සතියේ පඤ්චාංගය

ජනවාරි 31, 2025

ශකවර්ෂ 1946ක් වූ මකර රවි 18 භාග නවම් පුර දියවක තිථිය ලත් කිවිදින සිට එම රවි 24 භාග නවම්පුර නවවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - මකර

කුජ - මිථුන (වක්‍ර)

බුධ - මකර

ගුරු - වෘෂභ(වක්‍ර)

ශුක්‍ර - මීන

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - සුවන ( 06දා උදේ 07.50 දෙනට)

කුජ - පුනාවස

බුධ - සුවන

ගුරු -රෙහෙන

ශුක්‍ර - පුවපුටුප ( පෙබ. 01දා 08.27 උත්‍රපුටුප)

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

පෝය

පෙබරවාරි 05 බදාදා අලුයම 02.33න් පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අලුයම 12.38න් ගෙවේ. 05 බදාදා සිල්.

චන්ද්‍ර චාරය

පෙබ. 01 දා රාත්‍රි 08.59 මීන

03දා රාත්‍රි 11.19 මේෂ

06දා අලුයම 02.18 වෘෂභ

දිනූ තත්ත්ූවය

ජනවාරි 31 සිකුරාදා

මකර රවි 18 භාග නවම්පුර දියවක ලත් කිවිදින ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 දෙනට නැකත අලුයම 05.52න් ගෙවී සියාවස නැකත ලබයි. නවම්පුර දියවක තිථිය දහවල් 02.00න් ගෙවී නවම්පුර තියවක තිථිය ලබයි. වාරියන් යෝගය සවස 03.32න් ගෙවී පරිඝ යෝගය ලබයි. බාලවකරණය අලුයම 03.07න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 02.00න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - පතුල

මරු - ගිනිකොන

යෝගිනී - උතුර

සුබ දිසාව - දකුණ

පෙබරවාරි 01 සෙනසුරාදා

මකර රවි 19 භාග නවම් පුර තියවක ලත් ශනිදින ඉර උදාව 06.23 ඉර බැසීම 06.19 සියාවස නැකත අලුයම 04.15න් ගෙවී පුවපුටුප නැකත ලබයි. නවම් පුර තියවක තිථිය දහවල් 11.40න් ගෙවී පුර ජලවක තිථිය ලබයි. පරිඝ යෝගය දහවල් 12.25න් ගෙවී ශිව යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 12.50න් ගෙවී ගරජකරණය ලබා එය දහවල් 11.40න් ගෙවී වණිජකරණය උදාවී එදින රාත්‍රි 10.28න් ගෙවී විෂ්ටිකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - කෙණ්ඩ

මරු - නැඟෙනහිර

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

පෙබරවාරි 02 ඉරිදා

මකර රවි 20 භාග නවම් පුර ජලවක ලත් රවිදින ඉර උදාව 06.29 ඉර බැසීම 06.19 පුවපුටුප නැකත අලුයම 02.34න් ගෙවී උත්‍රපුටුප නැකත ලබයි. නවම් පුර ජලවක තිථිය උදේ 09.16න් ගෙවී පුර විසේනිය තිථිය ලබා පවතී. ශිව යෝගය උදේ 09.16න් ගෙවී සිද්ධ යෝගය ලබයි.

විෂ්ටිකරණය උදේ 09.16න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 08.05න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - දණහිස

මරු - උතුර යෝගිනී - නිරිත

සුබ දිසාව - දකුණ

පෙබරවාරි 03 සඳුදා

මකර රවි 21 භාග නවම්පුර විසේනිය හා සැටවක තිථිය ලත් සඳු දින ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 උත්‍රපුටුප නැකත අලුයම 12.54න් ගෙවී රේවතී නැකත ලබා එය රාත්‍රි 11.19න් ගෙවී අස්විද නැකත ලබයි. නවම්පුර විසේනිය තිථිය උදේ 06.55න් ගෙවී පුර සැටවක තිථිය ලබයි. සිද්ධ යෝගය උදේ 06.07න් ගෙවී සාධ්‍ය යෝගය ලබයි. බාලවකරණය උදේ 06.55න් ගෙවී කෞලවකරණය ලබා එය සවස 05.47න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - ඇස / කන

අමෘත කලාව - ලිංග / යෝනි

/පෙකණිය

මරු - වයඹ

යෝගිනී - නිරිත / දකුණ

සුබ දිසාව - උතුර

පෙබරවාරි 04 අඟහරුවාදා

මකර රවි 22 භාග නවම්පුර සතවක ලත් කුජ දින, ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 අස්විද නැකත රාත්‍රි 09.52න් ගෙවී බෙරණ නැකත ලබයි. නවම්පුර සැටවක තිථිය උදේ 04.39න් ගෙවී පුර සතවක තිථිය ලබා පවතී. සාධ්‍ය යෝගය අලුයම 03.04න් ගෙවී ශුභ යෝගය ලබයි. තෛතිලකරණය අලුයම 04.39න් ගෙවී ගරජකරණය ලබා එය සවස 03.36න් ගෙවී වණිජකරණය උදාවෙයි.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - බටහිර යෝගිනී - වයඹ

සුබ දිසාව - නැඟෙනහිර

පෙබරවාරි 05 බදාදා

මකර රවි 23 භාග නවම් පුර අටවක ලත් බුධ දින ඉර උදාව 06.29න් ඉර බැසීම 06.20 බෙරන නැකත රාත්‍රි 08.36න් ගෙවී කැති නැකත ලබයි. නවම්පුර සතවක තිථිය අලුයම 02.33න් ගෙවී පුර අටවක තිථිය ලබයි. ශුභ යෝගය අලුයම 12.08න් ගෙවී ශුභ්‍ර යෝගය ලබා එය රාත්‍රි 09.21න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. වණිජකරණය අලුයම 02.33න් ගෙවී විෂ්ටිකරණය ලබා එය දහවල් 01.35න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - තනය

මරු - නිරිත යෝගිනී - ඊසාන

සුබ දිසාව - නැඟෙනහිර

පෙබරවාරි 06 බ්‍රහස්පතින්දා

මකර රවි 24 භාග නවම්පුර නවවක ලත් ගුරුදින ඉර උදාව 06.29 ඉර බැසීම 06.20 කැති නැකත රාත්‍රි 07.33න් ගෙවී රෙහෙන නැකත ලබයි. නවම්පුර අටවක තිථිය අලුයම 12.38න් ගෙවී නවම්පුර නවවක තිථිය ලබා එය රාත්‍රී 10.57න් ගෙවී පුර දසවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය සවස 06.45න් ගෙවී පුර දසවක තිථිය ලබයි. බ්‍රහ්ම යෝගය සවස 06.45න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. බවකරණය අලුයම 12.38න් ගෙවී බාලවකරණය ලබා එය දහවල් 11.46න් ගෙවී කෞලවකරණය උදාවී එදින රාත්‍රී 10.57න් ගෙවී තෛතිලකරණය උදාවෙයි.

විෂ කලාව - හිස්මුදුන

අමෘත කලාව - ගෙල

මරු - දකුණ

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.