2025.01.18. සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 18, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.14
රාහු කාලය - උදේ 09.21 - 10.52
සුබ දිශාව - උතුර

 

මේෂ

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගැනීමට අවස්ථාව උදා කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වරින් වර හට ගන්නා උදරාබාධයකින් පීඩා විඳින දිනයකි.

වෘෂභ

රැවටීම් මුලාවීම්වලට හසුවීමට ඉඩ ඇත. නිතර සමාජ ආශ්‍රයට යොමුවන බවක් පෙනේ. ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි.

මිථුන

බලාපොරොත්තුවක් බිඳ වැටේ. නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇත. සෙම් රෝග වාත රෝග ආදියෙන් පීඩා විඳින දිනයකි.

කටක

නැති වූ දෙයක් නැවත හිමිකරයි. අමතර වියදම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් සිදුකරයි. පවුලේ අය අතර කැපී පෙනෙන බවක් පෙනේ.

සිංහ

කීර්තිය ප්‍රසිද්ධියට කැමැති බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදුකරයි. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි.

කන්‍යා

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අලුත් හිත මිතුරන් දැන හඳුනා ගැනීමට අවස්ථාව උදා කරයි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.

තුලා

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. නිතර නිවෙසින් බැහැරව කටයුතු සිදු කරයි. අලුත් බලාපොරොත්තු ඇති කරන දිනයකි.

වෘශ්චික

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකට සැලසුමක් ඇති කරයි. දූ දරු සමගියට කටයුතු සැලසෙන බවක් පෙනේ.

ධනු

අලුත් බලාපොරොත්තු ඇති කරයි. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිවන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙයි. හිතවත්කම් අලුත් කරන දිනයකි.

කුම්භ

සැලසුමක් සාර්ථක කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පොරොන්දු ගිවිසුමක් සාර්ථක කරන බවක් පෙනේ. වගකීම් බහුල දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. දේපළ ගැටලුවක් නිරවුල් කරන දිනයකි. ශාරීරික වෙහෙසීම් බහුල කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.