ශාපවලින් බේරෙන්නේ මෙහෙමයි

සැප්තැම්බර් 22, 2023

ප්‍රශ්නයකට හෝ ගැටලුවකට මුහුණ දෙන තැනැත්තා ඊට විසඳුම් සොයා යාමේදී හේතු සාධක සොයා බැලිය යුතුය. ඒ සඳහා උපකාරක ලිපියක් වශයෙන් ලියන ලද ලිපියෙහි දෙවන කොටස මෙයයි. කර්මය සහ කර්‍ම අභිචාර (අනවින, කොඩිවින, හදි හූනියම් ආදිය) කිසියම් පුද්ගලයකුගේ අසාර්ථකත්වයට හේතු විය හැකි බව අප පෙර ලිපියෙන් පැහැදිලි කළෙමු.

ඊළඟට අවධානය යොමු කරනුයේ ඔබ බෙහෙවින්ම කතා බහ කරන කාරණාවක් පිළිබඳවය. “ඒ ඇස්වහ කටවහය”. මෙහි සත්‍යයක් නොමැති යැයි ඔබට සිතෙන්නට පුළුවන. එය ඔබේ විශ්වාසයයි. එහෙත් හොඳට තිබුණු පලතුරු ගෙඩි නරක්වී බිමට වැටෙන ආකාරය, ඊට පෙර දින “අංගොහාමි” ඒ ගස දිහා බලන් සිටි ආකාරය ගැන කතා කරන බොහෝ දෙනකු ඔබට හමුවී ඇතිවාට සැක නැත. වර්තමානයේදී විද්‍යාත්මක පරීක්ෂණ තුළින් ද මිනිසා සහ ගස් වැල් අතර ඇති සම්බන්ධය, මිනිසාගේ සිතිවිලි ගස්වැල්වලට දැනෙන ආකාරය ගැන ඔප්පු වී තිබේ. ඇසින් හෝ වචනයෙන් දුෂ්ට සිතිවිලි යොමු කිරීමෙන්ද කෙනෙකුගේ ඉදිරි ගමනට බාධක ගෙන දිය හැකිය. එහෙත් පුද්ගලානුබද්ධව ගතහොත් ස්වකීය ආකල්ප ශක්තිමත් කර ගැනීමෙන් මෙය ජයග්‍රහණය කළ හැකිවේ. විසඳුම් මාර්ග පිළිබඳව අපි වෙනම අදහසක් පසුව ගෙන හැර දක්වමු.

දියුණුවට බාධා විය හැකි තවත් සුවිශේෂි හේතුවක් වේ. ඒ “ශාප” වේ. තොට හරියන්නෙම නෑ” “මෙන්න කීව ශාපම වෙනව“ ඔය නිකමට ලියූ වදන් පේළියකි. එහෙත් මෙවැනි වදන් ඔබ සමහර විටක අසා ඇති හෝ එවැනි ඒවා ඇසූ අය ඒ පිළිබඳව ඔබට පවසා ඇත. දැනටමත් ඒ අත්දැකීම විඳිමින් සිටින අයත් මේ ලිපිය කියවන්නටත් ඉඩ ඇත. ශාප, ලෙහෙසි කටයුත්තක් නොවේ. එය විවිධාකාරයෙන් ඔබව සොයා එනු ඇත. වර්තමාන භවයෙහි මෙන්ම පෙර භවයෙහි ඔබ ශාපවලට ලක්වූවෙකු විය හැකිය. “හත්මුතු පරම්පරාවටම සමහර ඒවා බලපානු ඇත. එසේම භව 7ක් දක්වාම මේ ශාප ක්‍රියාත්මක වේ යැයි සමහර ගුරුකුලවල ඉගැන්වේ. කෙසේ නමුත් මේ ශාපවල බලය අවතක්සේරු කළ නොහැකිය. මේ අවස්ථාවේ මාගේ සිහියට නැඟෙන ශාප කිහිපයක නම් ඔබට ඉදිරිපත් කරනු ලැබේ. පිතෘ ශාප - පියා විසින් සිදු කරනු ලබන සාප මෙනමින් හඳුන්වනු ලැබේ. මාතෘ ශාප - මව විසින් සිදු කරනු ලැබූ ඒවාය. භාතු ශාප නම් සොහොයුරා විසින් සිදුකරනු ලැබූ ශාපය. කලත්‍ර ශාප නම් විවාහක ස්වාමියා හෝ බිරිඳ විසින් සිදු කරනු ලැබූ ශාපය, ගුරු ශාප නැතහොත් බ්‍රහ්ම ශාප ඇතිවනුයේ කිසියම් ගුරුවරයකුගේ සිත් රිදීමක් බිඳීමක් නිසාවෙනි. දේව ශාප දෙවියන් නිසාද, පේ‍්‍රත ශාප පේ‍්‍රතාදින් නිසාද සිදුවන අතර සර්පශාප සර්පයන් නිසා සිදු වන බව ඉගැන්වේ. මෙහි අගින් කියන ලද දේව ශාප, සර්ප ශාප, පේ‍්‍රත ශාප පිළිබඳව මෙය කියවන ඔබට එකවර විශ්වාසයක් ගොඩනොනැඟෙනු ඇත. “පේ‍්‍රත වස්තු වර්ණනාව“ වැනි ග්‍රන්ථ කියවා බැලීමෙන් එවැනි දේ සිදු විය හැකි බව ඔබට තේරුම් යාමට ඉඩ ඇත.

ඉදින් මෙවැනි ආකාරයේ නොයෙකුත් හේතූන් නිසා ඔබේ දියුණුව සාර්ථකත්වය ඇන සිටින්නට ඉඩ ඇත. සමහර විටක සියල්ලට හේතුව ඔබේම මනස විය හැකිය. ඔබේම සිතිවිලි විය හැකිය. ඔබේම ක්‍රියාකාරකම් විය හැකිය. කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවක ඔබට ප්‍රාමාණික උපදේශනයක් අවශ්‍ය වනු ඇත. සමහර විටක මනෝවිද්‍යා උපදේශකයකුගෙන් තාර්කික පිළිතුරක් ලැබෙනු ඇත. විශේෂයෙන් මෙහි පවසන ලද අවසාන හේතුව එනම් ඔබේම මනසම, ඔබේම සිත, ඔබේම ක්‍රියාවලිය ඊට බලපා ඇත්නම් පැහැදිලි පිළිතුරක් විසඳුම් මාර්ගයක් මනෝ විද්‍යා උපදේශනයකට යොමුවී ලබා ගත හැකිය. එයද විසල් පරිමාවක එකකි. ව්‍යාපාර උපදේශනය ළමා මනෝවිද්‍යා උපදේශනය කළමනාකාරීත්ව උපදේශනය ආදි වශයෙන් විවිධය. ඔබේ ගැටලුවකට අදාළව ඔබට ඊට යොමුවිය හැකි වේ.

එහෙත් ඔබ බොහෝවිට කරන්නේ ශාස්ත්‍ර කියන තැනක් වෙත යොමුවීමයි. අංජනම් බලන තැනකට යොමුවීමයි. මම ඒවා ප්‍රතික්ෂේප කරන්නෙක් නොවෙමි. එහෙත් හැම විෂයකම අඳුරු තැන් පවතිනා නියාවෙන්ම මේ ගුප්තමය බලවේග මෙහෙයවා සිදුකරනු ලබන තොරතුරු ප්‍රකාශනය නිවැරැදිම සිදුකරන පුද්ගලයන් සීමා සහිතයැයි මා හඟිමි. එසේම සමහර ස්ථාන විමසීමේදී ඒවා මනෝ විකාර ස්වරූපයෙන් දක්නට ලැබේ. සිහි තබාගන්න, මේ ලිපිකරු එවැනි දෑ ප්‍රතික්ෂේප නොකරනු ඇත. එහෙත් ප්‍රායෝගික පරීක්ෂණ අනුව අසාර්ථකත්වය අත්දැක ඇත. එක් පසකින් සෙසු සියල්ල ගැන ද ඇත්තේ මධ්‍යස්ථ අදහසක්ම ය.

ඊළඟට ඔබට නිමිති විමසන්නෙකුගේ සහය, ඡ්‍යොතිර්වේදියකුගේ සහය, වාස්තු විමසන්නකුගේ සහය අවශ්‍ය විය හැකිය. මේ සියලු විෂය ක්ෂේත්‍රවලද ප්‍රාමාණික දැනුමැති අය මෙන්ම එසේ නොවන අයද වේ. කෙසේ නමුත් මෙකී වෘත්තිකයන්ගේ හෝ ආධ්‍යාත්මික උපදේශකවරයකුගේ උපකාරය මේ අවස්ථාවේ ඔබට වැදගත් වනු ඇත. එහෙත් මේ සියල්ල ඔබට යහපත් වන අයුරින් සිදුකර ගැනීමට නම් මා ඔබට යෝජනාවක් ගෙනෙමි.

ඒ ඔබ ඔබේ ප්‍රශ්නය විසඳාලීමේ මාර්ගෝපදේශකයා සෙවීමේ වගකීම විශ්වයට බාර දිය යුතු බවය. ඔබට දෙවියන් හෝ ස්වභාවධර්මය විශ්වාස කිරීමට සිදුවනු ඇත. “විශ්වාසා පරමා ඥාති’ එය ඔබ අමතක නොකළ යුතුය. ඔබ කිසියම් ආගමක් අදහන්නේ නම් එය විශ්වාස කොට නිවැරැදි පුද්ගලයකු හමුවේවා යැයි අධිෂ්ඨාන කරන්න. ඔබ බෞද්ධවත් පිළිවෙත් විශ්වාස කරන්නේ නම්, යන්න බෝධිය අසළ හොඳින් බුදුන් වඳින්න. විශේෂයෙන් ඔබේ ප්‍රදේශය බාර දෙවියන්ට පින් දෙන්න.

ඔහුට පවසන්න. ඒ දෙවියන් යදින්න. ඔබට නිවැරැදි මග පෙන්වන්න කියා, සොබාදහමට ඉඩ දෙන්න, නිරීක්ෂණය කරන්න, විමසිලිමත්ව ඉන්න. ඔබට ඔබේ ප්‍රදේශය බාර දෙවියන් අසාධාරණයක් නොකරනු ඇත.

සමාජයෙහි කතා බොහොමය උපදෙස් බොහොමය මේ කිසිවක් ඒක හේතුක වශයෙන් මෙන්ම ඒක හේතුක නොවේය වශයෙන් හෝ ගත යුතු නොවේ. පුංචි කතාවක් කෙටියෙන් පවසමි. තරුණයා වනයේ ඇවිද යනවිට විඩාව අධිකය. නිදන්නට වනස්පති වෘක්ෂයක් වේ යැයි සිතීය. ළඟ ළඟම එවැනි වෘක්ෂයක් වූ නිසා විඩාව නිවාගන්නට එහි බිම වාඩිවිය. බඩගින්න අධිකය. බඩගින්නට යමක් ඇත්නම් සිතන්නට විය. ගසේ පලතුරු බොහෝ විය. ඔහු බඩ පුරවා නිදන්නට විය. නිදන අතර එක වරම ඇහැරුණේ මේ අසළ කොටියෙක් හෝ සිටිය හැකිය සිතමිනි. කොටියා ඔහු අසලය. ඌ මාව මැරුවොත් ඉතිරි ටික සිතා ගත හැකිය. මේ කතාව ඔබට කැමති කෝණයකින් විමසා බැලිය හැකිය.

කර්මය, කඵ අභිචාර, ශාප, ඇස්වහ කටවහ ආදි කවර හෝ හේතුවකින් ඔබේ අසාර්ථකත්වය වී ඇත්නම් ඔබේ හඳහනෙහි එය ලියැවී තිබෙනු ඇත. ඔබට හඳහනක් නොමැතිනම් තත්කාලය, නිමිති ශාස්ත්‍රය හෝ ප්‍රශ්න ශාස්ත්‍රය ඇත. අංජනම් ආදි වෙනත් ගුප්ත ක්‍රමද ඇතිය. මනෝ විද්‍යාත්මක උපදේශනයද ඇත. මේ සියල්ල විෂය ක්ෂේත්‍රයන් වේ. ඔබ යහපත් කර්මයන්හි නියැළෙන්න, ප්‍රාර්ථනය ධනාත්මක කරගන්න. විශ්වයට ඉඩදෙන්න, විමසිලිමත්ව කටයුතු කරන්න. ඔබට සාර්ථකත්වයේ දොරටුව විවර වනු ඇත. බළන්ගොඩ ආනන්ද හිමියන් ගරු කළ ග්‍රන්ථයකි. එම ග්‍රන්ථයෙහි සාර්ථකත්වය පිළිබඳ කරුණු සතරක් පවසා තිබේ. ඒ ගැන විශේෂ ලිපියක් උමා ඡ්‍යොතිෂ කෝණයෙන් ලියන තුරා එම කරුණු සතර මා මෙහි අවසාන වශයෙන් සටහන් කරමි.

1. සිතිවිලි

2. වදන්

3. හැඟීම්

4. ක්‍රියා

 

මනෝවිද්‍යා උපදේශක,

පාරම්පරික ශාස්ත්‍රඥ

හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.