වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
රස ගුණ සපිරි පැපොල්
පලතුරු අතර පැපොල් ,කෙසෙල්, අඹ, අන්නාසි, දොඩම් ආදිය ප්‍රධාන වන අතර ඒ අතුරින් පැපොල් යනු ඉතාමත් ගුණදායක පලතුරක් වේ. පැපොල්, ජනපි‍්‍රය , රසවත් මෙන්ම ඉතාම ගුණ පලතුරක් නිසා නිරෝගීව ජීවත් වීමට පැපොල් අනුභවය ඉතා වැදගත් වේ. එසේම සෑම රෝගියෙකුටම දිය හැකි ඉතාම වටිනා පලතුරක් වේ.
පුරාණ කාලයේ දේශ ගවේෂණයේ යෙදුණු නාවිකයන් වැඩිම කාලයක් මහ මුහුදේම කාලය ගත කරන නිසා ඔවුන්ට ආහාර ලෙස බහුල ලෙස ගැනීමට සිදු වූයේ මස් සහ මාළු නිසා ආමාශ සහ අන්ත්‍රගත රෝග බහුල ලෙස හට ගැනිණි. ඒ නිසා එම තත්වයන් සමනයට සහ වැළැක්වීමට නිතර පැපොල් ආහාරයට ගැනීම ඉතාමත් ගුණදායක බව වෛද්‍යවරු නිර්දේශ කරනු ලැබූ බව පත පොතේ සඳහන් වේ.
තවද පැපොල් යනු ජීවයේ රන් ගස යනුවෙන් අතීතයේ ලෝ පතළ දේශ ගවේෂකයකු වූ ‘වස්කෝද ගාමා’ විසින් හැඳින්වූ බවද දක්වා ඇත.
පැපොල් වැවෙන ප්‍රදේශ
ත විදේශීය වශයෙන්
පැපොල්වල නිජභූමිය වනුයේ මැක්සිකෝවයි. වර්තමානයේදී පැපොල් ඉන්දියාව, මලයාව, මධ්‍යම සහ දකුණ අපි‍්‍රකාව , ෆ්ලොරිඩාව, කැලිෆෝනියාව ,හයිටි ,හවායි, පිලිපීනය හා මියැන්මාරය ආදි රටවල වැඩි වශයෙන් දක්නට ලැබේ.
ත දේශීය වශයෙන්
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වැවෙන ශාකයක් වුවද වියළි කලාපයට අයත් ගලේවෙල, දඹුල්ල , හිරියාල, දොඩම්ගස්ලන්ද ආදි ප්‍රදේශවල බහුල ලෙස වගා කරයි. 1880 දී පමණ ප්‍රථමයෙන් හග්ගල උද්භිද උද්‍යානයේදී පැපොල් ගසක් රෝපණය කළ අතර ඊට පසු ශ්‍රී ලංකාව පුරා පැතිරී ගිය බව සඳහන් වේ. අපේ රටට ආවේණික ශාකයක් නොවන මෙම පැපොල් ශාකය මෙරටට හඳුන්වා දී ඇත්තේ පෘතුගීසි ජාතිකයන්ය.
පැපොල් ශාකයේ ස්වරූපය
පොදුවේ සියලුම පැපොල් වර්ගවල කඳන් ජලජ ගතියෙන් යුක්ත වන අතර අඩි 20 – 25 පමණ උසින් යුතුවේ. සාමාන්‍යයෙන් පැපොල් ගසේ කඳ එතරම් ශක්තිමත් නොවන අතර බොහෝ විට තනි කඳක් ලෙස දක්නට ලැබේ. කලාතුරකින් අතු බෙදී ගොස් ඇති ගස් දක්නට ඇත. පැපොල් ගසේ පත්‍රවල වටේට තල ස්වරූපයක් ගනු ලබයි.
ඒවා උල් හැඩයක් ගනු ලබයි. පැපොල් පත්‍ර සාමාන්‍යයෙන් කොළ පැහැයක් ගනු ලබන අතර එම පත්‍ර හැලීයාම ආරම්භ වනුයේ කහ පැහැ ගත් පසුවයි. මෙම පැපොල් ගස්වල සෑදෙන ගෙඩි නොපැසුණු අවස්ථාවේ කොළ පැහැයක් ගනු ලබන අතර ඉදුණු පසු කහ පැහැයක් ගනු ලබයි. එසේම ඉදුණු ගෙඩි කපා බැලීමෙන් පසු කහ පැහැති හෝ රතු පැහැති මදයක් දක්නට ලැබෙන අතර නොපැසුණු ගෙඩිවල මදය සුදු පැහැයක් ගනු ලබයි.
තවද පැපොල් ගෙඩිවල මදය තුළ බීජ රාශියක් දක්නට ලැබෙන අතර ඒවා මගින් අලුත් පැළ බෝකර ගනු ලබයි. තවද පැපොල් ගසක් පැළකර මාස 8 -9 ක් අතර තුළ එමගින් පලඳාව බලාපොරොත්තු විය හැක .එසේම වසර 8 ක පමණ කාලයක් පැපොල් ගසක් නොමැරී පවතියි.
පැපොල් පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම
ත පොදු සිංහල නාමය
පැපොල් සහ ගස් ලබු වන අතර
ත දෙමළ බසින්
පප්පාලිමාරම් යනුවෙන් යෙදේ.
පැපොල් වල ඉංගී‍්‍රසි නාමය
ර්‍ථචනචරච ඊපඥඥ වේ
පැපොල් වල උද්භිද විද්‍යාත්මක නාමය
ඛ්චපඪජච ර්‍ථචනචරච වන අතර
කුලය
ඛ්ඒඅධ්ඛ්ඒඛ්ඡ්ඒඡ් කුලය වේ.
ත පැපොල් ප්‍රභේද
මෙහි ප්‍රභේද 3 ක් වර්තමානයේ දක්නට ඇත.
1.කැරිකා පැපායා වර්ගය
2.කැරිකා කැන්ඩම් සෙන්සීස් වර්ගය
3.රක්ත පැපොල් නම් වර්ගය (මෙය 1997 දී හඳුන්වා දෙන ලදී)
පැපොල් වල ආහාරමය වටිනාකම
අමු පැපොල් ගෙඩි ව්‍යංජනයක් ලෙසත්, මැල්ලුම් ලෙසත් සලාද ලෙසත් අච්චාරු වශයෙනුත් සකස් කර ආහාරයට ගනු ලබයි. එසේම ඉදුණු පැපොල් පලතුරක් ලෙස ප්‍රයෝජනයට ගන්නා අතරම ජෑම් වර්ග සහ කෝඩියල් ආදි බීම වර්ගද නිපදවයි.
කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>