ආත්මාභිමානය හා ආත්මාර්ථය

ඔක්තෝබර් 16, 2020

මිනිසකුගේ ආත්මාභිමානය ඉතා වටිනා දෙයකි. තැනකදී ඍජු තීන්දු තීරණ ගැනීම අන් අයෙකුට දෙවෙනි නොවී සිටීම හා ශක්තිමත් පුද්ගලයකු සේ සමාජයේ කැපී පෙනීමට, මෙය මහෝපකාරි වේ. කිසියම් උවදුරකින් ජය ගැනීමට ද මෙම ආත්මාභිමානය වැදගත් වෙයි. තව කෙනෙකු ඉදිරියේ දෙවෙනි නොවී සිටීමටද මෙම කියන අභිමානය මහෝපකාරි වෙයි.

එහෙත් ආත්මාර්ථකාමීත්වය යනු හුදෙක්ම තමා පමණක් ජය ගන්නට තමා කිසියම් උවදුරකින් මිදෙන්න යොදා ගන්නා එක්තරා නොමනා ගුණයක් මිස කෙනෙකුට පිහිටන යහපත් එකක් නොවේ. කිසියම් උවදුරකින් මිදෙන්නා ඔහු හෝ ඇය ඕනෑම පාවා දීමක් කිරීමට වුවද පෙළඹෙනු ඇත.

තමා සමාජයේ කිසියම් ජයක් ලබන්නට තමාගේ වෘත්තිය ගැන පමණක් සිතා කටයුතු කරන අය වෙතින් තව කෙනෙකු පාවා දෙමින් කරන කටයුත්ත පාවා දීමක් නැතිනම් ආත්මාර්ථය මිස වෙන එකක් නොවේ. එය ආත්මාභිමානයට පටහැනිව කටයුත්තකි. කෙනෙකු ව්‍යාසනයට කරදරයකට පත්ව සිටින මොහොතක ඒ අයට විවිධ අයුරින් තාඩන පීඩන දැක්වීම ආත්මාර්ථයකි. තමා පමණක් හොඳින් සුවසේ හිදීමටම ගන්නා ලද කෙනෙකුට නොගැලපෙන ක්‍රියාවකි. රට, ලෝකය ව්‍යසනයට පත්වූ හැම විටෙකම මේ ආත්මාභිමානය හා ආත්මාර්ථය යන කරුණු දෙක ඉතා හොඳින් විද්‍යාමාන වන බව පෙනෙන්නට තිබේ. ඒ අනුව මේ ලෝක ව්‍යසනයක් වූ කොරෝනා වසංගතය පැමිණි මොහොත හොඳම උදාහරණය ලෙස අපි දකිමු.

මේ අනුව රටේ පොදු ජනතාව වෙනුවෙන් එම රෝග ව්‍යාප්තිය නවතා ලන්නට දිවා රෑ නොබලා වෙහෙස වන රටේ ජනපතිතුමා , අගමැතිතුමා ඇතුළු ඇමති මණ්ඩල, මන්ත්‍රී මණ්ඩල ඇතුළු මහජන නියෝජිත පිරිසද, වෛද්‍ය ක්ෂේත්‍රය, ත්‍රිවිධ හමුදාව ,මහජන සෞඛ්‍ය නිළධාරි පිරිස, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු කී නොකී විශාල පිරිසක් අද ආත්මාභිමානයෙන් කටයුතු කරන අතර එම සෞඛ්‍යමය විධි විධාන අකර්මන්‍ය කිරීමට හුදු දේශපාලන බලය ලබා ගැනීමට හෝ වෙනයම් මූල්‍යමය වටිනාකමක් ලබා ගැනීමට බොරු ප්‍රචාර ගෙන යන අය හුදු ආත්මාර්ථයම පෙරදැරිව කටයුතු කරන්නෝම වෙති. ඒ අතරම ලෙඩ රෝගය පිළිබඳ කිසිඳු සැලකිල්ලක් නොදක්වා අත් සේදීම , මුව ආවරණ පැළදීම හෝ වෙන මොනයම් සෞඛ්‍ය කටයුත්තක් පිළි නොපැද සමාජයේ හිතුවක්කාරි ලෙස හැසිරෙන්නෝද හුදු ආත්මාර්ථයම ඇත්තෝ වෙති. ඒ අය අන් අය කියන දේ සැලකිල්ලට නොගන්නේ තම ආත්මාභිමානය ඇතිව නොව ඉතා ඉහළින්ම ආත්මාර්ථය සිත තුළ තිබෙන නිසාය. තවද කිසියම් උවදුරකදී පිහිටට නොඑන ඒ පිරිස ඉතාමත් අසීලාචාර ලෙස කටයුතු කරනු දැක්ම පිළිකුල් සහගත වේ. එක වරක් අප රටට කොවිඩ් 19 ආ සැනින් එය වළකාගත හැකි වුවද දෙවනවර රට පුරා පැතිරී යාමට පවා හේතු වූවේ මේ අසීලාචාර ආත්මාර්ථය සිත් තුළ තිබු නිසා නොවේද? තමා පමණක් වැජඹෙන්නට, බැබළෙන්නට සිතන හැම කෙනෙකු තුළම ඇති මේ ආත්මාර්ථය බිඳ දමන්නට එකතු වෙමු. එවිට අපේ රට ,අපේ ජාතිය සුරක්ෂිත වනු අත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.