2025.01.27 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 27, 2025

ඉර උදාව - පෙ.ව. 06.29
ඉර බැසීම - ප.ව. 06.17
රාහු කාලය - උදේ 07.57 - 09.25
සුබ දිශාව - නැඟෙනහිර

මේෂ

පැවැති අවිවේකී බව මඟ හැරී යයි. දරුවකුª පිළිබඳ විමසිලිමත් විය යුතු දිනයකි. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි.

වෘෂභ

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරයි. වගකීම් බහුල අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

මිථුන

අසල්වැසි සිත් නොහොඳකමකට කටයුතු උදා කරයි. අමතර මුදල් ලාභ හිමිකරන දිනයකි. හිතුමතයට කටයුතු සිදු කරයි.

කටක

ශාරීරික වෙහෙස මහන්සිය ගෙනදෙන කටයුතු කීපයක් යෙදේ. උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි. අමතර වියදම් බහුල කරයි.

සිංහ

පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගැනීමට සිදුවන බවක් පෙනේ. නැති වූ දෙයක් නැවත හිමි කරන ලකුණු පෙනේ. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

කන්‍යා

නිතර දනට පිනට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. පවුලේ ඉදිරි දියුණුවට සැලසුමක් ඇති කරයි.උරහිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර පතන දිනයකි.

තුලා

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. වෙහෙස ඇති ගමනකට සහභාගිවීමට සිදුවන දිනයකි.

වෘශ්චික

ප්‍රමාදවූ කටයුතු කීපයක් සාර්ථක කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත්වන කරුණු කීපයක් යෙදේ. උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

ධනු

ඉදිරි සැලසුමක් වෙනස් කරයි. නිතර ගතට සිතට පී‍්‍රතිය ගෙනදෙන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. ගනුදෙනුවක් සාර්ථක කරන දිනයකි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. උත්සාහයේ තරමට ප්‍රතිපල අත්නොවන බවක් පෙනේ. පවුලේ කෙනකුගේ දුරස්වීමක් සිදු කරයි.

කුම්භ

ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට වෙහෙසෙන දිනයකි. වෙනදාට වඩා ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. දනට පිනට ලැදි දිනයකි.

මීන

නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. මුත්‍රාගත ආබාධයක් හෝ නහරගත ආබාධයක් හේතුවෙන් පීඩා ඇති කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.