාළ 7 වන භාවය ද ආදී වශයෙන් ප්‍රධාන භාවයන් තෝරා ගන්න.

1. කොන්ත්‍රාත්තුවක් සඳහා ටෙන්ඩර්පත් අත්සන් කිරීමට

ලග්න ස්ඵුටය සහ චන්ද්‍රයා 3, 6, 9 සහ 11 වන භාව නිවේදක ග්‍රහයන්ගේ නක්ෂත්‍ර සහ උපස්ථානවල ගමන් කරන දිනයක් තෝරා ගත යුතුයි.

2. දරුවා පාසලකට ඇතුළත් කිරීමට

අදාළ අයදුම්පත ලග්න ස්ඵුටයේ සහ චන්ද්‍ර ස්ඵුටයේ උප අධිපතියන් 4, 9 සහ 11 භාව නිවේදකත්වයක් ලැබූ දිනයක් තෝරා ගන්න.

3. ලොතරැයිපත් මිලදී ගැනීමට

ජන්ම පත්‍රයේ ලග්න ස්ඵුටයේ සහ චන්ද්‍ර ස්ඵුටයේ උප අධිපතියන් අදාළ දිනදී 2, 3, 6 සහ 11 වන භාවයන්ට නිවේදකත්වයක් ලබා සිටිය යුතුයි.

4. නඩුවක් ගොනු කිරීමට නීතිඥයෙක් හමුවීමටට දිනයක් තෝරා ගැනීමට

ලග්න ස්ඵුටයේ සහ චන්ද්‍රස්ඵුයේ උප අධිපතියන් 6 සහ 11 වැනි භාවයන්ට නිවේදකත්වයක් ලැබූ දිනයක් වීම සුබදායකය.

5. වැඩ වර්ජනයක් සාර්ථකවීමට ආරම්භ කළයුතු සුබ මොහොත

වැඩවර්ජනය සම්බන්ධයෙන් දැනුම් දෙන වෘත්තීය සංගමයේ සාමාජිකයාගේ ජන්ම පත්‍රයේ 6 සහ 11 භාව නිවේදකයන් චන්ද්‍රයා සහ ලග්න ස්ඵුටය තියුණු ස්ථානයක ගමන් කළ යුතුයි. 6 සහ 11 වැනි භාව නිවේදකයන් 8 සහ 12 වන භාවයන් සමඟ සම්බන්ධ වී නොසිටිය යුතුයි.

 

6. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට

7 වැනි භාවයේ උප අධිපති 6, 11 භාව නිවේදකයකුගේ නැකතක ගමන් කරන දිනයකි.

7. බැංකු ගිණුමක් ආරම්භ කිරීමට

2, 6 සහ 11 භාව නිවේදකයෙකුගේ නැකතක හා උපස්ථානයක චන්ද්‍රයා ගමන් කරන විට ලග්න ස්ඵුටයටද එවැනි තියුණු ස්ථානයක ඇතිවිට ගිණුමක් ආරම්භ කිරීම.

8. ගිවිසුමක් අත්සන් කිරීම

3 වැනි භාව උප අධිපති 6, 11 භාව නිවේදකයෙකුගේ නැකතක ගමන් කරන දිනයක් තෝරා ගැනීම ශුභදායකය.

9. වාහනයක් මිලදී ගැනීමට

ලග්න ස්ඵුටයේ උප අධිපති සහ චන්ද්‍රස්ඵුට උප අධිපති 4 සහ 11 භාව නිවේදකත්වයක් ලබා ඇති දවසක වාහනයක් මිලදී ගැනීම සඳහා යොදා ගන්න. නමුත් 3 සහ 12 යන භාවයන්ට නිවේදකත්වයක් ලබා දී තිබේ නම් මිලදී ගත් වාහනය සොරුන් අතට පත්වන බවත් 9 භාවයට නිවේදකයෙක් වුවහොත් වාහනය නිතර යාන්ත්‍රික දෝෂවලට ලක්වන බවත් ක්‍රි.මූර්ති ක්‍රමවේදයේ සඳහන්ව ඇත.

10. ගෙවැදීමට

චන්ද්‍ර ස්ඵුටය හා ලග්න ස්ඵුටය 2, 4 සහ 11 වැනි භාව නිවේදකයකුගේ නැකතක ගමන් කරන දිනයකදී මෙහිදී 5, 8, 12 භාව නිවේදකයන් හිමි නැකතක් තෝරා නොගැනීමට වග බලාගන්න.

11. භාණ්ඩයක් විකිණීමට

12 වැනි භාවයේ උප අධිපති 6 සහ 11 වැනි භාව නිවේදකයකුගේ නැකතක ගමන් කරන දිනයක වැඩි ලාභයක් ලබා ගත හැකිය.

12. භාණ්ඩයක් මිලදී ගැනීමට

2 වැනි භාව උප අධිපති 6 සහ 11 වැනි භාව නිවේදකත්වය ලබා ඇති දිනයකදී.

13. බැංකු ණය ඉල්ලීම

ඔබගේ ජන්ම පත්‍රයේ 3, 6, 9, 11 භාවවලට සම්බන්ධ දශා, බුක්ති අන්තර් කාලයක් ගත කරන කාල සීමාව තුළදී චන්ද්‍රයා සහ ලග්නය ඉහත සඳහන් භාවයන්ට සම්බන්ධ දිනයක් තෝරා ගැනීමෙන් ඉතා ඉක්මනින් ණය මුදල ලබාගත හැකිය.

ඉහත සඳහන් ආකාරයට අදාළ කටයුත්ත සඳහා සුබ මුහුර්තයක් තෝරා ගත් පසු එදිනට සුබ හෝරාවට හා සුබ පංචමය හෝරාවක් ගත යුතුයි. ක්‍රි.මූර්ති ක්‍රමවේදයට අනුව සකසාගත් සුබ මුහුර්ත තම දෛනික කටයුතු සඳහා උපයෝගී කර ගැනීම තුළින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකිවනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.