2023.08.24 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 23, 2023

ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.22
රාහු කාලය - දවල් 01.45 - 03.18
සුබ දිශාව - උතුර

මේෂ

එදිනෙදා සැළසුම් කීපයක් වෙනස් කරමින් දවස ආරම්භ කරයි. ගේ දොර අවට පිරිසුදුතාවය කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. ශාරීරක වෙහෙස මහන්සිය ගෙනදෙන අතර, දරුවකු පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි.

වෘෂභ

පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු උදාකරයි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි.

මිථුන

සැනසිලිදායක ලෙස දවස උදාවෙයි. නිතර අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පවුලේ වැඩිමහල් කෙනකු වෙනුවෙන් දවසින් වැඩි කාලයක් කැපවීමට සිදුවේ. ගතට සිතට චංචල බවක් ඇති කරන දිනයකි.

කටක

කලකින් නොදුටු අමුත්තකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන බවක් පෙනේ. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු යෙදෙන දිනයකි.

සිංහ

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරන බවක් පෙනේ. පාදයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනයකි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවිය හැකියි. නිතර සිතේ සැකයෙන් කටයුතු කරන බවක් පෙනේ.

කන්‍යා

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් උදාකරයි. පවුලට අලුතින් සම්බන්ධ කෙනකු පිළිබඳ සොයා බැලීමක් කළයුතු බවක් පෙනේ. නිතර දනට පිනට ලැදිව කටයුතු කරයි.

තුලා

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවුපස ඥාතියකු වෙනුවෙන් ඇප උපස්ථාන කිරීමට අවස්ථාව උදාකරයි. නිතර දුර ගමන් යෙදෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග කීපයක් මඟහැරී යයි.

වෘශ්චික

සිතේ චංචල බවකින් දවස උදාකරයි. ගේ දොර කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අලුත් රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. විවාහ පොරොන්දුවක් සාර්ථක වන බවක් පෙනේ.

ධනු

ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ කටයුතු

පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. නිතර ගේ දොර සැපත සැනසීම හිමිකරයි. හදිසි හිතවත්කම් ඇති කරන දිනයකි.

මකර

හදිසි මුදල් වැයවීම්වලට හේතු යෙදේ. ගේ දොර දියුණුවට බාධා මතුකරයි. නිතර කේන්ති යන ස්වභාවයකින් කටයුතු කීපයක් සිදුකරයි. දේපළ ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන බවක් පෙනේ.

කුම්භ

අවිවේකී ලෙස දවස උදාකරයි. නිතර ඇවිදිලි වැඩිකරන දිනයකි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්කරයි. ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන අතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ.

මීන

මෙතෙක් පැවැති නොසන්සුන්කාරී බව මඟහැරී යයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්න ලැබේ. නිතර ආගමික නායකයන්ගෙන් ඇසුර පතන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.