වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිදි යහනේ කරදර ගැන නොතැකූ ප්‍රභාෂ්වරීගේ කඳුළු කතාව
මේ ලෝකය මැවුණු කිසියම් බලශක්තිය මහ පුදුමාකාර එකක්. කෙනකුට බලය දෙනවා මොළය දෙන්නෙ නැහැ. මොළය ඇති එකාට බලය නැහැ. ඔය දෙකම ඇති එකාට ශක්තිය නැහැ. ඒ වගේම තමයි ඡ්‍යොතිෂය අනුව ගැහැණු /පිරිමි වර්ගයාටත් ඕනෑම සතෙක් ගත්තොත් ඒ දෙදෙනාගෙන් ලස්සන එකා පිරිමි සතා. ගැහැනු සතා අවලස්සනයි. ඒත් බලන්නකො මනුෂ්‍යයා. පිරිමියාට වඩා ගැහැනිය ලස්සනයි.
ඇය පුංචි දූ කුමරියක් හැටියට මෙලොව එළිය දකිනවා. දිනෙන් දින කෙළිදොලෙන් වැඩෙනවා. ඇයට වයස අවුරුදු 9 මාස 4දි වැඩිවියට පත් වෙනවා. මේ ගැහැනු දරුවකුගේ ප්‍රථම සංධිස්ථානයයි. ඇයගේ අම්මා බුලත් අතකුත් අතැතිව කබාකුරුත්තුව සමඟ අත්දිග බෝල හැට්ටය ඇඳලා ඡ්‍යොතිර්වේදියා හමුවන්නට යනවා. දුව සම්බන්ධව ඡ්‍යොතිර්වේදියා ළඟට ගිය දෙවැනි දවස. මෑ ඉපදුණ දවසේ ගියා එයාගේ ජන්ම පත්‍රය හදාගන්න. එදා තමයි ඒක පරික්ෂා කරල නමට අකුරු එහෙමත් දුන්නේ. ඒක නිසාමයි ඇයට ප්‍රභාශ්වරී කියලා නම තිබ්බේ. එතැන් සිට මේ දක්වා පොත් මිටිය තුරුලුකර ගෙන පාසලට ගිය ඇය අද තනි කාමරයක පුංචි අම්මා සමඟ තනිවෙලා. මේ කාමරය ඇතුළේ පොල්තෙල් පහනක් දැල්වෙනවා. ඒ අසලම ලස්සනට විහිදුණු පොල්මල. දින කීපයක් ගත වුණා. එක් දිනක සුබ වෙලාවට කොස් අත්තක් යට ඇයගේ හිසට බෙහෙත් කළයෙන් බෙහෙත් වතුර වක්කරලා කහ පාටයි ළා රෝස පාටයි මිශි‍්‍රත ගවුමක් අන්දවලා ඉස්සරහට එනකොට රතිඤ්ඤ වැල පත්තු වුණේ ගමටම ඇහෙන්න. මේ දවස්වල ඇගේ වයසේ කොලු කුරුට්ටො ඇය දිහා බැලුවේ හොරැහින්. ඇය ලස්සනයි.
මේ දුවණිය ප්‍රභාශ්වරී වුණාට ඈගේ යහළු යෙහෙළියො කතා කළේ ‘ප්‍රභා” කියලා. මල්වරයෙන් පසු පුර පසළොස්වකට පසුදින පායන පූර්ණ චන්ද්‍රයා වගේ “ප්‍රභා” දවසින් දවස ලස්සන වුණා. තනි කරලට පීරපු කොණ්ඩය ටිකෙන් ටික දික් වුණා. මේ ඔක්කොම වැඩිවන අතරම ඇයට තිබූ නිදහස නම් සීමා වුණා. අඩු වුණා නොවේ අඩුකළා, ඇගේ අම්මා. ඇය වෙනදා වගේ හයියෙන් පාද තබලා ගමන් කළේ නැහැ. කෙටි පියවරවල් ඉක්මනින් තිබ්බා. ඒ ගමන නිසා ඇයගේ උකුල වේගයෙන් එහාට මෙහාට සෙල වුණා. වෙනදා ශරීරය යාන්තමින් පෙනෙන්නට ඇඳපු දුහුල් ගවුම දැන් ඇයට තහනම් වෙලා. පාසල් ගවුමත් දණහිසටත් ටිකක් පහතට මැසුණා. පාසල් යන වයස නිසා සමහර දවස්වලට සමහර කොලු පැටව් රණ්ඩු කර ගන්නවා ඇයව බෙදාගන්ට බැරුව. හරියට කේයස් මහත්තයාගේ “සුදෝසුදු කතාව වගේ.
එදා මල්වර දවසේ කිසියම් කොටු වගයක් පෙන්නලා මොනවදෝ කිව්වා ඡ්‍යොතිර් මාමා ඒ ඇයගේ විවාහය ගැන. ලග්නයේ හිටියේ අඟහරුවා. විවාහය කලින් සිදුවන බවත් විවාහය ගැන කල්පනාකාරි විය යුතු බවත්, මල්වරයෙදි තනිවීමක් සිදුවීමක් හා දරුවො ගැනත් කිව්වා.
දැන් ප්‍රභාට වයස අවුරුදු 18 පිරුණා විතරයි. ඇය හිනාවෙනකොට ඇගේ ඇස් දෙක භාගෙට පියවෙනවා. මහා කාමුක බැල්මක් මුහුණේ දිස්වෙනවා. මොකක්ද කියන්න දන්නෙ නැහැ. දැන් ප්‍රභාට වයස අවුරුදු 19යි මාස 4යි. විභාග අවසන් වීමටත් පෙර ඇයගේ අත ගන්න විවාහ යෝජනා නාපු පළාතක් නැති තරම්.
ප්‍රභාගේ එකම යෙහෙළිය “සුජානි” එකම පන්තියේ හරි දුප්පත් කෙල්ල. ඉගෙනීමට හරි දක්ෂයි. වත්පොහොසත්කමින් අහසයි පොළොවයි වගේ. මේ අතරතුර ප්‍රභාව කරකාර ගන්ට එක්තරා ගමක වත්පොහොසත් තරුණයෙකුට තීන්දු වුණා. එකම වයසේ පවුලේ බාලයා වු එයාට අක්කලා දෙන්නෙක් හිටියා ටිකක් ආඩම්බරයි. ඒ අයගේ දරුවො ඉගෙන ගත්තෙ ජාත්‍යන්තර පාසල්වල. ප්‍රභාගෙයි ඒ පුතාගෙයි මඟුල කළේ හරියට රජකාලේ වගේ. මුළු ගමටම මඟුල් කිව්වා, දින 3ක් මඟුල් කෑවා. ආපු තඩි කාර් හරියට මුහුදේ පාවෙන නැව් වගේ. විවෘත කෑම මේසේ. එදා හිතුණා ලෝකෙම ඉන්න වාසනාවන්තම කෙල්ල මේ “ප්‍රභා” කියලා.
ප්‍රභාශ්වරී මඟුලෙන් පසු මධුසමය බලා ගියේ සිංගප්පූරුවට. විවාහයෙන් පසු දරුවොත් අඩුම තරමින් තුන් දෙනෙක් වත් හදාගෙන නුවර පදිංචි වන්නයි ඇයගේ බලාපොරොත්තුවට දවසක් සුජානිට මේ ගැන කියල තිබුණා. මේ දිනවල ඇය ගත කළේ රජ බිසවක් වගේ. ඇය ආලේප කළ සුවඳ විලවුන් දවසින් දවසට වෙනස්. අතට පයට වැඩකාරයො ගමන්යන්ට තඩි කාර්. ඒ වගේ ඈ දිනෙන් දින ලස්සන වුණා. පළල් උකුල. බෙල්ලෙ බැඳි රත්රන් මාලේ. මේ විදියට කාලේ ගෙවිල ගියා.
මොකක්දෝ හේතුවක් නිසා දවසක් “ප්‍රභාට” දුක හිතිලා. ඇයගේ මහත්තයයි, අම්මයි, අක්කලයි කාමරයේ ඈ ගැන කසු කුසුවක්. මේ කසුකුසුව කිසියම් දෝෂාරෝපණයකටත්, හිත් රිදීම්වලටත් පෙරළුණා. අර ලැබූ රජ සැලකිලිත් අඩු වුණා.
දවසක් දා ප්‍රභාගේ අම්මා හමුවන්න ප්‍රභාගේ නැන්දම්මා හා නෑනා කෙනෙක් පැමිණියා. එක පාරටම ඇගේ මුහුණට කඩා පැන “අපිට වඳ ගැහැනියක් පුතාව රවටලා දීලා අපේ නම්බුව නැති කළා. අපිව රැවටුවා”. දැන් බැඳලා අවුරුදු කීයද? කෝ දරුවො කියල අවලාද කළා. ඊට අමතරව අපි පවුලේ නීතිඥයා ලවා දික්කසාද නඩු දැම්මා කියල දෝෂාරෝපණය කළේ ප්‍රභාගේ අම්මට කිසිත් කතා කරන්නට ඉඩක්වත් නොදී. පසුවදාම පුතාවත් අරගෙන ඒ ගෙදරට ගියා.
ඉතාම කෙටි කාලයකින් නඩුවකින් පසු ප්‍රභාගේ මහත්තය වෙනත් විවාහයක් කරගෙන රට ගියා. ස්ථිර පදිංචියට. ප්‍රභා හැඬූ කඳුළින් ගෙවූ දින, සති, මාසවලට පෙරළුණා. ප්‍රභා මානසිකව වැටුණා. දැන් වරින්වර ඇයට මහන්සිය හැදෙනවා. ඈ දිනෙන් දින වැහැරෙන්න පටන් ගත්තා.
කරන්නට කිසිත් නැති නිසා දවසක් ඇය ඉදිරි ජනේලයෙන් මහපාර දිහා බලා හිටියා. ඈ හදිසියෙන් දුටු ඒ අවාසනාවන්ත දර්ශනය ඇයට උහුලා ගන්නට බැරි වුණා. ඒ ‘සුජානි’ ඇගේ දරු පැටියයි මහත්තයයි පන්සල් යනවා. ඇය ක්‍රමයෙන් මානසික රෝගියෙක් බවට පත් වුණා.
ඇයි ඇයට මෙහෙම වුණේ. එදා මල්වරය දවසේ ඡ්‍යොතිර් මාමා කොටු වගයක් පෙන්වලා කිව්ව දේ ගැන උනන්දු වුණා නම් අද සැහැල්ලුවෙන් නේද ඊට පසුත් ඇය කිව්ව නේද නින්දෙන් ඇයට කවුදෝ කරදර කරනව කියලා. ඇයි අම්මා තාත්තා ඒ ගැන බැලුවේ නැත්තේ. අනික කේන්දරය බලා කිව්ව නේද ඒ කේන්දරයේ දෙවැන්නාධිපති 11 වැන්නෙත්, 11 වැන්නාධිපති දෙවැන්නෙත්. පිහිටල කියලා. මෙච්චර පැහැදිලි විස්තරයක් කිව්වටත් පස්සේ ගණන් ගත්තෙ නැත්තෙ ඇයි?
විශේෂයෙන් පොරොන්දම් බැලීමේදී 6 වැනි රාශිය එනම් රෝගි ස්ථානය පරික්ෂා කරන්න ඕනෑ. විශේෂයෙන් ස්ත්‍රී කේන්දරයේ. දරු සම්පත්, සරාගී යෝග, නවාංශක යෝග බලන්න ඕනෑ බව කිව්ව නේද? මේවා බැලුවා නම් පසු කාලයකදි “යන්ත්‍ර” පලඳින්න වෙනවාද?
සුබ ග්‍රහ පිහිටීම් ඇති කේන්දර හොයාගෙන ඉදිරියේ ධනය ලබලා කුලය බබළවලා දරුවන් හදාගෙන විවාහ වෙලා ඉන්න උත්සාහ කරන්න. මාතු බිරියක්ම හොයාගන්න. වදක බිරියක් ලැබුණොත් ඔබ ඉවරටම ඉවරයි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී / ගුප්තවේදී
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න