ඇබ්බැහිවීම වනාහී

පෙබරවාරි 5, 2021

ඇබ්බැහිය යනු කෙනකු කිසියම් දෙයකට හුරු පුරුදු වීමයි අපට හොඳ ඇබ්බැහි මෙන්ම නරක ඇබ්බැහි ද තිබේ. නරක ඇබ්බැහි තුළින් ජීවිතයට නරක ද හොඳ ඇබ්බැහි තුළින් ජීවිතයට හොඳ ද උදා කරනු ඇත. ඒ අතර මත් පැනට, දුරාචාරයට, කාමාපචාරයට, දුසිරිතට හුරුවූ අය වෙතින් ඒ අයගේ ඇබ්බැහි තුළින් තමාට පමණක් නොව සමාජයේ අන් අයටද වන්නේ අවැඩක්මය. නමුත් සුචරිතය යහපත - හොඳ සිරිත් විරිත් යහ පැවැත්මට අදාළ කටයුතු කෙරේ වූ ඇබ්බැහිවීම් තුළින් සමාජයට මෙන්ම රටට ලෝකයටම වන්නේ යහපතක්ම ය.

අද අප මේ ගත කරන සමාජ ස්වභාවය තුළ අපට හොඳ ඇබ්බැහිවීම් කීපයක් කෙරේ සිත යොමු කළ යුතුව තිබේ. එනම් මේ කොවිඩ් වසංගත සමයේ අපි සෞඛ්‍ය ආරක්ෂිත වීමට නම් හොඳ ඇබ්බැහිවීම් කීපයක් අප තුළ තිබිය යුතු ය. එනම් මුව ආවරණ පැළඳීම, අත් සේදීම, අන් අය හා මීටරයක දුරින් සිට කතා කිරීම අන් අය සමඟ එකට බත්පත අනුබව නොකිරීම කෙනෙකු අනුබව කළ දෙයක් නැවත අනුභව නොකිරීම හා සෙනග ගැවසෙන වටපිටාවක ඕනෑවට වඩා නොගැවසීම යන ඇබ්බැහි අප අතර වෙතොත් මේ වසංගතයෙන් වැළකී සිටීම එතරම් අභියෝගයක් නොවනු ඇත.

කෙසේ නමුදු ඖෂධ නැතත් ප්‍රතිකාර ප්‍රතිකර්ම නැතත් අපට මේ වසංගතයෙන් මිදීමට එයට හේතුවක් වනු ඇත. අද අප රටේ පමණක් නොව ලෝක ප්‍රජාව අතර වුවද මෙම වසංගතයට එන්නතක් එනතුරු බලා සිටිති. එහෙත් එදිනෙදා අප අතර ඇති නරක ඇබ්බැහි ඉවත දමා හොඳ ඇබ්බැහිවීම් වලට මුල් තැන දුන හොත් වෙන කිසිවකින් නොලද, හැකි යහපතක් අපට අත් විඳින්නට පුළුවන. මෙම නිදර්ශන ගෙන හැර දක්වමින් මා කියා සිටින්නේ අප අප තුළම ඇති මේ ප්‍රතිකර්ම නොසලකා මිරිඟුවක් පසුපසු දුවන පිරිසක් ලෙස කටයුතු කිරීම නුසුදුසු බවයි.

කෝවිඩ් එන්නත පිළිබඳව සිතමු බොහෝ විට එය අපට මතුවට අතුරු ආපදා ගෙනදෙන ප්‍රතිජීවක ඖෂධයක් විය හැක. තවත් විටෙක එය එක් මාත්‍රාවක් පමණක් නොව මාත්‍රා කීපයක් ගැනීමට සිදුවන ඖෂධයක් විය හැක. තවත් විටෙක මුල් ප්‍රමුඛතා ලැයිස්තුව අවසන්ව අපට එය ලැබෙන විට තව බොහෝ කල් ගතවීමට ඉඩ තිබෙන්නට පුළුවන. එසේනම් එය ඔස්සේ බලා සිටීම නුවණට හුරු නොවන්නට ඉඩ තිබේ. තවත් විටෙක එම ඖෂධ පිටරටින් ගෙන්වීමේ දී විශාල මුදලක් වැය වන්නට ද පුළුවන ඒ අතින් බලනවිට ඖෂධ ගැන නොව අප අපගේ

ප්‍රතිශක්තිකරණය ප්‍රවේශම හා සුබවාදී ආකල්ප අනුගමනය කිරීම හා හොඳ ඇබ්බැහිවලට හුරුවීම හා නරක ඇබ්බැහි වලින් මිදී සිටීම ගැටලුවට හොඳ ප්‍රතිකර්මයක් නොවන්නේ ද?

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.