ඇල්ෆා පරපුර සහ ඡ්‍යොතිෂය

දෙසැම්බර් 1, 2023

අප එළැඹෙමින් සිටින්නේ 2024 වසරටයි. එය තවත් එක් පරම්පරාවක නාමකරණය නිමාවන වසර බව අපි දනිමු. ඒ 2010 වසරේ සිට මෙලොව එළිය දුටු ඇල්ෆා පරපුරේ අවසන් පුරුක් ලොවට බිහිවන අවසන් වර්ෂය ලෙස ගැනෙන බැවිනි. ලෝකය බොහෝ වේගයෙන් ‘ස්මාට්කරණය’ වූ යුගයක බිහිවුණු ඔවුන්ගේ ජීවිතයට තාක්ෂණික මෙවලම් ජානගත වූවා සේ බද්ධ ව ඇත. මේ පරපුරේ වැඩිමහල් කණ්ඩායම දැන් භද්‍ර යෞවනයට පා නඟමින් සිටියි. එනම් ඔවුන් ලෝකයේ සැඟවුණු දැනුම් සම්භාරය වෙත නැඹුරු වන වයසට එක් වන සමය මෙයයි. එහිදී ජ්‍යෝතිෂය වැනි විෂයයන්ට ඔවුන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්ද? අප ඉදිරියේ ඇති අභියෝගාත්මක පැනය වන්නේ එයයි.

එයට පිළිතුරු සෙවීම සඳහා අපට ඇති හොඳම ක්‍රමයක් වන්නේ ඔවුන්ට පෙර පරම්පරාවන් වන1997-2010 යුගයට අයත් ඛ හෙවත් සූමර්ස් , 1981-2006 උපන් ක නැතහොත් මිලේනියල් හෙවත් සහශ්‍රක පරපුර, 1965- 1980 පිරිස අයත් ඔ පරපුර සහ ඊට පෙර පරම්පරාවන් වන බූමර්ස්, පශ්චාත් යුද හා දෙවැනි ලෝක සංග්‍රාම යුගවලට අයත් වැනි පෙර පරම්පරාවලට මේ පිළිබඳ තිබූ ආකල්පය, පිළිගැනීම සහ භාවිතය පිළිබඳ හැදෑරීමයි.

ඒ පරම්පරාවල ඈතට යන විට මෙවැනි විෂයන් කෙරෙහි දැඩි විශ්වාසයකින් කටයුතු කළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එයට හොඳම උදාහරණය ඇඩොල්ෆ් හිට්ලර් වැනි අසමාන නායකයන්ට පවා අනාවැකි පැවසීමට හැකි අය සිටි බවට සාක්ෂි හමුවීමයි. එසේ පැවැති විශ්වාසයන් පරම්පරාවෙන් පරම්පරාවට අඩු වැඩි වශයෙන් විශ්වාසය දිනාගෙන අදට ද පවතින්නේ එයින් ප්‍රයෝජන ගන්නා පිරිස අදටත් ලොව පුරා වෙසෙන බැවිනි. යම් විෂයයක් හෝ ශාස්ත්‍රයක් වසර දහස් ගණනක් එසේ පවතින්නේ නම් එයට කුමක් හෝ තර්කානුකූල හේතුවක් තිබිය යුතුය. ඒ කෙසේ වෙතත් වර්තමානය වන විට බොහෝ ඡ්‍යොතිෂඥයන් ද අනෙක් විෂය ප්‍රාමාණිකයන් සේම සිය දැනුම සමාජ මාධ්‍ය ඔස්සේ ලබා දීමට කටයුතු කරනු පෙනේ. එයට හොඳම උදාහරණය මේ වන විට ලංකාවේ ඡ්‍යොතිෂය වෙනුවෙන් වෙන් වී ඇති යූටියුබ නාළිකා සංඛ්‍යාව පමණක් නොව, ලොව පුරා අනාවැකි පළ කිරීම වෙනුවෙන් වෙන්ව ඇති දස දහස් සංඛ්‍යාත යූටියුබ නාළිකාය. මේවා ප්‍රයෝජනයට ගන්නා පිරිසද සුළුපටු නොවේ. ඊටත් වඩා විස්මයජනක කරුණ නම් ඒ පිරිස අතරින් වැඩි දෙනෙකු අයිති වන්නේ සූමර්ස් පරපුර වන 1997-2010 කාලයේ උපන්නවුන්ට වීමය. එයට හේතු වී ඇත්තේ ලොව පුරා මේ තරුණ පිරිසට සිය ජීවිතය පිළිබඳ මෙන්ම රැකියාව, අධ්‍යාපනය වැනි අනාගත කරුණු පිළිබඳ ඇතිව තිබෙන අවිනිශ්චිතතාවයි. විශේෂයෙන් කොරෝනා ව්‍යසනය හා ඉන්පසු ලොව පුරා ඇති වූ විසම තත්ත්වයන් මත පෙනෙන සාධකවලට වඩා නොපෙනෙන බලවේගවලින් තම අනාගතය පිළිබඳ සොයාබැලීමට ඔවුහු පෙලඹී සිටිති. එහෙත් ඔවුන් අයත් වන්නේ අතිශයින් ඩිජිටල්කරණය වූ ආකල්පධාරීන්ගේ කාණ්ඩයටය. ඒ නිසාම ඇති වූ ආතතිය, පීඩනය ආදිය ද ලොව පුරා තරුණ පරපුර මෙවැනි විෂයයන් වෙත ආකර්ෂණය වීමට හේතු සපයා තිබෙන බව විවිධ පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

ඒ කරුණු අනුව සලකා බලන විට ඇල්ෆා පරපුර සූමර්ස්ලාගේ පරපුරටත් වඩා තාක්ෂණයට නතු වීමෙන් ඇති වන අතුරුඵලවලට මුහුණ දෙනු නිසැකය. ඔවුන් තව තවත් මෙවැනි අස්පර්ශී විෂයයන් වෙත ඇදී යනු ඇත. ඒ පරපුරට ඡ්‍යොතිෂයේ විපුල ඵල නෙළා ගැනීමට නම් ඡ්‍යොතිෂවේදියා ද මේ පරම්පරා වෙනස හඳුනාගෙන ඊට ගැළපෙන තාක්ෂණය ඔස්සේ සිය දැනුම හා සේවය සැපයිය යුතු කාලය එළැඹ තිබේ. එසේ නොවන පිරිස ස්වාභාවධර්මයේ උචිතෝන්නුති නියමය අනුව පරිසරයට අනුව හැඩ නොගැසුණු සත්ත්වයන්ගේ ඉරණමට හිමි රතුදත්ත පොතට එක්වනු නොඅනුමානය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.