වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
දිවි සුරකින ඖෂධීය ශාක
ඔක්තෝබර් 29, 2021
ආඩතෝඩ
පාවට්ටා යන නමින්ද හැඳීන්වෙන ආඩතෝඩවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඒඤචබධඤච මචඵඪජච ය. ඉතා දිගු කාලයක් පවතින මෙම ශාකය අඩි 10 ක් පමණ උස්ව වැවෙන පඳුරු විශේෂයකි. මෙහි ලන්සාකාර පත්‍ර අඟල් 6 -12 අතර ප්‍රමාණයකින් යුක්ත වන අතර රෝස පැහැති රේඛාවක් සහිත සුදු පැහැති මල් හට ගනී. ඵලය කුඩාය. දේශීය වෛද්‍ය ක්‍රමයට නැතිවම බැරි ඖෂධයකි. ආඩතෝඩ ගසේ කොළ, මුල්, පොතු, මල් හා නැටි යන අංග පහම තැවිලි , වමන, ප්‍රමේහ, කුෂ්ඨ රෝග, සඳහා ඖෂධ ලෙස ගනී.
අළුබෝ
ඉරලඨරඪභථ ථචඬභත යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අළුබෝ ජම්බු කුලයට අයත් ශාකයකි. මෙහි සිනිඳු පොත්ත අළුපාටය. කුඩා මල් සුදුය. අළුබෝ පත්‍ර තරමක් විශාලය. ඵලය දම්පාටය. අඟල් භාගයක් තරම් කුඩාය.ශ්‍රී ලංකාවට ආවේණික පැළැටියකි.
අරූද
යුරෝපය නිජබිම කරගත් කුඩා ශාකයක් වන අරූද ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය වනුයේ අභබච ඨපචමඥධතඥදඵ ය. ඉතා තද ගන්ධයක් පවතී. යුනානි වෙදකමේදී බහුලව භාවිත වේ. අර්ධ පඳුරුමය බහුවාර්ෂික ශාකයක් වන අරූද අඩි 2 -3 පමණ උසය. තද කොළ පැහැ අරූද පත්‍ර සිලින්ඩරාකාරය. ක්‍රමවත් ද්විලිංගික පුෂ්ප කහ පැහැතිය. පලය, අළු දුඹුරු පැහැති ස්පෝටිකාවකි. ඒ තුළ කෝණාකාර බීජ රාශියක් පිහිටා ඇත. සම්පූර්ණම ශාකය ඖෂධ සඳහා යොදා ගනියි. වාත, ශාමක, ශ්ලේස්මල කාරක ගුණ දරයි. පණුවන් හා විෂබීජ නසයි. සීතල දුරු කරයි. යුරෝපය ජන්ම භූමිය වන අරූද ශාකය ඉරාකය ආශ්රිත රටවල දක්නට ලැබේ. ලංකාවේ හා ඉන්දියාවේද මෙය වගා කරනු ලබයි. අඩි 2000 ට වඩා උස ප්‍රදේශවල සරුවට වැඩෙයි.
අත්තන
සොලනාසේ කුලයට අයත් අත්තන ශාකය අඩි දෙකක් පමණ උසට වැඩේ. ඉතා සියුම් බූවක් කඳ වටා දැකිය හැකිය. පත්‍රවලද බූව පවතී. පත්‍ර දිගය. විශාල මල් සුදු පැහැතිය. ඇතැම් අත්තන විශේෂවලමල් දම් පැහැතිය. මලේ හැඩය පුනීලයක් මෙනි. කටු සහිත ගෙඩි කොළ පාටය.ඵලය තුළ බීජ පවතී.කොළ හා ඇට ඖෂධ ලෙසගනී. ළපටි කොළවල හා බීජවල ඇට්‍රොපීන් හයොක්සයිබීස් සහ හයෝසීන් නම් වූ ඇල්කොලයිඩ පවතී. ඵල අත්තන කළු අත්තන හා තුන්බෝ අත්තන නමින් අත්තන වර්ග තුනක් ආයූර්වේදයේ දක්වයි. කුෂ්ඨ වර්ග, සෙම හා විෂ වේදනා සඳහා අත්තන ගුණ බව ආයූර්වේදයේ සඳහන් වේ. හන්දි ඉදිමුමටද අත්තන කොළ ඖෂධ ලෙස ගනී. ගසේ පංචාගයම ඖෂධ ලෙසගනී.
අරළු
කොම්බබුටාසේ කුලයට අයත් අරලු ගස මධ්‍යම කඳක් සහිත ශාකයකි. ගසේ සෑම දිශාවටම අතු ඉතිවිහිදී පවතී. ගසේ පොත්ත ඝණකම්ය. දිග පත්‍ර අඟල් 3 -5 ක් පමණ වේ. කහ පාට මල් කුඩාය. අරළු ඇට ඉතා තදය. විජයා, රෝහිණි , පුතනා, අමෘතා, අභයා, ජීවන්ති, චේතකි යනුවෙන් අරළු වර්ග සතක් පිළිබඳව ආයූර්වේදය සඳහන් වේ. අරළු උෂ්ණය, බඩගිනි වඩවන සුලුය. ආයුෂ වර්ධනය වීමටත් මිනිස් සිරුරට වැළදෙන රෝගාබාධ විශාල සංඛ්‍යාවකට ඔසුවක් බවත් සඳහන්ය. අරළු සපා වැළදීමෙන් කුසගිනි වැඩෙයි. අඹරා වැළදීමෙන් මළ පිරිසිදු වෙයි. අරළු භාවිත නොකළ යුතු අය ලෙස ආයූර්වේදයේ සඳහන් වන්නේ දුර්වල අය, ඉතා කෙට්ටු අය, ගර්භනීව සිටින කාන්තාවන් හා පිත් අධික අයයි. ලංකාවේ පහතරට හා උඩරට වියළි ප්‍රදේශවල අරළු සුලබව වැවේ.
වෙනිවැල්ගැට
අත් බෙහෙතක් ලෙස සුලබව භාවිතයට ගැනෙන වෙනිවැල්ගැට වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ඛ්ධඵජඪදඪභථ ජ්ඥදඥඵබපචබභථ ය. තද හිරු රැස් නොවැටෙන හා වසර පුරා තෙතමන හා උෂ්ණත්වය රදාපවතින ප්‍රදේශවල මෙම ශාකය සරුවට වැවේ. මෑතක් වනතුරුම මිනිසුන් දැන සිටියේ වෙනිවැල් ශාකයේ වියළි කඳේ කොටස් තම්බා පානය කිරීමට යොදා ගන්නක් ලෙසිනි. එහෙත් සැබැවින්ම වෙනිවැල් යනු ඉතා ගුණදායක ප්‍රතිශක්තිය වර්ධනය කරන ඖෂධයකි. අප නොදැන සිටියද වෙනිවැල්ගැට මත් විෂ දුරලන ඖෂධයකි. මත්ද්‍රව්‍ය මඟින් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්රියයනට වන හානි අවම කිරීමේ බලය වෙනිවැල්ගැට සතුව ඇත. එසේම රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කිරීමේ හැකියාව මෙම ශාකය සතුය. පිටගැස්ම වැළදීම වලකනු පිණිසද වෙනිවැල්ගැට තම්බා පානය කිරීම ගුණය. වෙනිවැල් ශාකයේ ඇති ස්වාභාවික කහ පැහැය සහ කසට බව මුල් කොට ඒවා තැම්බු වතුරින්ථ මුහුණ සේදීම සහ ආලේපන ලෙස භාවිත කිරීම සම පැහැපත් වීමට හේතු වේ. රුධිරය පිරිසිදු කිරීමේ බලය ඇති නිසා වෙනිවැල් තම්බා පානය කිරීමෙන්ද පැහැපත් බව වැඩිකර ගත හැකිය. ලංකාවේ පහතරට තෙත්බිම් ආශ්රිත වනාන්තරවල බහුලව වැඩෙයි.
෴ සබැඳි ලිපි ෴
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ තිඹිරිගස්යාය සංරක්ෂණ සභාවේ අනුග්‍රහය ඇතිව පසුගියදා වෛද්‍ය සායනයක් සිදුකරන ලදී. මේ සඳහා තිඹිරිගස්යාය ප්‍රජා...
2023-10-12 18:30:00
කොළොන්නාව කොට්ඨාසයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ තිඹිරිගස්යාය වෛද්‍ය සුරංගා සමඟින් දේශීය ආහාර සංස්කරණ වැඩසටහනක් ගොනුව පෙර පාසලේදී පවත්වන ලදී....
2023-10-12 18:30:00
බෙම්මුල්ල ග්‍රාමයේ පදිංචි ටී.එම්.පැතුම් රුවන් කුමාර නම් තරුණ මහතා ගම්වාසීන්, අසල්වාසින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන සෑම වසරකම රජයේ රෝහල් සඳහා...
2023-10-12 18:30:00
සමස්ත ලංකා දේශීය පාරම්පරික වෛද්‍ය සමිති සම්මේලනය මඟින් කැලණිය, දුම්රියපල ඉදිරිපිට, අග්‍රබෝධි මූල මහා විහාරස්ථානයෙහි පවත්වාගෙන එනු ලබන දේශීය වෛද්‍ය ක්...
2023-10-12 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන ලද පාරම්පරික දේශීය වෛද්‍යවරුන් සවිබල ගැන්වීම සඳහා පැවැත්වූ වෙදැදුරු අභිමන් ප්රණාම...
2023-10-12 18:30:00
2023 ජනවාරි මස සිට අගෝස්තු මස කාලය තුළ පාත හේවාහැට තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් හැත්තෑඅට දෙනකු (78) වාර්තා වී ඇති බව...
2023-10-12 18:30:00
ග්‍රාමීය පෝෂණය අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් ආයුර්වේද වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොලොන්නාව ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිරංජන් ජයසිංහ මහතාගේ...
2023-10-12 18:30:00
හෝමාගම කැන්දලන්ද, සාම මාවත අංක 198/1/ඒ පදිංචි දුලාෂිණි තුෂාංගි පීරිස් (45) යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව පවසයි. ඇයට “ඒ පොසිටිව්” වර්ගයේ...
2023-10-12 18:30:00
2023 ලෝක සංචාරක දින තේමාව වන හරිත ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය සමරමින් ඔසු පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි ගේ...
2023-10-05 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි වෙද පරපුර මෙරටට දායද කරලමින් දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිය කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් තම උරුමයන්ද දේශීය වෛද්‍ය ක්රමයේ...
2023-10-05 18:30:00
දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්රමයන් හා බැඳුණු අපේ ඉපැරණි සංස්කෘතික උරුමයන් අනාගතය වෙනුවෙන් දායාද කරනු පිණිස දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය හා...
2023-10-05 18:30:00
බ/ප ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තිඹිරිගස්යාය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් බෝ නොවන රෝග පිළිබඳ සායනයක් පසුගියදා නාරාහේන්පිට දාබරේ මාවතේ 100 වත්ත...
2023-09-28 18:30:00
අපේ ජීවන රටාව සකස් කර ගත යුත්තේ කෙසේද යන ගැඹුරු සාකච්ජාව තමයි අද ලෝකය තුළ පවතින්නේ අපි අවුරුදු දහස් ගණනක් දීර්ඝ කාලයක් තිස්සේ අපේ දේශීය වෛද්‍ය ක්ෂේත්...
2023-09-28 18:30:00
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහල අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීමට අවශ්‍ය හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා බව 15 වැනි දින එම රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව...
2023-09-21 18:30:00
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් “Ayur Ex colombo 2023” ප්‍රදර්ශනය සඳහා සංවිධානය කර ඉදිරිපත් කළ සත්ත්ව ආයුර්වේදය හා...
2023-09-21 18:30:00
පිළියන්දල මාම්පේ ඓතිහාසික ගනේවත්ත මහා දේවාලයේ 75 වැනි ඇසළ පූජෝත්සවය සැප්තැම්බර් 13 දා කප් සිටුවීමත් සමඟ 16 දා කුඹල් පෙරහර ද 17-18 දෙදින මල් පෙරහර ද...
2023-09-21 18:30:00