2025.01.17 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 17, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම - ප.ව. 06.14
රාහු කාලය - උදේ 10.52 - 12.20
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

සැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධ වෙහෙසීම් බහුල කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘෂභ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. ශාරීරික වෙහෙසීම් බහුල දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.

මිථුන

ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි යොමුවන බවක් පෙනේ. නිතර පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.

කටක

ගැටලුකාරී බවකින් නිදහස සැලසේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කරන දිනයකි.

සිංහ

පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගන්නා බවක් පෙනේ. ගතට සිතට සැනසිල්ල අඩු කරයි. පොරොන්දු ගිවිසුමක් ප්‍රමාද කරන දිනයකි.

කන්‍යා

ශාරීරික වෙහෙසීම් බහුල කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

තුලා

වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරයි. තම ආහාරපාන පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් සිදු කරයි. අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරයි. වෙනදාට වඩා වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත් වන්න.

ධනු

පැවැති අවිවේකී බව මඟහැරී යයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

මකර

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුකරයි. යටපත්වූ පාදයේ වේදනාවක් නැවත මතු කරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කරන දිනයකි.

කුම්භ

වගකීමකින් නිදහස උදා කරයි. වෙනදාට වඩා වැයපස අධික කරන කටයුතු කීපයක් යෙදේ. විශේෂ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.

මීන

වගකීම් බහුල කරයි. වියදම් අධිකවන කටයුතු කීපයක් යෙදේ. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. සුබදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.