2025.01.26 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 26, 2025

 ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය - සවස 04.47 - 06.15
සුබ දිශාව - දකුණ

මේෂ

අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. අතමිට මුදල් ගැවසෙන දිනයකි.

වෘෂභ

පැවැති අවිවේකී බව මඟ හැරී යයි. මවුපස ඥාතියකුගේ උපකාරයක් හිමිකරයි. පවුලේ සමඟියට කටයුතු සැලසෙන බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කර ගනී.

මිථුන

නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි බවක් පෙනේ. නිතර සමාජ සේවා කටයුතුවලට යොමුවන දිනයකි.

කටක

සිතේ චංචල බවකින් කටයුතු සිදුකරයි. නිකරුණේ කරන වියදම් වැඩිවන බවක් පෙනේ. මුත්‍රා ආබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි.

සිංහ

අවිවේකී ලෙස දවස උදා කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට සිදුවේ. ගනුදෙනුවකින් නිදහස්වීමට අවස්ථාව උදා කරයි. අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසේ.

කන්‍යා

අධ්‍යාපනික ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්විය හැකි බවක් පෙනේ. වගකීම් බහුලවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. පැවැති අසනීපකාරී බවක් මඟ හැරී යයි.

තුලා

ආගමික කටයුත්තක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් කැපකිරීමට සිදුවේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විසිතුරු දේට සිත යොමුකරන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු කරයි. ගේ දොර සැනසිල්ල අඩුකරන බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

ධනු

පවුලේ අය අතර කැපී පෙනෙන කටයුතු කීපයක් යෙදේ. අන්සතු වස්තු ලාභයකට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ දුර දිග සිතා බලන්න.

මකර

ගේ දොර සැලසුමක් වෙනස් කරන දිනයකි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් පීඩාගෙන දෙන දිනයකි.

කුම්භ

වගකීම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙනේ.

මීන

අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇති දිනයකි. සිතට පී‍්‍රතිය ගෙනදෙන කරුණු කීපයක් සිදුකරයි. අවිවේකී බව මඟහැරී යයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.