රුද්‍රාක්ෂයේ රෝග නිවාරණ බලය

අංක විද්‍යා ඡ්‍යොතිෂවේදී ජේ.ඒ.ඩී. පෙරේරා
මැයි 31, 2024

බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්‍රිමූර්තියේ මෙන්ම දෙවියන්ගේ ආශීර්වාදය හා පිහිට රුද්‍රාක්ෂයට ඇත්තා සේම එහි අන්තර්ගත රසායනික හා ජීව චුම්බක විද්‍යුත් ශක්තිය මිනිස් සිරුරේ හටගන්නා ව්‍යාධි රැසක් නිවාරණයට උපකාරි වේ.

ඊශ්වර හෙවත් ශිව දෙවියන් යනු ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන නිර්මාතෘන්ගෙන් කෙනෙකි. ශක්‍ර දේවේන්ද්‍රයෝ ඇතුළු තවත් ඍෂිවරු රාශියක්ද වෙති. දෙව්ලොව වෛද්‍යවරිය ලෙස ආරෝග්‍ය ලක්ෂ්මි ද පිළිගැනේ. ආයුර්වේදය ලොවට පහළ කළ සමාරම්භකයන් අතර ආදි ධන්වන්තරී නමද විශේෂයෙන් සැලකේ.

රෝග හටගැන්මට ප්‍රධාන හේතු 3ක් වේ. ආධ්‍යාත්මික, ආදි භෞතික, ආදි දෛවික වශයෙනි.

ආධ්‍යාත්මික තත්ත්ව නිසා හටගන්නා රෝග වනුයේ මානසික හා කායික තුලිතතාව වෙනස් වීම නිසා හටගන්නා රෝගයන්ය. වාත, පිත්ත, කප්ප (වා, පිත්, සෙම්) කිපීම නිසා හටගන්නා රෝග ද වේ. පාරිසරික හේතු නිසා හෙවත් ශීත, උෂ්ණ, සුළඟ, වැස්ස නිසා ද රෝග හටගනී.

ජීර්ණ පද්ධතියේ දෝෂද, ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වයේ දෝෂද නිසා රෝග හටගනී.

රෝග නිධාන ගැන පැහැදිලි කරන විට මවගේ හෝ පියාගේ හෝ පරම්පරාවේ ජාන නිසා ද රෝග හටගනී. බොහෝ රෝග වැලඳීමට හේතු අතර පූර්ව කර්ම ජාන, උරුම, අනවින දෝෂ, අමනුෂ්‍ය බලවේග ද හේතු වේ.

ශිව පුරාණ, විෂ්ණු පුරාණ, චරක සංහිතාව, ශුෂ්ශෘතය ආදී පුරාණ වේද ග්‍රන්ථවල මේ ගැන විග්‍රහ කර ඇත. රෝග නිවාරණයට ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේදී නොයෙක් ගෙඩි වර්ග, දලු, පත්‍ර, මල්, පොතු මුල් භාවිත කෙරේ. එහිලා රුද්‍රාක්ෂ ගසේ වැඩෙන ශාක බීජ සුවිශේෂ ගුණයක් පෙන්වයි.

රුද්‍රාක්ෂ යනු පොදුවේ එකම වර්ගයක් වුවද මුඛී හෙවත් තීරු සංඛ්‍යාව අනුව තාරතාව, රසායන සංයුතිය, විද්‍යුත් බලය, කම්පන බලය, තරංග ආයාමය වෙනස් වේ.

ඒවා නොයෙක් රෝග නිවාරණයට, දීර්ඝායු උත්තේජන වීමට, රුධිර නාළ ක්‍රියාත්මක වීමට, ඉන්ද්‍රියයන් ක්‍රියාත්මක වීමට උපකාර වේ.

එනිසා රුද්‍රාක්ෂ ශරීරයේ නොයෙක් ස්ථාන ස්පර්ශ වීමට හෝ පීඩනය කරවීමෙන් විද්‍යුත් කම්පනයක් ලැබේ. වේදනා දුර්වලතා අක්‍රියතා සමනය වේ.

විද්‍යුත් තරංග මඟින් මොළයේ ස්නායු ක්‍රියාත්මක වී මනසට විද්‍යුත් සංඥා නිකුත් කෙරේ. ඒවා කශේරුවේ සුෂුම්නාවේ සිට අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සම්බන්ධ ස්නායු ක්‍රියාත්මක කිරීමේ බලයක් උත්පාදනය කෙරේ.

ශිව පුරාණයේ පටන් හොඳ විද්‍යාත්මක දැනුමක් අපට උරුම කර දී ඇත. ධනාත්මක ප්‍රතික්‍රියාවක් සෞඛ්‍ය සඳහා ද ලබා දේ.

1983දී වෛද්‍ය ගෝඩි විසින් කරන ලද පර්යේෂණයකට හා 1985දී වෛද්‍ය එස්.පී. ගුප්තා විසින් කරන ලද පර්යේෂණයකට අනුව අධි රුධිර පීඩනය මර්දනය කර ගැනීමට භාවිත කරන ලද ක්‍රම පෙන්වා දී ඇත.

සිරුර ක්‍රියාත්මක වීමට බලපාන විද්‍යුත් චුම්බක ශක්තිය ජීර්ණ පද්ධතියට, රුධිර සංසරණ පද්ධතියට ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වට මොළයේ මස්තිෂ්කය, අනුමස්තිෂ්කය ක්‍රියාත්මක වීමට පමණක් නොව සිත ක්‍රියාත්මක වීමට ද උපකාරි වේ.

නොයෙක් පර්යේෂණ හා අත්හදා බැලීම් මඟින් ආතතිය, ක්ලමනය, මානසික අක්‍රියතා, දුක, බිය, උගුර ආශි‍්‍රත ආබාධ පාලනය වන බව සොයාගෙන ඇත. රුධිර පීඩනය පාලනය කෙරෙමින් මොළය, සිහිය, ධාරණය පවා සැකසේ. බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ කරන ලද පර්යේෂණ මඟින්ද විවිධ වර්ගයේ රුද්‍රාක්ෂවලින් සිරුර ක්‍රියාත්මක වීමට විද්‍යුත් වෝල්ටීයතාවක් ලබාදෙන බව සොයාගෙන ඇත. රුද්‍රාක්ෂ වර්ග ස්පර්ශ වීම, ස්පර්ශ වන සංඛ්‍යාව, ධාරිතාව අනුව වෝල්ටීයතාව අඩු වැඩි වශයෙන් උත්පාදනය වේ.

රුද්‍රාක්ෂ 108ක මාල පපුව ස්පර්ශ වීමෙන් ද, ගෙල ස්පර්ශ වීමෙන් ද බාහුව ස්පර්ශ වීමෙන් ද, නළල, හිස ස්පර්ශ වන පරිදි පැලඳීමෙන් ද විශාල මෙහෙයක්ද සිරුරට මනසට ගෙන දේ.

අධ්‍යාත්මික ඒකාග්‍රතාව වර්ධනය කිරීමට ද උපකාරි වේ. ආතතිය, ආඝාතය, ඉරුවාරදය, කර්ණාබාධ පවා දුරු වේ. උරස ස්පර්ශ වීමෙන් හෘදය හා පෙණහලු දුර්වලතා මඟහැරේ. හෘදයේ කෝෂා, ධමනි, ශිරා, කපාට මැනවින් ක්‍රියාත්මක වීමට ජීව විද්‍යුත් ශක්තිය ලබා දේ.

තවද රුද්‍රාක්ෂ පලඳින්නා අකල් මරණ අනතුරුවලින් වැළකේ. වඳභාවය දුරුවී දරුපල සාක්ෂාත් වේ. රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, උමතුව වැනි රෝග සුව වීමට දායක වේ.

රුද්‍රාක්ෂ පැලඳීමෙන් විශ්ව ශක්තිය, කුණ්ඩලනී ශක්තිය ලැබෙන අතර, අමනුෂ්‍ය බලපෑම් වැළකේ. මෝක්ෂය සාක්ෂාත් කර ගැනීමට මඟ පෑදේ. රුද්‍රාක්ෂ පැලඳීමට තේරීමේදී ක්‍රමවේද ඇත. ජන්ම අංකය, ලග්නය, නැකත, ලග්නාධිපති හා පිහිටවන දෙවියා කෙරේ අවධානය යොමු කෙරේ.

ඒ සඳහා ඒකමුඛී රුද්‍රාක්ෂයේ සිට 21ක් මුඛී රුද්‍රාක්ෂය දක්වා සුදුසු රුද්‍රාක්ෂය තෝරා මාලයක් ලෙසින් ගෙලෙහි හෝ වළල්ලක් ලෙසින් මැණික් කටුවේ හෝ පැලඳිය යුතුය.

තවද ඔත්තේ සංඛ්‍යාවක් පැලඳිය යුතු අතර, 1,3,5,7,9 වශයෙන් විය හැකිය.

තවද ඖෂධ ගුණය හා රෝග නිවාරණ සඳහා පැලඳීමේදී සංඛ්‍යාව වෙනස් වේ. ආඝාතය වැනි රෝගයක් නම් කළවේ වට ප්‍රමාණය අනුව සංඛ්‍යාව වෙනස් වේ. බාහුවේ වට ප්‍රමාණය අනුවද සංඛ්‍යාව වෙනස් වී හිසරදය, ඉරුවාරදය, ක්ලාන්තය නම් හිස වට සිට කන දක්වා ඇලිස් බෑන්ඩ් එකක් මෙන් සකසා පැලඳිය යුතුය. පාර්කින්සන්ස් වැනි දෙඅත් වෙව්ලන ස්නායු රෝගයකදී මැණික් කටුවේ සිට වැලමිට දක්වා මැද රුද්‍රාක්ෂ වළල්ලක් සේ සකසා පැලඳිය යුතුය.

වන ඖෂධී චන්ද්‍රදෝදය කෘතියේ රුද්‍රාක්ෂ පිළිකා සහ ක්ෂයරෝග නිවාරණයටද උපකාරී වන බව සඳහන් වේ.

රුද්‍රාක්ෂ භාවිත කරන අන්දම ගැන සඳහන් කරන රසයෝග සාගරය, අභිනව නිඝණ්ඩුව යන කෘතිවලින් පෙන්වා දෙනුයේ කල්ක, භෂ්ම වශයෙන්ද උණුකර කිරි සමඟ පානය කිරීමටද සුදුසු බවයි. හෘදයාබාධ තත්ත්වයන් ඇති අයට එක සමාන රුද්‍රාක්ෂ 21ක් හෝ 29ක සංඛ්‍යාවක් ඝන රෙදි කඩක අමුණා පපුවේ හෘදය පෙදෙසේ ස්පර්ශ වන ලෙස තබා ගැනීම ද යෝග්‍යය.

මෙසේ සාදා රුද්‍රාක්ෂයට ස්තෝත්‍රාදිය කීමෙන්ද ගුණය, බලය, ශක්තිය දෙගුණ තෙගුණ කර ගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.