කුම්භ ලග්නය හිමි කාන්තාව

ලග්නය හා කාන්තාව
සැප්තැම්බර් 16, 2022

ලග්න කේන්දරයේ 11 වැන්න වූ කුම්භ රාශිය තිර රාශියක් වන අතර, සෙනසුරු ග්‍රහයා අධිපති ග්‍රහයා වේ. කුම්භ රාශියෙන් ප්‍රවේශම, ඉවසීම කල්ගියත් විරුද්ධවාදීන් ඇතිකර ගන්නේ නැතිව අදහස් කරගත් පරිදි කටයුතු කිරීම, තිර රාශියක් නිසා අලුත් දේ එක්වර පිළිනොගැනීම, උස් පහත් භේදයක් නොසලකා කටයුතු කිරීම, මෙලොව දියුණුවට වඩා පරලොව දියුණුව කෙරෙහි ගරු කිරීම ඇති කරයි. තරමක ගුප්ත ගතියක් ද ඇති අතර ආගම දහම හා දර්ශනය පිළිබඳ දැන ඉගෙන ගැනීමටද තද කැමැත්තක් දක්වයි.

කුම්භ ලග්නයේ පළමු කොටසට තුලා, වෘශ්චික, ධනු යන නවාංශකවලින් ඉපිද ඇති අය අයත් වන අතර මොවුනට බුධ ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති ග්‍රහයා බැවින් සම්පූර්ණයෙන්ම අසුබපල උදා කරයි. බුධ මහ දශා, අතුරු දශා අයහපත් පල අත්කර දෙන අතර සිකුරු ග්‍රහයා විසින් සුබපල අත්කර දෙනු ලබයි. 

රවි බුධ යෝගය එතරම් සුබපල අත්කර නොදෙන අතර ලග්නාධිපතියා වුවත් සෙනසුරු 12 වැන්නට අධිපති බැවින් සුබපල අත්කර නොදෙයි. මෙම අයට නැන්දලා, මාමලා වැනි අයගෙන් මෙන්ම ඥාතීන්ගෙන් පිහිටක් නොමැති, අතර විවාහයටද බුධ ග්‍රහයා 7 වැන්නේ සිටීමෙන් බාධා ඇති කරයි. 7 අධිපති රවි බුධ සමඟ යෝගවීම ද විවාහයට බාධා ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ ලග්නයේ පළමුවැනි කොටසින් උපන් අය අන් අයගේ ඇද කුද සෙවීමට සමත් වන අතර කතාවට වැඩියෙන් කැමතියි. නිතර දොඩමලුවීම නිසා බොහෝ අයගේ අප්‍රසාදයට ද ලක්වේ.

දිව, පෙණහැල්ල, නාසය, නහර හා ශරීරයේ ඇතුළත සිට සියුම් සිවිය දක්වා බුධට අයත්වේ. සිහිමද බව, ක්ලාන්තය, මී මැස්මොරය, කල්පවතින හිසරදය, ඉරුවාරදය, ගොත ගැසීම, සෙම් ගෙඩි ආදිය කුªම්භ ලග්නයෙන් ඉපදුණ අයට පහසුවෙන් වැලඳෙනු ඇත.

කුම්භ ලග්නයේ දෙවැනි කොටස වශයෙන් කුම්භ ලග්නයෙන් ඉපිද මකර, කුම්භ, මීන යන නවාංශකයක් හිමිව ඉපදුණ අය හැඳින්විය හැකි අතර, මොවුනට දියුණු තත්ත්වයක් ලැබ සැපසේ ජීවත් වීමට අපහසු ය. සෙනසුරු මහ දශා අතුරු දශා කාලවලදී බොහෝ කරදරවලට භාජනය විය හැකියි. වම්පාදයේ රෝග, වාත අමාරු නිතර ඇති කරයි. එමෙන්ම තද වේදනාගෙන දෙන රෝග, හොරි, දද, වණ, කුෂ්ඨ වැනි අසනීපාදියෙන් ද පීඩා විඳීමට සිදුවෙනු ලබයි. මෙම තත්ත්වයන් වැඩිපුරම දැකිය හැකි වන්නේ සෙනසුරු 6, 8, 12 වැනි ස්ථානයක සිට සෙනසුරු මහ දශාවක් හෝ අතුරු දශාවක් පැමිණි විටය.

7 වැන්නේ සෙනසුරු සිටීමෙන් විවාහය අතපසු වීමටත්, නොගැළපෙන අයකු සමඟ විවාහවීමටත්, අඩ දබර මැද විවාහ ජීවිතය ගෙන යාමටත් කරුණු යෙදෙනු ඇත.

තුන්වන කොටස වශයෙන් මේෂ, වෘෂභ, මිථුන යන නවාංශකයක් සහිතව කුම්භ ලග්නයෙන් ඉපදුණ අය හැඳින්විය හැකි අතර, මෙම අයට අසුබපල ගෙන දෙන්නේ සිකුරු ග්‍රහයා ය. එයට හේතුව 04 අධිපති සිකුරු ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපතියා වීම ය. සිකුරු 7 වැන්නේ සිටීම හෝ 7 අධිපති රවි හා සිකුරු යෝග වීම ද විවාහය අසාර්ථක වීමට හේතුවකි.

රස මිහිරි ආහාරපාන ලැබීම් අතින් අඩුයි. නියම වයසට වඩා වැඩිමහලු බවක් පෙන්නුම් කරයි. ස්වාමියා සමඟ හෝ භාර්යාව සමඟ සමඟියෙන් ජීවත්වීමට අපහසු ය. දෙදෙනා අතර නුරුස්සන ගතියක්ද ඇති කරන අතර, කිසියම් අඩුපාඩු තත්ත්වයක් නිසා පවුල් ජීවිතය නීරස එකක් බවට පත්වේ. ලිංගික දුර්වලතාවන් නිසා හෝ ලෙඩ රෝග නිසා විය හැකිය. සෙම් ගෙඩි, බෙල්ල මහත්වීම, මස් දලු, මුත්‍ර රෝග, දියවැඩියාව හා වකුගඩු දුර්වලවීම් වැනි රෝග හටගැනීමට ද පහසු ය.

ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.