පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට ඡ්‍යොතිෂය අතකොලුවක් කර නොගනිමු

නොවැම්බර් 29, 2019

ඡ්‍යොතිෂය අනාදිමත් කාලයක සිට නොනැසී පැවතගෙන එන පරම සත්‍යවූ විෂයයකි. බෞද්ධ දර්ශනය හා ගහට පොත්ත මෙන් සබැඳුණු විෂයයක්ද වෙයි. එය සදාතනික වූ ඉරහඳ තාරකා හා සබැඳුණු විෂයයක්ද වන නිසා කාටවත්ම එය බොරු කළ නොහැක. විවේචනයට ලක්වන අවස්ථා බොහෝ විට ඇතත් ඒ අද වානිජකරණය හමුවේ බොහෝ දෙනෙකු එය බඩගෝස්තරය ආරක්ෂා කර ගැනීම උදෙසාද භාවිතා කරන නිසා එබදු බාල අංශයේ විවේචනවලට ලක්වීමද පෙනෙන්නට තිබේ. බොහෝවිට මැතිවරණයක් ළං වන විට එම විෂයයට නැඹුරුවන පිරිස වැඩි නිසා යාන්තම් යමක් දැන ගත් අය තම ජනපි‍්‍රයතාව උදෙසා විවිධ ගල් පැළෙන තර්ක විතර්ක ඉදිරිපත් කරමින් බොරු අනාවැකි පළකොට එය සාවද්‍ය වූ තැන තම චරිතයට පමණක් නොව මේ වූ මාහැඟි ශාස්ත්‍රයට ද නිසා උදාකර ගැනීම සුළුකොට තැකිය හැකි වරදක් නොවේ. බොහෝ විට කේන්ද්‍ර දෙකක් හෝ තුනක් එකට සංසන්දනය කරමින් රටේ අනාගතය තීරණය කරන ජනපතිවරයා හෝ අගමැතිවරයා ලෙස පත්වන්නේ කවුරුන්ද කීමට නොපැකිල වන බොහෝ අය අන්තිමේදී සිය ජීවිතය පවා උගසට තබන අවස්ථා කොතෙකුත් අප දැක තිබේ. තම අනාගත නායකයා හිස මුදුනේ තබාගෙන අන්ධකාරයේ අතපත ගාන අය එසේ කිරීමෙන් අනාවැකිය බොරුවීමෙන් ඉතිහාසයේ ද අදද ඒ මකන්නට බැරි කැළල උදා වී තිබේ.

කොහෙත්ම නමුත් සුබසෙත පුවත්පතට පසුගිය ජනපති මැතිවරණයේ දී අසවලා දිනනවා අසවලා පරදිනවා යන්න ලියා එවූ විශාල ලිපි ප්‍රමාණයක් අප සතුව පවතී. ඒ අයුරින්ම අසවලා දිනනවා යයි ලිපි පල කරන්නැයි ඉහළ බලධාරීන්ගෙන් සිදුවූ බලපෑම් ද නැතුවා නොවේ. ඒ කෙසේ හැටි වෙතත් ඒ කිසිදු බලවේගයකට නතු නොවී ස්වාධීන මතයේම පිහිටා ඒ එකඳු ලිපියක්වත් පළකිරීමට සුබසෙත අප කර්තෘමණ්ඩලය එකඟතාව පල නොකළේ සැබවින්ම සත්‍යය ලෙසින්ම ගෝඨාභය රාජපක්ෂ මැතිඳු ඉහළ ප්‍රතිශතයකින් ජනාධිපති පදවියට පත්වන බව අප පර්යේෂණාත්මකව ඡ්‍යොතිෂ නියමයන්ට අනුව හොඳින් දැන සිටි නිසා ය. ඒ පමණක් නොව එදා බලයේ සිටි අයට පවා මා සෘජුව කියා සිටියේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුගේ ජයග්‍රහණය ස්ථිර බවය. ඒ කෙසේ වෙතත් අද ඒ තීරණය සක් සුදක්සේ ඉටුවී ඇති නිසා අද ඒ අභියෝග හමුවේ සෘජුව සිටගත් නිසා සුබසෙතට එතැන් පටන් ලැබෙන සුභාශිංසනාත්මක වදන් අපට සතුටක් වී තිබේ. කිසියම් අයුරකින් අප වැරදි මතයක් සමාජයට හුවා දැක්වූවා නම් අපට පමණක් නොව පුවත්පතට ද එය විශාල පහරක් අපකීර්තියක් වන්නට ඉඩ තිබුණි. පසුගිය වසර හතර හමාරක පමණ කාලය ඡ්‍යොතිෂයට තිබුණේ කුඩම්මාගේ සැලකිල්ලකි. වෙන එකක් තබා යම් යම් රජයේ මාධ්‍ය මෙම විෂයය හෙළා දැක්වීම උදෙසා විවිධ වැඩසටහන් විකාශනය කළ අවස්ථාද අපට දැක ගන්නට ලැබුණි. ඡ්‍යොතිෂය, ගුප්ත විද්‍යාව පිළිබඳ කිසිම වැටහුමක් නැති පුද්ගලයින් කරලියට ගෙනෙවිත් අන්තවාද මූලධර්මවාදී කණ්ඩායමක් සමග වාදයට පටලවමින් ඡ්‍යොතිෂයට කරන නිගාව අප දැක තිබුණි. වෙන එකක් තබා රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතු මෙම විෂයයට ලැබිය යුතු තැන එය වුවද වර්තමානයේ බලයට පත් වූ අතිගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් මෙම විෂයයට නැතිනම් බෞද්ධාගමට ලබාදෙන ඉහළම සැලකිල්ල පිළිබඳ අප ඉතා බලාපොරොත්තු සහගත අනාගතයකට අවතීර්ණ වී සිටිමු. ඡ්‍යොතිෂයේ හෙට දවස ඉරහඳ මෙන් සුරැකෙන බව ඉන් බලාපොරොත්තු ඉහළ නංවා ගනිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.