2024/11/21 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

නොවැම්බර් 21, 2024

 

ඉර උදාව පෙ.ව. 06.03
ඉර බැසීම ප.ව. 05.50
රාහු කාලය දහවල් 01.24 - 02.53
සුබ දිශාව - උතුර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පැරැණි හිතවත්කම් අලුත්කරන දිනයකි. වෙනදාට වඩා විනෝදයෙන් මෙන්ම උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. නිතර පොත්පත් කියවීමට කැමැත්තක් දක්වයි. වගකීම් බහුල දිනයකි.

මිථුන

හදිසි ගනුදෙනුවකට අවස්ථාව උදා කරයි. නිතර යෙදෙන ගමන් ගැන සැලකිලිමත්වන්න. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධවන දිනයකි.

කටක

ගතට සිතට වෙහෙසකාරි බවක් ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

සිංහ

වෙහෙසකාරි කටයුතු කීපයක් යෙදේ. පැවැති අසනීපයකින් සුවය හිමි කරයි. අමතර මුදල් වියදම් වැඩිකරන කටයුතු කීපයක් යෙදෙන බවක් පෙනේ.

කන්‍යා

අමතර ලැබීම් සහිත දිනයකි. සමාජශීලි ලෙස කටයුතු සිදු කරයි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.

තුලා

පවුල් සුහදතාවයට කරුණු ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. නැතිවූ දෙයක් නැවත හිමි කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. තැන තැන ඇවිදිලි ඇතිකරයි. සෙම් දෝෂයකින් පීඩා අත්කරයි.

ධනු

ගෙදර දොර සාමය ඇති කරයි. බාහිර අලංකාරය වැඩි කැමැත්තක් දක්වයි. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි.

මකර

ප්‍රසිද්ධියට පත්වන දිනයකි. ඥාති උපකාරයක් හිමි කරයි. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ.

කුම්භ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තිය ඇතිකර කටයුතු කීපයකට සම්බන්ධ වෙයි. බලාපොරොත්තුවක් සාර්ථක කරන දිනයකි. ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.

මීන

අලුත් බලාපොරෙත්තු ඇති කරයි. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනසක් සිදුකරයි. වාතවේදනා හිසේ කැක්කුම් ඇති කරන දිනයකි. සහෝදර උපකාරයක් හිමි කරයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.