ඍෂි මත බිඳක්

ඔක්තෝබර් 4, 2024

ඍෂි මත බොහෝයි. ඒවායින් නියත දැනුමක් ලබා ගන්නේ කී දෙනෙක්ද? දැනුවත් වී කටයුතු කර ගැනීමෙන් යහපතක් මිස අයහපතක් ඇති නොවේ. දෙලොවටම යහපතකි.

එදා ඍෂිවරු ඒ මත ප්‍රකාශ තබා ඇත්තේ මතුපරපුර වෙනුවෙනි. එමගින් බුද්ධිමත් වී යහමගට කටයුතු කර ගැනීමක් වන අතර, අෂ්ටවංක මාණික්‍යයක් ලැබුනා සේ අගය කර ගැනීමකි. මෙය ඥානවන්ත බවක් උදාවන අතර ගුණාංග කෙරෙහි දැනුමක් ලබා ගැනීමකි.

අර්ථෙන කිං කෘපතහස්ත ගතෙන තෙන
ඥානෙන කිං සකළසත්ව ජනෙෂු වෛරාන්රූ
පෙන තිං ගුණ පරාක්‍රම වර්ජිතෙන
මිතෙන කිං ව්‍යඝන කාල පරාඩිටුඛෙන

දැඩි ලෝභකමෙන් පෙළෙන මනුෂ්‍යයාගේ වස්තුවෙන් ඇති ප්‍රයෝජනයක් ඇත්ද?

බොහෝ සතුරන් ඇති තැනැත්තාගේ ඥානයෙන් හා දැනුමෙන් ඇති ප්‍රයෝජනයක්ද? ගුණ පරාක්‍රම රහිත වූ රූපයෙන් ඇති ප්‍රයෝජනයක් ද,

විපත්තියක් හෙවත් කරදර ව්‍යසනයක් පැමිණි කල්හි ඒවා ඉවත දමන මිත්‍රයාගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද මේ ගැන සිතා බලන්න. මොනවා හෝ දෙයක් ඉල්ලූ විට නොදෙන තැනැත්තා ඉල්ලූ දෙය නොදේ නම්. වෛරකාරකම් හා සතුරන් ඇති කෙනෙකුගෙන් අනෙකෙකුට ඔහුගේ බුද්ධියෙන් ඇති වැඩක් නොවේ. ගුණවත්කමක් නැත්නම් ඔහුගේ රූපයෙන්ද කරදරයක් හෝ විපතක් ආධාරක් නොමැති මිත්‍රයාගෙන් ප්‍රයෝජනයක් නැත්නම් ඔවුන්ගෙන් ඇති පලයක් නොමැති බව පැහැදිලිව ප්‍රකාශ වේ.

අමා රසයට වැඩි රසයක් නොමැත සුරන් බුදිනා
ඊටත් වඩා වැඩි රසයකි තම දරුවන් ඇණු සුබෝජුන

දෙවියන් අනුභව කරන අමාරසයට වැඩි රසයක් නොමැත. තමාගේ දරුවන් ඇණු හොඳ ආහාරය ඊටත් වඩා රසවත් වේ.

අද දරුවන් ඇනූ ඉතිරි කළ ඉතිරි කොටස අනුභව කරන්නේ කී දෙනෙක්ද? එම රසය දන්නේ ඉවත දමන ලද භාජනය පමණි.

සඳකැන් සඳුන් මද කල මේ ඇම සිසිලවත්

උතුම් සිසිලසයකි ගතෙහි තම දරුවන් වැකෙනවා

තම දරුවන් සිරුර ස්පර්ශ කිරීම සඳරැස් සඳුන් මද සුළඟ යන හැම සිසිලටම වඩා උතුම්ය. මෙවන් දරු සෙනෙහෙ දැක්වීමද අද පිරිහීයාමට හේතු නොවේද?

උත්කෘෂ්ඨ මධ්‍යම නිකෘෂ්ඨ ජනෙෂු මිත්‍රං
සිදවත් ශිලාෂු සිකතාෂු ජලෙෂු රේඛා
වෛරං ක්‍රමාදධම මධ්‍යම සජ්ජනෙෂු
යද්වති ශිලාෂු සිකකාෂු ජලෙෂු රේඛා

උත්තම, මධ්‍යම, අධම යන මිනිසුන් හට කරනු ලබන්නා වූ උපකාරයන්, ගලෙහි පොළවෙහි දියෙහි අඳින ලද රේඛාවන් සේ වෙයි. මෙය තවත් ක්‍රමයකට බැලූවිට අධම මධ්‍යම උත්තම වශයෙන්ද ගෙන ද්‍රෝහිකමක් කළහොත් එයත් ගලෙහි පොළවෙහි සහ දියෙහි ඇඳි රේඛාවක් ලෙසද වෙයි.

උත්තම මනුෂ්‍යයෙකු ලෙස සලකන විට උදවියේ හෙවත් මතකයේ පවතී. ඔහුද එය සිහියේ තබාගෙන හැකි අවස්ථාවකදි වචනයෙන් හෝ වෙනත් දෙයකින් උදව් උපකාරයක් කරයි. එය කළගුණ දන්නාගේ උසස්ම ගුණාංගයකි.

මධ්‍යම ගුණාංග ඇති තැනැත්තාට හෝ තැනැත්තියට උදව් උපකාරයක් කළ විට පොළොවේ ඇඳි රේඛාව කෙටි කාලයකින් මැකී යන්නා සේ කෙටිකාලයකට සීමාවි අවසන් වේ.

අධම මනුෂ්‍යයාට කරන ලද උපකායක් ආධාරය වුවහොත් එය දියමත අඳින ලද ඉරක් සේ ක්ෂණ මැකී යයි. ඒ අයගෙන් ලබන කරණ උදව් උපකාරයෙන් ප්‍රතිඵලයෙන් ප්‍රතිඵලයක් නොමැත. මේ අය ආශ්‍රය හා උපකාර හා උදව් දීම ගැන සැලකිලිමත්ව කටයුතු කළ යුතු වේ. මේ අය භයානක බවක් ද ඇතිවිය හැකිය. එනිසා උත්තම මධ්‍යම අධම යන තිදෙනාගෙන් හොඳම තැනැත්තා කවුරුදැයි තමාටම තේරුම් ගත හැකි ය. ඒ ගැන තෝරාගෙන කටයුතු කරන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.