වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
වැස්සත් සමඟ පැතිරෙන මී උණ
වැසි කාලයේදී බෙහෙවින් පැතිර යන මී උණ හෙවත් ලෙප්ටොස් පයිරෝසිස් රෝගය බොහෝ ගම්බද ජනතාව හඳුන්වනු ලබන්නේ වෙල් උණ හෙවත් මඩ උණ රෝගය යනුවෙනි. මෙය සතුන්ගෙන් මිනිසාට වැලඳෙන බෝවන රෝගයකි. බෙහෙවින් මෙය වැලඳෙන්නේ කුඹුරු ආශි‍්‍රතව වගා කටයුතුවල යෙදෙන, ඇළදොළවල මාළු බෑමට, මඩවගුරුවල ගැවසෙන කුණු කසළ එකතුවන ජලය රැඳෙන ස්ථානවල රැකියාවන්හි නිරතවන අයටයි. ස්පයිරොකිට වර්ගයට අයත් බැක්ටීරියාවක් මී උණ රෝගයේ රෝගකාරකය ලෙස හඳුනාගෙන ඇත.
මීයන්ගෙන් බෝවේ
මියන්ගෙන් පිටවන මූත්‍රවල තිබෙන බැක්ටීරියාව ශරීරගතවීමෙන් මේ රෝගය වැලඳේ. මීයන් මූත්‍රා කරන ස්ථානයේ ජලය තිබේ නම් එම ජලය සමඟ මීයන්ගේ මූත්‍රා මිශ්‍රවීමෙන් එම ජලය විෂ වේ. ඒ මඟින් උණ රෝගය බෝවේ. මිනිස් සිරුරට එම බැක්ටීරියාව ඇතුළු වන්නේ ආවරණයක් නොමැතිව එවැනි ජලය රැඳෙන ස්ථානවල සේවය කිරීමෙනුයි. විශේෂයෙන් පා ආවරණ නොමැතිව සේවය කරන අයගේ පාදවල සුළු හෝ සීරීමක් තුවාලයක් තිබුණහොත් ඒ තුළින් මේ බැක්ටීරියාව ශරීරගත වේ. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් කුඹුරුවල, නියරවල, කුණු ගොඩවල්වල හා ඒ ආශි‍්‍රතව ජලය රැඳෙන ස්ථානවල, පතල්වල, මඩ වගුරුවල, වැලිගොඩ දමන ස්ථානවල, කොහිල කොටුවල, වතුර වළවල්වල මීයන්ගේ මූත්‍රා මිශ්‍රව තිබිය හැකිය. එබැවින් ඒ ගැන වඩාත් කල්පනා කිරීමෙන් ප්‍රවේශම් වුවහොත් මී උණ රෝගයෙන් වැළකිය හැකිය.
මී උණ රෝග ලක්ෂණ
මී උණේ රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වී දින හතක් හෝ දින දාහතරක කාලයක් තුළ රෝග ලක්ෂණ මතුවේ. ආසාදිත වූවන්ගෙන් බොහෝදෙනෙකු කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ආසාදන තත්ත්වයෙන් පසුවිය හැකිය. මෙහි රෝග ලක්ෂණ අතර, අධික හිසරදය, උණ, ඇස් රතුවීම, මස් පිඩුවල වේදනාව, කෑම අරුචිය හා තෙහෙට්ටු ගතිය ප්‍රධාන වශයෙන් පෙන්නුම් කෙරේ. මීට අමතරව අක්මාව හා වසා ග්‍රන්ථි ඉදිමීමත් සමේ ලප මතුවීමත්, පලු දැමීමත් ඇති වේ. මෙසේ සිදුවන්නේ බැක්ටීරියා ශරීරගත වී රුධිරය තුළ ගුණනයවීමෙන් පසුව ඇතිවන ප්‍රථම ලක්ෂණ හැටියැතය. රෝගය උත්සන්න වී ඇති අවස්ථාවකදී මූත්‍රා පිටවීම ද අඩුවේ. වකුගඩු ද අකර්මන්‍ය වේ. අක්මාවද අකර්මන්‍ය වේ. එබැවින් මී උණ ගැන යම් සැකයක් ඇතිවුවහොත් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් උපදෙස් ලබාගත යුතුය.
මීයන් ගැන නොදන්නා කෙනකු නැත. ඒ බොහෝවිට ගෘහස්ථව හා වගාබිම්වල සිටින බැවිනි. මීයන් සපා කෑමෙන්ද උග්‍ර විෂක් ශරීරගත වේ. මී උණ මෙන්ම මහාමාරිය බෝවන්නේත් මීයන්ගෙනි. මී විෂ තුළ විද්‍යානුකූලව ප්‍රභේද දහඅටක් ඇති බව පෙන්වා දී ඇත. ඒ සෑම අංශයකින්ම පෙන්වා දී ඇත්තේ මීයා උග්‍ර විෂ සහිත සතකු බවයි. එබැවින් මීයන් ගැවසෙන ස්ථාන ගැන වඩාත් විමසිලිමත් විය යුතුය. වර්ෂාව අධික කාලවලදී, ගංවතුර ඇතිවන කාලවලදී පරිසරයට රෝගකාරක බැක්ටීරියා මුදා හැරීමට ඇති ඉඩකඩ වැඩි බැවින් මාර්ග අසල, පාළු ඉඩම්වල, වගා බිම්වල, කුණූගොඩවල් හා ඒ අසල ජලය රැඳී පවතින තැන්වල ජලයට බැසීම හා ජලය පාගා යෑමෙන් වැළකී සිටිය යුතුය. මී උණ වළක්වා ගැනීමට කුඹුරු අවට වළවල් වසා දමා පරිසරය ශුද්ධ කළ යුතුය.
පුරන්වූ කුඹුරු යළි ගොවිතැන් කිරීම සඳහා සකස් කිරීමේදී කුඹුරට බැසීමට පෙර පවතින මී ගහනය ඉවත් කිරීමට කටයුතු කළ යුතුය. කුඹුරේ පමණක් නොව කුඹුර අවට ද පරිසරය සුද්ධ පවිත්‍ර කොට මීගුල් වසා දැමිය යුතුය. එමෙන්ම කුඹුරේ ගොඩගසා ඇති කල්ගත වූ කොළ රොඩු පවා ඉවත්කොට ශුද්ධ පවිත්‍ර කළ යුත්තේ ඉතා ප්‍රවේසමිනි. පාදවල සීරීම් හා තුවාල ඇති අය කුඹුරේ වැඩ කළ යුත්තේ ඉතා ඉතා කල්පකාරීවය. උදලු මිටේ අපිරිසුදු ජලය හා මඩ තැවරී ඇති විට උදැල්ල කර මත උරේ තබාගෙන යෑමෙන් හා අතින් අපිරිසුදු උදැල්ල අල්ලාගෙන යෑමෙන් වැළකිය යුතුය. කුඹුරු වැඩ කරන, වෙනත් වගාවන්හි නිරතවන, කුණු කසළ ඉවත් කරන මාර්ග කානු සුද්ධ පවිත්‍ර කරන, වැලිගොඩ දාන රැකියාවන්හි නිරතවී සිටින අයට ද මී උණ වැලඳීමේ තත්වය බෙහෙවින් වැඩිය.
එමෙන්ම පොකුණූු, වැව්, ඇළමාර්ග පිරිසුදු කරන අතහැර දැමූ මැණික් පතල් ආශි‍්‍රතව වැඩ කරන, සත්ත්ව ගොවිපළවල වැඩ කරන වැව්වල, ඇළවල, දොළවල මාළු කර්මාන්තයේ යෙදී සිටින පිරිස්වලට ද මේ රෝගය බෝවීමේ තත්ත්වයක් බෙහෙවින් පවතී. සමේ සීරීම් තුවාල මඟින් මෙන්ම ඇස්, කන්, නාසයේ හෝ මුඛයේ ශ්ලේෂ්මල පටල ඔස්සේද මේ වෛරසය ශරීර ගත විය හැකි බව වෛද්‍ය පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත. විශේෂයෙන් කුඹුරු වැඩ කරන අය ආරක්ෂාකාරී වීම වැදගත්ය. නිරන්තරයෙන්ම තෙත සහිත හා මඩ සහිත පොළොව ආශි‍්‍රතව අපිරිසිදු ජලය පෑගෙන අයද ප්‍රවේසම් වී තම වැඩකටයුතු කරගෙන යෑමට කටයුතු කළ යුතුය.
වගාබිම්
වගා වැඩෙහි හා වැව් හා කුඹුරුවල නිරත ගොවි මහතුන් බොහෝදෙනකු බුලත්විට සැපීමෙන් පසු දියකඩිතිවලන් කට සෝදා මුහුණ හා ඇඟපත සෝදා ගැනීමට පුරුදුව සිටිති. එය ඉතා අනතුරුදායක තත්ත්වයක් බැවින් එම පුරුදුවලින් ඉවත්ව සිටීමට තරයේ කටයුතු කළ යුතුය. ජලය එක්රැස්ව තිබෙන ස්ථානවල තෙත්මඩ තිබෙන ස්ථානවල සිටියේ නම් ඉන් ඉවත් වූ විගසම සබන් ගා මුළු ශරීරයම පිරිසුදු ජලයෙන් සෝදා ගත යුතුය.
එසේ ඇඟ පත සෝදාගත් පසු උතුරවා නිවාගත් ජලය පානය කිරීමට උනන්දු විය යුතුය. විනෝද චාරිකා හා වන්දනාවේ යන බොහෝ කණ්ඩායම් නොදන්නා ස්ථානවල තිබෙන වැව්, පොකුණුූ, ඇළ දෙපස මාර්ගවලින් ස්නානය කිරීමට බැස ජල ක්‍රීඩාවල යෙදෙමින් කාලය ගතකිරීමටත් පුරුදුව සිටිති. තෙත්බිම්වල සිටිමින් එසේ විනෝද අනතුරුදායකය.
එම ස්ථානවල මීයන්ගේ පමණක් නොව වෙනස් විෂ සහිත සතුන්ගේ බැක්ටීරියාවන් ද තිබිය හැකිය. ඒ ගැනත් තම තමන්ගේ අවධානය යොමු කළ යුතුය. මී උණ වැලඳීමේ තත්ත්වයන් ගැන සොයා බැලීමේදි එය බෙහෙවින්ම වැලඳීමට ඉඩ පවතින්නේ වසරේ මාර්තු සිට මැයි මාසය දක්වාත් ඉන් අනතුරුව ඔක්තෝබර් සිට නොවැම්බර් මාසය දක්වාත්ය. පසුගිය වසර කිහිපය පිළිබඳ ගැන සොයා බැලීමේදි එම මාසවල මී උණ රෝගීන් වැඩියෙන්ම වාර්තා වී ඇත. සැමවිටම සැම දෙනාම ගෘහ ආශි‍්‍රතව හා අවට පිරිසුදුව තබා ගැනීමෙන් මීගහනය අඩුකර ගත හැකිය.
නිරන්තරයෙන්ම තෙත සහිත මඩ සහිත පොළොව ආශි‍්‍රතව හා මාර්ග ආශි‍්‍රතව අපිරිසුදු ජලය පෑගෙන අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය. හැකි සැම විටම පිරිසුදු ජලයෙන් කකුල් සේදීමට කල්පනාකාරී විය යුතුය. බොහෝවිට කුඹුරුවල අතහැර දැමූ වගාබිම්වල හා වගා කරන හා වගා නොකරන ගෘහස්ථ ඉඩම්වල ගුල් සාදා මීයන් සිටිය හැකිය. වැසි දිනවලදී ගුල් ජලයෙන් පිරීයෑම නිසා මී මූත්‍රා සහිත ජලය එම වගා බිම පුරා පැතිර යා හැකිය. ඒ ගැන ද වඩාත් සැලකිලිමත් විය යුතුය.
බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර