යුතුකම් ඉටුකර සුබ අනාගතයකට පියවර තබමු

ජුනි 12, 2020

ලොවටම උවදුරු පැමිණ තිබේ. ඒ අතර දියුණු යයි කියාගත්, බලවතුන් යයි කියාගත් බොහෝ රටවල් තවමත් අසරණ වී තිබේ. එහෙත් වාසනාවන්ත අපේ රට ඒ සෑම රටකටම වඩා ප්‍රබල රටක් ලෙස ලොවටම හඬගා කියා අවසානය. ස්වභාවික වේවා වසංගත තත්ත්වයක් වේවා, පැමිණෙන උවදුරක දී හිතුවක්කාරී නොවී පරිසරයට, පවතින සත්‍යයට මුහුණ දී කටයුතු කරන එක ජයග්‍රහණයේ හේතුවක් වී ඇත. ඊට හොඳම නිදසුන අපේ මේ පුංචි ශ්‍රී ලංකාවයි. අනාදිමත් කාලයක සිට අපේ ආහාර පාන වලට අපේ ඖෂධවලට අපේ චාරිත්‍ර වාරිත්‍ර හොඳට සිරිත්වලට නැඹුරු වී සිටි අපට මෙම ස්වභාවික වසංගතයෙන් වැළකී සිටීමට වාසනාව උදා වී ඇත. 

බොහෝ විට ඕනෑම ලෙඩ රෝගයකට ඔරොත්තු දෙන අන්දමේ සදාචාරාත්මක ජීවන රටාවක් අපට හුරු වී තිබීම ඒ වාසනාවට හේතුවයි. අනෙක එකමුතුකම කියන දේ අහන ගතිය හා වෙනත් කෙනෙකුට විපතක් වූ විට එය තමන්ගේම විපතක් ලෙස සලකා අන් අයට පිහිටවීමේ කෘත ගුණය නිසාද අපට වෙන රටවලට වඩා ඉක්මනින් උවදුරෙන් මිදීමට අවස්ථාව උදා වී ඇත. ගංවතුර ගැලීමකදී, නාය යාමකදී එසේත් නැතිනම් අපිට, ආගන්තුක වූ, සුනාමියක දී වුවද අප එකාමෙන් අත්වැල් බැඳගෙන කටයුතු කිරීම ඒ සෑම එකකටම වඩා මහත් උදාර කටයුත්තකි. මෙවර ලොවම වසා දමමින් විවිධ උවදුරුවලට ගොදුරු වී නිරාහාරව ප්‍රතිකාර නොලැබ වෙනත් රටවල මරණයට පත් වූ පිරිස දෙස බැලීමේ දී අපේ මේ කුඩා රට එසේ අගතියට නොයා ඉතා ශීලාචාර ලෙස කටයුතු කරනු අපි දුටිමු. ඒ නිසාම අපේ මේ කුඩා රටද මාස ගණනාවක් වසා තිබියදී සිදුවූ ආර්ථික අවපාතය ඉදිරියේ දී වුවද කිසිදු අයකු නිරාහාරව සිටියා යයි මම නොසිතමි. 

ඒ සියල්ල ජය ගන්නට වත්මන් සෘජු පාලනය බෙහෙවින්ම ඉවහල් විය. සිය වගකීම අන් අයට පවරා වැරදුණු තැන අන් අයට ඇඟිල්ල දිගු කරන තත්ත්වයෙන් මිදී තම යුතුකම නොපිරීහෙලා ඉටු කරනා අතිගරු ජනාධිපතිතුමාට, ගරු අගමැතිතුමා ප්‍රමුඛ සුව විරුවන්, රණ විරුවන් ප්‍රාදේශීය සෞඛ්‍ය          පරීක්ෂකවරුන්, එකම නීතියක් යටතේ පරාර්ථයෙන් කටයුතු කිරීම නිසා අද අප ඉතා වාසනාවන්ත පිරිසක්ලෙස ලොවට අභිමානයක් පෙන්වීමට සමත් වී ඇත. නොඑසේ වන්නට අද අපට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ටම මරණය ළඟා කර දීමට පවා හේතුවන්නට ඉඩ තිබුණි. 

මේ වාසනාව අපට ඉතිහාසයේ පටන් උරුම වූ වාසනාවකි. එක අතකින් රුදුරු ත්‍රස්තවාදයට ගොදුරුවී, එකාපිට එකා මිය ගිය යුගය වසර 30 කට පසු වසර 3 ක් වැනි ඉතා කෙටි කලකදී ඒ අමිහිරි යුද ගින්න සදහටම නිමා දමන්නට එවක පාලනය මුල් වුවද තවත් මාස 3 කින් පමණ පසු අපේම ජනතාව එය අමතක කොට දැමූවත් එදා යුද්ධය ජයගත් අද වසංගත රෝග උවදුරු රටින් මුලිනුපුටා දැමීමටම එදා විරුවන් එදා පාලකයින්ම අදද මුල් වී කටයුතු කරමින් සිට කළ මේ උදාර මෙහෙවර අප මින්මතුවට නම් අමතක නොකරමු. එසේ වුවහොත් අපට පැවැත්මක් නැත. ජීවිතයක් නැත. එහෙයින් අප ඉදිරියටත් වාසනාවන්ත පිරිසක් ලෙස අත්වැල් බැඳගෙන සුබ අනාගතයකට පියවර තබමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.