2023.08.15 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

අගෝස්තු 15, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.05
ඉර බැසීම - ප.ව. 06.26 
රාහු කාලය - ප.ව. 03.20 සිට ප.ව. 04.53 දක්වා
සුබ දිශාව - උතුර  
 
මේෂ
ගෙදර දොර පී‍්‍රතිමත් බවක් ඇතිවනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක් ද ඇතිවේ. අධික වියදමක් යෙදෙන අතර පපුවේ හෝ උරහිස ආශි‍්‍රත පීඩාවක් ද ඇති කරයි. 
 
වෘෂභ 
සිතේ සැකයක් සහිතව කටයුතු කරන දිනයකි. කේළාම් බස් නිසා සතුරන් ඇතිවීමට ද ඉඩ ඇත. දියුණුව පිළිබඳව යම් යම් තීන්දු තීරණ ගන්නා දිනයකි. මුදල් ලාබ හිමිකරයි. 
 
මිථුන 
කෑම බීම  නිසි වේලාවට නොගැනීම නිසා පපුවේ දැවිලි ගතියක් ඇතිවේ. කිරීමට සිතන කටයුතුවලට මුදල් අඩු පාඩු ඇති කරයි. කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් වැඩ කළ යුතු දිනයකි. 
 
කටක 
ස්ථිර අදහසක් ඇතිව කටයුතු කිරීමට පෙළඹෙනු ඇත. හිතට දුක් සහිත ගතියක් මෙන්ම හිතේ අන් අය කෙරෙහි අනුකම්පාවක් වැනි අදහසක් පහළ වේ. ඒ අනුව කටයුතු කරයි. 
 
සිංහ 
සිත්තැවුල් කණගාටු ඇතිවේ. අවනම්බු ලැබීමට පවා ඉඩ ඇති අතර පැවති ගෞරවය අඩුව යනු ඇත. ලාභ ප්‍රයෝජන අඩු දවසකි. තමා අතින්ම යම්කිසි පාඩුවක් ඇතිවිය හැකිය. තුවාල හදිසි අනතුරුවලට ලක්වීමේ අවධානමක් පවතියි. 
 
කන්‍යා 
දියුණුවට කටයුතු සැලසෙනු ඇත. හිතවතකු සමඟ පී‍්‍රතියෙන් කාලය ගත කිරීමට ලැබෙනු ඇත. සමාජ ආශ්‍රයට පෙළඹෙන දිනයකි. ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
තුලා 
අන් අයගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. ගෙදර දොර කටයුතුවලින් සිතට සැනසීමක් ලැබෙන දිනයකි. හොඳින් කාලය ගත වේ. තම තත්ත්වය උසස් කර ගැනීමට ද සිතයි. 
 
වෘශ්චික 
අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇති වනු ඇත. කරදර සහිත දවසකි. තම ගෞරවයට හොඳ නමට කැළැල් ඇතිවේ. ගෙදර දොර අඩුපාඩු ද ඇතිවනු ඇත. 
 
ධනු 
ධෛර්යය හීනව යන දිනයක් වනු ඇත. වැඩ කටයුතුවලට බාධා අවහිරකම් මතු වේ. අවුල් වියවුල් මතුවනු ඇත. ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ තුනටිය් කැක්කුමක් ඇති වේ. 
 
මකර 
මිල මුදල් ලාභ ලැබෙන දිනයකි. හොඳ ආහාර පාන ගැනීමට හැකිවේ. මිතුරන් හා ආශ්‍රයට යොමුවනු ඇත. වෙනදාට වඩා සිතේ සැහැල්ලු බවක් ඇති කරයි. 
 
කුම්භ 
තම කටයුතු සාර්ථක වීම නිසා හිතට සතුටක් ලැබෙනු ඇත. මිල මුදල් ලාභ ඇති දිනයකි. මහන්සියෙන් උත්සාහයෙන් යුතුව කටයුතු කිරීමට සිදුවනු ඇත. 
 
මීන 
බලාපොරොත්තු නොවූ කරදරයකට මුහුණ දීමට සිදුවේ. පැවති මිත්‍ර සම්බන්ධතා කැඩී බිඳී යාමට හෝ ඒවාට බාධා ගෙන දීමෙන් සිතේ අසහනකාරී බවක් ඇති වනු ඇත.
 
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.