මැහැල්ලගෙන් මිදුණු මොහොත

ජුනි 14, 2024

මෙතෙක් කතාව :-

තරුණ වියේ පසුවන වෘත්තිකයින් සිව් දෙනෙකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ ගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය. ස්වභාවයෙන්ම රාත්‍රියේදී මහ මඟ සිටින ගැහැනියක දැකීම නිසා සන්ත්‍රාසයට පත්වීමේ මානසික රෝගයක් සහිත කථකයාගේ

මිතුරාට මේ මැහැල්ල මුණ ගැසෙන සෑම මෙහොතකට ම පසු ඔහුගේ ජීවිතයට සමීප වූවකු මිය යයි. ඔහු දැන් සිටින්නේ ඇය ගැන බලවත් ක්‍රෝධයකිනි. දිනක මේ ගැහැනියව හදිසියේ මුණ ගැසෙන ඔහු ඇය වෙතින් පලා නොගොස් ඇයගේ මේ වෛරී හැසිරීම ගැන ප්‍රශ්න කරයි.

දැඩි අවධානයකින් යුතුව ඔහුගේ කතාවට සවන් දෙමින් සිටි සෙසු පස් දෙනාම ඵක හඬින් පැවසූවේ, “ඇත්තම කියනවා නම් අපි කාගේත් අදහස වුණේ ඕකම තමයි”

“නමුත් මිත්‍රවරුනි, තව ටික වේලාවක් මගේ කතාව අහගෙන හිටියොත් ඔබ සැමට තේරුම් යාවී අප සියලු දෙනාටම වැරදුණ බව. හරියටම කියනවා නම් ඵදා මට වුණා වගේ. නමුත් ටෙලස්ෆෝරෝට නම් වැරදුණේ නැහැ. ඒ අවාසනාව ඔහුව ලුහුබැඳගෙන ආ නිසා. ඒ ගැන කල්පනා කරන්නට කරන්නට මොකක්ද සිද්ධ වෙන්නේ ? සිද්ධවෙන දේ තමයි මේ ජීවිතයේ අපි මුහුණ දෙන යම් යම් කාරණා ගැන විශ්ලේෂණ කරනවට වඩා ඵ්වා නිකම්ම පිස්සු විකෘති වශයෙන් සලකා අතහැර දමන ඵක”

“ඵ් වුණාට කරුණාකරලා කතාව නම් නවත්තන්න ඵපා”

“ ඉතින් මට ඊළඟට කියන්න තියෙන්නේ ටෙලෙස්ෆෝරෝ සමඟ කළ කතා බහ අවසන් කොට මට ඈත කඳුකර පළාතකට යන්න සිදුවුණා කියන ඵකයි. හේතුව වුණේ කඳුකර හමුදා කණ්ඩයක සිවිල් ඉංජිනේරුවකු ලෙස මා හට නව පත්වීමක් ලැබීම. නමුත් කඳුකරයේ සති කීපයක් ගත කරන්නටත් පළමුව ඵ් අසුබ ආරංචියේ පළමුවෙනි කොටස මට දැනගන්නට ලැබුණා. ආරංචියේ ආකාරයට මගේ හිතමිතුරු ටෙලෙස්ෆෝරෝ ඉතා දරුණු ලෙස සෙංගමාලයට ගොදුරුව අසාධ්‍යව යම් කිසි උමතුවකට භාජනය වී සිටින බවක්ද පෙනුණා. දොස්තර මහත්වරු සියලු බලාපොරොත්තු අත් හැර තිබුණා”

“ඒත් මා හට තවත් මාස පහක කාලයකට මට හිටි තැනින් හෙල්ලෙන්නවත් ඉඩක් ලැබුණේ නැහැ. දවසක මම මගේ ජීවිතයේ කොටසක් තරමට ඇබ්බැහි වී සිටි “ස්පාඤ ප්‍රවෘත්ති” පුවත්පතෙන් ටෙලෙස්ෆෝරෝගේ මරණය පිළිබඳ දැන්වීම කියෙව්වා. පසු දින පැවැත්වෙන ටෙලෙස්ෆෝරෝගේ අවමඟුලට සහභාගී වන ලෙස එයින් දන්වා තිබුණා” මේ ඉතාමත් ශෝකාකූල අවමඟුල් පෙරහැරේ අවමඟුල් රථයක් සමඟ ගමන් ගත් රථයකයි මා ගමන් කළේ. විවිධාකර සංකීර්ණ සිතුවිලි රාශියකින් මනස අවුල් වී පැවතුණත්, අවමඟුලට සහභාගී වී සිටි ඵක්තරා මහලු ගැහැනියක් විදුලියක් කොටන්නාසේ මගේ අවධානයට ලක්වූවා. ගැමි පෙනුමක් සහිත ඇය මගේ අවධානයට යොමු වීමට මුළික හේතුව වූයේ ඇයගේ අසාමාන්‍ය උස බවත්, කිසිසේත්ම මෙවැනි ශෝකාන්විත අවමංගල්‍යයකට නුසුදුසු වු හැසිරීම් රටාව බවත් යයි මා ඔබට කිව යුතුයි. සූසාන භූමියේදී අවමඟුල් රථයෙන් මිනී පෙට්ටිය එළියට ගන්නවාත් සමඟම මේ ගැහැනියගේ මුහුණට නැගුණු සිනහව වළක්වා ගන්නට ඇය කිසිසේත්ම උත්සාහ නොගන්නා පමණක් නොවෙයි ඵය කාට ඇසුණත් කමක් නැතැයි යන කෲර හැඟීමද ඒ මුහුණේ ලියවී තිබුණා යයි මට හැඟී ගියා.

එයින් නොනැවතුණ ඇය මීනි පෙට්ටියට ගෙන යන පිරිසට ඉදිරියෙන් ගමන් කරන්නට පටන් ගත්තේ ඉතාමත් අහංකාර ලීලාවකින්. එසේ ගමන් කරන තම සුරතෙහි වූ සුදු පැහැති කුඩා අවාන දිගුකොට මීනිවල වෙත යන මාර්ගය මළ සිරුර රැගෙන යන්නන්ට පෙන්වන්නටත් ඇය අමතක කළේ නැහැ. ඵ් සියලු කාරණා එක්තැන් වුණ සැණින් මම ඇයව හඳුනා ගත්තා. මේ නම් අන් කිසිවකු නොවෙයි අසරණ ටෙලෙස්ෆෝරෝ මට විස්තර කළ ආකාරයටම සියලු සාධක ඇය තුළින් අඩුපාඩුවකින් තොරව විද්‍යාමාන වුණා. දුටු වනම කැපී පෙනෙන නපුරු මායාකාරියකගේ බඳු විශාල නාසය මළ මිනියක මෙන් හිස වටා ඔතාගෙන සිටි සුදු රෙදි පටිය, අසාමාන්‍ය ලෙස සුදු පැහැයෙන් ඔපවත් වුණු අත් ලේන්සුව, ගිනිගත් කිණිසි තුඩුවන් නපුරු ඇස්, භයානක කට, ආදිය ටෙලෙස්ෆෝරෝ මගේ මනස තුළ ඇය පිළිබඳව අඳීන ලද චිත්‍රයට සියයට සියයක්ම සමාන වුණා. මේ කියන සියල්ලේම වූ අවලස්සන කෲර ස්වභාවය තව දුරටත් අවඥාවෙන් ඔප මට්ටම් කරන්නට සුදු පැහැති පුංචි අවාන සමත්ව තිබුණා. මට ඔබට කියන්නට අමතක වුණු කාරණයක් නම් ඇය මිනිය රැගෙන යන පිරිසට මීනීවළ දක්වා වු මඟ පෙන්නුවේ මේ අවාන ඒ මේ අතට යොමු කරමින් බව.

මේ අකාරයට මම මගේ පූර්ණ අවධානය ඇය කෙරෙහි යොමු කරගෙන සිටින බව කෙසේ හෝ ගැහැනිය දැන ගත්තා. ඒ සමඟම මා දෙසට හැරුණු අද අර කිණිසි තුඩු වැනි ඇස්වලින් මා දිහා බලාසිටින්නට වුණා.

මට ටෙලෙස්ෆෝරෝගේ හොඳම මිත්‍රයා විදියට, ඇය පිළිබඳව හැම දෙයක්ම ඔහු මට කියා ඇති බවත්, ඔහුගේ ඉරණමට බලපෑමක් කරනු ලැබුවේ මේ ගැහැනිය විසින් යයි මා දන්නා බවත්, මගේ මිතුරාට යොමුව තිබූ ඇයගේ භයානක අවධානය ඊළඟට යොමුවන්නේ මා වෙත බවත්, මට පෙන්වා දෙන්නට මෙන් ඵ් මහලු යක්ෂණිය මා දෙස ඇසිපිය නොහෙලා බලා සිටියා.

ඉතින් මේ ක්ෂණික හඳුනා ගැනීම හේතුකොටගෙන ඇත්තටම සිදුවිය යුතුව තිබුණේ විමතියක් හෝ බලවත් කෝපයක් ඇතිවීම වුවත් මා තුළ නම් පහළ වූයේ ඇඟ කිළිපොලා යන තරමේ භීතියක් යයි ඔබ සමඟ ඉතාමත් අවංකව කිසිම ලැජ්ජාවකින් තොරව පැවසිය යුතුය. ඵ්

සැණෙකින් මට වැටහී ගිය තවත් කරුණක් වූයේ මා මිත්‍ර ටෙලෙස්ෆෝරෝ සහ මේ අද්භූත මැහැලිය අතර අපේ භෞතික ලෝකයෙන් ඔබ්බට ගිය කුමක් හෝ ගණුදෙනුවක් ඵසේත් නැතිනම්ස්වකීය ආත්මයෙන් ගෙවිය යුතු වන්දියක් තිබූ බවයි. නමුත් ඒ ගැන දිගින් දිගටම සිතා බැලිය යුතු තරමේ මානසික නිරවුල්භාවයක් ඵ් මොහොතේ මා තුළ තිබුණේ නෑ. ඇත්තම කියනවා නම් මා තුළ ඇතිවුණු ඵකම හැඟීම වූයේ “මගේ අසරණ මිතුරාට සිදුවු ආකාරයේ ශාපයක් මට අද්භූත බිහිසුණ ගැහැනියගෙන් මට නොලැබේවා” යන ප්‍රාර්ථනය පමණයි. කොටින්ම කියනවා නම් මිත්‍රවරුනි මට ඒ මොහොත් ඇති වුණේ ප්‍රාණ බියක්.

“නමුත් ඔබලා දන්නවාද මිතුරනි මගේ හදවතේ පහළ වුණු මේ කියන අදහස් දිවැසින් දැක්කා වගේ ඇය වටහා ගත්තා කියා මා සිතනවා. ඇය මා දෙස බලාගෙන අවඥා සහගතව සිනාසෙන්නට පටන් ගත්තා. අනතුරුව ඒ් මගේ බියසුලුකම ගැන උපන් පිළිකුළකින් තමාගේ පුංචි අවාන මා දෙසට යොමු කළා. ඒ මොහොතේ මා දෙසට හැරුණු ඇයගේ දෙනතේ වූ මාරක බැල්මට මා කොතෙක් බියපත් වූවාද කියනවා නම් තව මොහොතකින් දෙපා අඩපණව මා බිම ඇද වැටෙනවා. නමුත් වාසනාවකට මෙන් මා අසල සිටි මිතුරකුගේ ඇඟට වාරුවී ඒ් නින්දා සහගත අපවාදයෙන් ගැලවීමට මට අවස්ථාව උදා වූවා. ඊළඟට කුමක්ද වුණේ?

ඒ නාකි ගැහැනිය නිවටයෙකු කෙරෙහි දක්වන අවඥා සහගත අනුකම්පාවකින් යුතුව ආපසු හැරී මගෙන් ඈතට යන්න පටන් ගත්තා. එහෙත් භීතියට පත් මා ඇය දෙස දිගින් දිගටම බලා සිටිනවා යයි ඉඳුරාම දැන සිටි නිසා දෝ ඇය තවත් ටික දුරක් යන තුරු ගමන් කළේ මා දෙසට හිස හරවාගෙන.

ඉන් අනතුරුව බොහොම අපහාසාත්ම ආකාරයට, මා වෙත අවඥා සහගත ඉඟියක් කරමින් මා දෙස බලා හිස ඒ අර පුංචි අවාන හොඳට පෙනෙන ලෙස පවන් සලා සෙලවූවා. ඉන්පසු ඇඟ කිළිපොලා යන හැඟීමකින්ම මිස වචනයෙන් නම් කිසිදිනක විස්තර කළ නොහැකි තරමේ යක්ෂණියකගේ මුකුළු සිනහවක් පාමින් ඇය සොහොන් පිටියේ මිනීවළවල් අතරින් ජනතාව නොඑන පැත්තට ඇවිද ගියා. අන්තිමට ඇය එහි තිබූ සොහොන්කොත් අතරින් සදාකාලිකව අතුරුදහන් වුණා.”

“ ඇයි සදාකාලිකව අතුරුදහන් වුණා යයි කිව්වේ” ?

පිරිසේ කෙනෙකු ඇසුවා.

“ මම ඵහෙම කියන්න තියෙන හේතුව තමයි මේ සිද්ධය වෙලා ගතවුණු අවුරුදු පහළොව මුළුල්ලේ ඇයව මට කිසිම මොහොතකදී දකින්නට නොලැබීම. ඒ යක්ෂණිය මනුෂ්‍ය ස්ත්‍රියාවක් නම් මේ වන විට වළපල්ලට ගියා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං ඇයගේ බිල්ලක් වීමට සැලකිය යුතු අයකු විය යුතුය. නැතිනම් ඇයගේ පිළිකුලට භාජනය විය යුතු මනුෂ්‍ය ප්‍රාණියෙක් විය යුතු බවයි මා සිතන්නේ. “

දැන් මගේ කතාව අවසානයි , ඔබ හැම දෙනාටම මේ ගැන කැමති විදියේ අදහස් දැක්වීමක් කරන්නට ඉඩකඩ තිබෙනවා. මට ඔබලාගෙන් දැන ගන්නට තිබෙන්නේ එකම එක කාරණයයි. මේ සිදුවීම් දාමය සම්පූර්ණයෙන්ම ස්වභාවික සිද්ධයක් හෝ නැතිනම් අහම්බ කාරණා එකතුවක් කියා ඔබ සිතනවාද නැතිද යන්න පමණයි.

නිමි

පේදෝ අන්තෝනියෝද ආලාර්කෝන් ( 1833 - 1891 ) ගේ “ ALL WOMAN” “ නම් කෙටි කතාවේ පරිවර්තනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.