2025.01.25 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 24, 2025

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය - උදේ 09.25 - 10.53
සුබ දිශාව – උතුර

මේෂ

වෙනදාට වඩා උත්සහවන්තව කටයුතු සිදු කරයි. පවුලේ කටයුතු සම්බන්ධව වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතු බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

වෘෂභ

සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. පැවැති උදාසීන ගති මඟහැරී යන දිනයකි.

මිථුන

විශ්වාසවන්ත කෙනකුගේ හමුවීමක් සිදුකරයි. ඥාති උපකාරයක් හිමිවීමට ඉඩ ඇත. පවුලේ සුහදතාවයට හේතු ඇතිකරන දිනයකි.

කටක

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. වෙනදාට වඩා සිතේ චංචල ගතියක් ඇති කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

සිංහ

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි.

කන්‍යා

කියවීමට ලිවීමට දැඩි කැමැත්තක් දක්වන බවක් පෙනේ. අවිවේකී ලෙස දවස ගෙවී යයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

තුලා

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. සෙම් රෝගයක් හේතුවෙන් පීඩා ගෙන දෙන දිනයකි.

වෘශ්චික

පැරැණි හිතවත්කමක් අලුත් කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

ධනු

වගකීම් බහුල කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. ඥාති හිතවත්කම් අලුත් කරන කටයුතු කීපයක් යෙදේ.

මකර

විශ්වාසය බිඳ වැටීමක් සිදුකරයි. වගකීම් වැඩිකරන කටයුතු කීපයක් යෙදේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

කුම්භ

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. විසිතුරු දේට ඇල්මක් දක්වන බවක් පෙනේ.

මීන

උත්සාහයෙන් කටයුතු සිදුකරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වන දිනයකි. ගතට සිතට සැහැල්ලුවක් ඇති කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.