2025.01.19 ඉරිදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 19, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.28
ඉර බැසීම - ප.ව. 06.14
රාහු කාලය - සවස 04.45 - 06.13
සුබ දිශාව - දකුණ

 

මේෂ

පවුලේ දියුණුවට විශේෂ පියවර කීපයක් ගනී. පැරැණි හිතවත්කමක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි. පියපස ඥාතියකුගෙන් උපකාරයක් හිමි කරන දිනයකි.

වෘෂභ

පවුලේ සතුට සමාදානයට හේතු ඇති කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදුකරයි. වගකීම්වලින් නිදහස් වන දිනයකි.

මිථුන

උදාසීන ගති පැවැතුම් ඇති කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සෙම් රෝග හිසේ ආබාධ ඇති කරයි.

කටක

අතමිට මුදල් ගැවසෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

සිංහ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. පැණි රස කෑමට පි‍්‍රයතාවයක් දක්වන දිනයකි.

කන්‍යා

වගකීමකින් නිදහස සැලසෙන බවක් පෙනේ. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි.

තුලා

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත් වෙයි. හදිසි ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි. හදිසි ජයග්‍රහණයකට හේතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. අමතර ලැබීම් හිමිවුවත් ඒවා එතරම් දුරට සාර්ථක නොවන බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

ධනු

අමතර භාෂාවක් ඉගනීමට වෙහෙසක් දරන බවක් පෙනේ. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන දිනයකි. ඥාති හිතවත්කම් අලුත් කරයි.

මකර

අවිවේකී ලෙස දවස උදා කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ. ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු සිදු කරන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. හදිසි දේපළ හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. අතමිට සරු කරන දිනයකි.

මීන

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. තැන තැන ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වගකීම් බහුල දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.