2025.01.14 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජනවාරි 14, 2025

 

ඉර උදාව - පෙ.ව. 06.27
ඉර බැසීම- ප.ව. 06.12
රාහු කාලය - සවස 03.15 - 04.43
සුබ දිශාව - උතුර

මේෂ

වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි. නැති වූ දෙයක් ගැන නැවත හිමි කරයි. සෙම් රෝගයකින් පීඩා අත් කරයි. ඉවසීමෙන් කටයුතු කරන්න.

වෘෂභ

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සැහැල්ලුවෙන් ජීවත්වීමට බලයි. ස්ත්‍රීන්ට පි‍්‍රයතාවයක් දක්වයි.

මිථුන

ආගමික කටයුතුවලට නැඹුරුතාවයක් දක්වයි. හුදකලාව කටයුතු කිරීමට කැමති දිනයකි. අමතර දේවලට වියදම් වැඩි කරයි. වගකීම් බහුල දිිනයකි.

කටක

අලුත් හිතවත්කම්වලට කටයුතු උදා කරයි. මවුපස ඥාතියකුට උපකාරයක් කිරීමට අවස්ථාව සැලසේ්. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.

සිංහ

ප්‍රසන්න පෙනුමකින් යුතු වේ. කලාවට පි‍්‍රයතාවයක් දක්වයි. උත්සාහයෙන් කටයුතු සිදු කරයි. සමාජයෙන් පැසසුම් ලබයි.

කන්‍යා

ඉගෙනීමට යහපත්ය. ප්‍රසිද්ධියක් ලැබිය හැකිය. බොහෝ අය හා ඇසුරට අවස්ථාව හිමි කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි.

තුලා

අමතර වියදම් බහුල කරයි. අවිවේකී ලෙස කටයුතු කරගෙන යන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.

වෘශ්චික

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. ශාරීරික වෙහෙස මහන්සිය ඇති කරන කටයුතු කීපයක් යෙදේ. ඥාති උපකාරයක් හිමි කරයි.

ධනු

මුදල් ගනුදෙනුවකින් නිදහස උදා කරයි. අන් අයගේ ආදරය, අනුකම්පාව ලැබෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

මකර

මානසික අසහනකාරී කටයුතු කීපයක් සිදු කරයි. දියුණුවට බාධාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. අවිවේකී ලෙස දවස ගෙවී යයි.

 

කුම්භ

උත්සාහවන්තව කටයුතු සිදු කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙනේ. පැවැති ගැටලුවකින් නිදහස උදා කරයි. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසේ.

මීන

සිනාමුසුමුහුණින් කටයුතු සිදු කරයි. භෝජන සංග්‍රහයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. ලැබීම් අතින් යහපත් බවක් පෙනේ.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.