ආපසු හැරී බලමු

නොවැම්බර් 20, 2020

වර්තමානයේ අප බොහෝ දෙනෙකු අතරමංවී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. කොතෙකුත් ලොව දියුණු යැයි බොහෝ දෙනා උදම් ඇනුවද පෙර අතීතයේ අත්දැකීම් තරම් අද ක්‍රියාවන් නොවටිනා බවද පෙනෙන්නට තිබේ. මේ කෝවිඩ් 19 වසංගතය හමුවේ එය තව තවත් තහවුරු වන කරුණකි. එදා වෙදකම හෙදකම ක්‍රියා පිළිවෙත් නිරෝධායන ක්‍රම නිසා ඕනෑම වසංගතයකදී වුව මිනිස් ජීවිත සුරක්ෂිත වූවේ.

වෙන කෙනෙකුට ඉන් කිසිදු ව්‍යාප්තියක් නොවී ලත් තැන ලොප් කරන්නට ආදී සිංහලයා ක්‍රියා කළ නිසා නොවන්නේ ද එදා වසංගත ලෙස සැලකූ සරම්ප, කම්මුල්ගාය, පැපොල වැනි රෝග වෛරස නිසා ශරීර උණුසුම අධිකකම නිසා වැළඳුණු ඒවා වුවද අපේ ඇත්තෝ එය දෙවියන්ගෙ ලෙඩ ලෙස සලකා නිවසේ සුරක්ෂිත වූහ.

එවිට කිසි කෙනෙකුට ඉන් ව්‍යාප්තියක් නොවුණි. දෙවියන් බුදුන් කෙරේ අසීමිත භක්තියක් විස්වාසයක් තිබූ ජනයා එය ඉතා සුපරීක්ෂාකාරී ලෙස බියෙන් සැකෙන් යුතුව සුරක්ෂිත වූහ. එපමණක් නොව නිවසේ කුටියකට වී හුදෙකලා වූ රෝගියා අන් අයගේ නොමසුරු උවටැන්වලට භාජනය විය. ඒ සඳහා රෝගයේ ස්වරූපය අනුව සුරක්ෂිත වූවා පමණක් නොව කොහොඹ කොළ, බෙලිකොළ හෝ වෙනයම් ඖෂධීය ගුණ දෙන කොළ වර්ග හා එහි ඉස්මවලින් සන්තර්පණය වූහ. පැපොල වැනි උණුසුම් අධික රෝගයක සැර දාහය සමනය. ඉහත කී ශාකශාරවලින් සිසිලස ලැබූහ.

ඒ පමණක් නොව වෙන කෙනෙකුට ඒ රෝගය යළි නොවන්නට ප්‍රවේශම් වූහ. එයයි නියම නිරෝධායනය ඒ ලෙසින්ම අදද මෙම කොරෝනාව දෙවියන්ගේ ලෙඩක් යයි ප්‍රකාශ කළා නම් සමහරවිට දෙවියන් කෙරේ ඇති භක්තිය හෝ බිය නිසාම බොහෝ දෙනා බොහෝ විට මීට වඩා ප්‍රවේශම් වීමට ඉඩ තිබුණි. එහෙත් දෙවියන් බුදුන් ඒවා හෙළා දකින ඡ්‍යොතිෂය හෙළ වෙදකමට ගරහන අද සමාජය එබඳු විටෙක වුවද නොනැමෙන්නට පිළිවෙත් පිළි නොපිළිපඳින්නට බොහෝ විට ඉඩ තිබේ. අද සමාජය අපිට අපේකම අහිමි කළ බොහෝ ගෛීලීය වසංගත ඉතා හිස් මුදුනින් පිළිගෙන වැළඳ ගත්හ.

කොරෝනාව පමණක් නොව ඊට පෙර ගෝලීය වශයෙන් පැමිණි පිටස්තර රෝගයක් වූ ඒඩ්ස් වැනි රෝගවලට ද අප වාහකයන් වූවේ එලෙසිනි. අද ඒඩ්ස් වැනි රෝග අද අපට අමතක වී තිබුණත් නිට්ටාවට සුවයක් නැති ඒ රෝග සමගම අද අපට ජීවත් වීමට සිදුව තිබීම කණගාටුවට කරුණකි. කොරෝනාවත් ඉදිරියට එසේම වේද සැබවින්ම ඒඩ්ස් වුවද නිසි පිළිවෙවත් රකින සමාජයකට ඒමට තිබෙන ඉඩකඩ සීමිතය.

නොගැළපෙන පිළිවෙත් විවිධ අසංවරශීලි ක්‍රියා නිසා එම රෝගය වැළඳෙන සුළු වුවද චාරිත්‍ර වාරිත්‍ර මෙන්ම දෙවියන් බුදුන් නිසි ලෙස අදහන පිරිස් තුළින් එම රෝගයට වැඩ බැදෙනු ඇත. එලෙසම මේ කොරෝනා රෝගය වුවද නිසි නිරෝධායන ක්‍රම අනුගමනය කර පිරිසුදුකම පෙර පිළිවෙත් පිළිපැදීම, දෙවියන් කෙරේ ඇති භක්තිය අපේ හෙළ වෙදකම හා ඡ්‍යොතිෂය වැනි විෂයයනට අනුගතව කටයුතු කරන්නේ නම් එය මෙම සමාජය තුළින් සහමුලින්ම තුරන් කිරීමේ හැකියාව පවතිනු ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.