රේවතී නැකැත

සැප්තැම්බර් 13, 2024

 

සම්පූර්‍ණාංගඞ ශුචි දික්ෂඞ
සාධූඞ ශුරො විචක්ෂණඞ
රේවතී සම්භවො ලොකෙ
ධන ධාන්‍ය රලං කෘතඞය

ඉතාම වාසනාවන්ත නැකැතකි රේවතී. පිරිපුන් අංගසම්පූර්ණ සිරුරක් හිමි වේ. පවිත්‍රය. ක්‍රියාවේ දක්ෂයි. දේහ ලක්ෂණ ඉතාම රමණීයයි. ධන ධාන්‍ය සැප සම්පත් බහුලයි. අලංකාර මහා මන්දිර හිමිවේ. දකින සෑම කෙනෙකුගේම සිත ඔහු හෝ ඇය වෙත කාන්දමක් සේ ඇදී යයි. දැරියක රේවතී නැකැතින් මල්වර වූයේ නම් ඉතාම වාසනාවන්තයි. ධන ධාන්‍ය සැප සම්පත් යස ඉසුරු ලැබේ. මහා වාසනාවන්තියක් වේ.

රේවතී නැකැතේ පාද සතරම මල්වරයට ඉතාම සුබයි. සියලුම දෝෂ භංග වේ.

පවුලේ දියුණුව ඇතිවන නැකැතකි. රේවතී නැකතට අස්විද මා මුල කැති, උත්‍රපල්, උත්‍රසල, මුවසිරස, සිත, දෙනට, පුනාවස, විසා, පුවපුටුප, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් සීහුම් ඇත, ගැළපේ.

බෙරණ, පුවපල්, පුවසල, රෙහෙණ, හත, සුවණ, අද, සා, සියාවස යන නැකැත් විපත් ගෙන දේ. ඉතාම අසුබයි.

රේවතී නැකැතින් උපන් දෙපක්ෂයම ඉතාම වාසනාවන්තයි. උපතින්ම බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ චරිතයක් වේ. සිත් ඇද ගන්නා සුලු දේහ ලක්ෂණ පිහිටා ඇත. සෑම දෙයකටම ඉතාම දක්ෂයි. සටන්කර ජය ගනී. සතුරන් වහා පරාජය කරයි. ලෞකික අධ්‍යාත්මික දෙපැත්තේම ජය අත්වේ. පෙර ආත්මවල පින්කර තිබේ. දහමට ළැදිය. හරිම සංවේදීය. අනුන්ට උපකාර කරන අතරම ඒ අයගේ දොස් දකී.

ගෙදර බඩු භාණ්ඩ නිසි ලෙස තබා ගනී. හරිම පවිත්‍රත්වයට නැඹුරුය. හරිම සංවේදී ඉක්මනින්ම සිත උණුවේ. එහෙත් කලබලගතියද වැඩිය. අඩු වයසේ පෙම් සබඳතා වැඩි ගණනක්ම ඇති කර ගනී. තමාගේ කැමැත්ත පරිදි විවාහ වේ. ඕනෑවට වඩා අනුන් විවේචනය කරයි. එහෙත් කලින්ම බිය වේ. සිත ගැස්සෙන සුලුය. ධාරණ ශක්තියක් ඇත. සෞන්දර්ය පැත්තට දක්ෂයි. චිත්‍ර, නාට්‍ය, සංගීත වැනි කලා මාධ්‍ය රැකියාවක් ලෙස තෝරා ගනී. ලෝ පතළ නමක් සමහර අය ඇතිකර ගන්නෝය.

යම් කාන්තාවක් රේවතී නැකතින් උපන්නේ නම් ඇය මනාව වැඩුණු ශරීරයෙකි. හරිම ලස්සනය. පි‍්‍රය උපදවන රුවක් ඇත. මිතුරු මිතුරියන් වැඩිය.

සමහර විට ලෝ පතළ රූ රැජනකද විය හැකිය. දේශ දේශාන්තරවල සංචාරය කරයි. චිත්‍රපටවල රඟපාන නිළියන්ද රේවතී නැකැතින් ඇත්තේය. රේවතී නැකැත් හිමි තරුණියක අත ගන්නා තරුණයා ඇත්තටම වාසනාවන්තයෙකු වේ. ඇය විවාහ කරගත් පසු ඔහුට විශාල ලෙස සම්පත් හිමිවේ.

සමහර විට ලොතරැයි ජය අත් වූවන්ද අපට හමුවී තිබේ. රේවතී නැකැතින් උපත ලැබූ අන්ත අසරණ දුගී පැල්පත්වල ඉපිද ධන කුවේරයන් සමඟ යුග දිවියට පත් අයද මේ අතර සිටිති.

නැකැත් 27 අතරින් අවසන් නැකැත වූ රේවති නැකැත ඉතාම බලසම්පන්න නැකැතකි. මේ නැකැතින් උපන්නේ ලෞකික පැත්තේ ධනාත්මක වැඩ කටයුතුවලට යොදාගත හැකිවේ. ලග්න මෙන්ම නැකැත්ද කෙනෙකුගේ ජීවිතයේ දියුණුව සඳහා අදාළ වන්නේය. විවාහය පමණක් නොව ඉඩකඩම් මිලදී ගැනීම, ව්‍යාපාර ඇරඹීම ආදි ධනයත් ලෞකික දියුණුවත් ඇතිවන ඕනෑම වැඩ කටයුත්තක් සාර්ථක කර ගැනීමට ඒ ඒ නැකැත් යොදා ගනී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.