ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චිගේ 143 වැනි ගුණ සැමරේ

ඔක්තෝබර් 6, 2023

ගම්පහ වික්‍රමාරච්චි වෙද පරපුර මෙරටට දායද කරලමින් දේශීය වෛද්‍ය අධ්‍යාපනය සඳහා සිය කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් තම උරුමයන්ද දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් දායාද කරලමින් මෙරට දේශීය වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ ආයුර්වේද චක්‍රවර්තී පණ්ඩිත් ජී.පී. වික්‍රමාරච්චි මැතිඳුන්ගේ 143 වන ගුණානුස්මරණය සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ගම්පහ, යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල හා යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ.

එහිදී ජී.පී. වික්‍රමාරච්චි මැතිඳුන්ගේ ගුණ සමරමින් ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විශේෂ සැමරුම් දේශන මාලාවක් පැවැත්විණි.

ඊට සමාගාමීව යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල මඟින් විශේෂඥ වෛද්‍ය සායන මාලාවක් ක්‍රියාත්මක කෙරුණු අතර, එම සායනමාලාව කැඩුම් බිඳුම්, කාන්තා රෝග, ළමා රෝග, චර්ම රෝග, පංච කර්ම, සර්වාංග ඇතුළු සියළු රෝග සඳහා විශේෂඥ ප්‍රතිකවලින් සමන්විත විය. මේ අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ ඇතුළු වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාවල සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.