වලඟසාල්

දෙසැම්බර් 14, 2018

අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන විවිධ වු තුරුලතා අතුරින් වැඩි ප්‍රමාණයක් නොයෙක් රෝගාබාධ සඳහා යොදනු ලබන ඖෂධ යෝග සඳහා ගනු ලබයි.

මිනිසාට වැළඳෙන රෝගාබාධ සඳහා මූලිකවම හේතු වන්නේ වා, පිත්, සෙම්, යන තුන්දොස් වල කිපීමයි. මෙම තුන් දොස් කිපීමෙන් හටගනු ලබන රෝගාබාධ රාශියක් වන අතර ඊට අමතරව රක්තය හෙවත් ලේ නරක්වීම හෙවත් දූෂණය වීම නිසා ඇතිවන රෝගයෝ ද වෙති.

මෙවන් වූ රෝග සමූහයා අතුරින් ආයුර්වේදයේ දැක්වෙන ක්‍රිමි රෝග ද ප්‍රධාන රෝග තත්ත්වයකි. දේශීය වෙදකම මෙන්ම ග්‍රාමීය ජනතාව පණු රෝග ලෙස හඳුන්වනු ලබන මෙම රෝගය සඳහා බොහෝ සෙයින් යෝග්‍ය වන ඖෂධ ද්‍රව්‍යයක් වශයෙන් වළඟසාල් හැඳින්විය හැකිය. බාල, තරුණ සහ මහලු යන සියලුම දෙනාට ඉතා පහසුවෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයක් වන ක්‍රිමි හෙවත් පණු රෝග සඳහා වලඟසාල් විශිෂ්ට ගුණදෙන අතරම තවත් රෝග රැසකටම වළඟසාල් අඩංගු ඖෂධ යෝග යොදනු ලබයි.

වළඟසාල් වැවෙන ප්‍රදේශ

විදේශීය වශයෙන්

ඉන්දියාවේ නොයෙක් පාර්වර්‍ත¡ය ප්‍රදේශවල දක්නට ලැබේ. විශේෂයෙන් මධ්‍ය හිමාලය ප්‍රදේශයේ දක්නට ලැබෙන අතර සිංගප්පූරුව , මියැන්මාරය ආදි රටවලද බහුල ලෙස දක්නට ලැබේ.

දේශීය වශයෙන්

ශ්‍රී ලංකාවේ මීටර් 500 දක්වා තෙත් කලාපීය උස් ප්‍රදේශවල වැවෙන පැළෑටියකි. වලපනේ සහ රත්නපුර ප්‍රදේශවල දක්නට ලැබේ යැයි දක්වා තිබේ.

වලඟසාල්වල ස්වරූපය

තරමක් විශාලව පොළොවේ පැතිරෙමින් වැඩෙන විශාල පඳුරු සහිත ගසකි. මෙම ගසේ කඳ දුඹුරු පැහැයක් ගනු ලබන අතර පොත්ත ඝනකම්ය. මෙහි කෝණාකාර බොත්තම් වැනි ප්‍රසර පිහිටා ඇත. මෙහි අතු සිහින්ය.දිගය නිරන්තරයෙන්ම ආරුක්කු මෙන් අතු සෑදි ඇත. මෙහි පත්‍ර දික් හැඩයෙන් යුතු රවුම් ස්වරූපයක් ගනු ලබයි. මෙම පත්‍ර දිගින් සෙ.මී. 10 ක් පමණ වේ. සුමටය.පත්‍රවල උඩ පැත්ත ඔපයක් සහිත වන අතර යටිපැත්ත රිදී පැහැයක් ගනු ලබයි.ස්වල්ප වශයෙන් ග්‍රන්ථි හෙවත් ගැට සහිතයි. මෙහි හටගනු ලබන මල් සුදු පැහැතිය. ගම්මිරිස් ඇටයට සමාන ඵල හටගනියි. මේවා වියලුනු විට රන්වන් රතු පැහැතිය. මෙහි පොත්ත ඉවත් කළ විට මෙහි මදය විචිත්‍රතාවයෙන් (සුදු, කළු මිශ්‍ර) යුතුය.

වලඟසාල්, පිළිබඳව විවිධ භාෂාවලින් හඳුන්වන නාම

පොදු සිංහල නාම

වලඟසාල්. වල්ඇඹිල්ල වන අතර

සංස්කෘත බසින්

විඩංග, කෘමිග්න, වේල්ල, චිත්‍රකණ්ඩුලා, ඡන්තුනාශක, අමෝඝා, චිත්‍රබීජ, සචිත්‍රා, බීජා, ආදි නාමයන් යෙදේ.

මේ අතුරින් අභ්‍යන්තර ඇටයේ විචිත්‍රභාවය නිසා චිත්‍රබීජ . චිත්‍ර කණ්ඩුල සචිත්‍රබීජ යන නාමයන් යෙදෙයි.

හින්දි බසින් වලඟසාල් සඳහා

වායු විඩංග යනුවෙන්ද

වංග බසින්

විඩංග යනුවෙන්ද යෙදේ.

දෙමළ බසින්

වායු විලාමගම් යන නාමය යෙදේ.

 

ගොකරැල්ල පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ

කථිකාචාර්ය වෛද්‍ය මධුර පරණවිතාන

වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.