වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
සඳුගේ අපල දුරු කරන්නට
ජූලි 23, 2021
රැයේදී උත්පත්තිය ලබන හැම විට මව් ග්‍රහයෙක් සිටී. එම ග්‍රහ වස්තුව වන්නේ සඳු ග්‍රහයා ය. එසේ නැත්නම් චන්ද්‍රයා ය. ස්වභාවයෙන් සිසිලස අපට උරුම කර දෙන චන්ද්‍රයා පෘතුවියට ඉතාමත් ආසන්නව අපට දක්නට ලැබේ.
යම් හෙයකින් චන්ද්‍රයා අශුභව පිහිටියහොත් මෝඩ කල්පනාවන්ට භාජනය වේ. තම දියුණුව අඩාලවෙයි. කල්‍යාන මිත්‍රයන් අමනාපවීම, මෙන් ම තවත් අයෙක් මත්පැන්වල දැඩි ඇල්මක් දැක්වීම, ධන ධාන්‍යයෙන් පිරිහීමක් ඇතිවීම බහුලව සෙම්රෝග පැතිර යාමට ද ඉඩකඩ අවස්ථා ලැබේ. එසේ ම චන්ද්‍රයා ශුභවාදීව සිටින මොහොතක දී සමෘද්ධිමත් සාමයක් උදාකර දෙයි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වෙයි. උත්තම ඝනයේ ප්‍රභූවරුන් සහ උසස් තත්ත්වයේ හොඳ මිතුරන් ඇසුරු කිරීමට ලැබෙන අතර මතු බලාපොරොත්තු සාකල්‍ය වශයෙන් ම ඉටු කර දෙයි.
මනුෂ්‍ය ශරීරයේ ගලනාලය ආමාශය, ගර්භාෂය, මුත්‍රාශය, පියයුරු, ස්වතන්ත්‍ර නාඩි පද්ධතිය සුසුම්නාව, පිරිමින්ගේ වම් ඇස, ස්ත්‍රී පක්ෂයේ දකුණු ඇස, සම්බන්ධයෙන් ද චන්ද්‍රයාගේ බලපෑම ඇති වේ. ඇස් රෝග උමතු රෝග පීනස, සරම්ප, ඇදුම, පණුරෝග, වලිප්පුව, කැස්ස, උගුරේ රෝගාබාධ සහ අතීසාරය ද හට ගනී. චන්ද්‍රයාගේ බලපෑම නොයෙක් අන්දමින් නොයෙකුත් දේ කෙරේ බලපෑමක් සිදුවේ. මීයන් බල්ලන්, බළලුන්, සුදු අසුන් කෙරෙහි මෙන් ම ජලචර පක්ෂීන් කෙරෙහි ද විශාල බලපෑමක් ඇති කරයි. එළවළු කෙරෙහි බලපාන අතර, කැකිරි, කොමඩු, පුහුල්, වට්ටක්කා, පිපිඤ්ඤාවලට ද චන්ද්‍රයාගේ බලපෑම් ඇති වේ.
චන්ද්‍රයාගේ අපලය වෙනුවෙන් පුද පූජා පැවැත්වීම සඳුදාවක යොදා ගත යුතු ය. සඳුදා දිනයට පූජාව තැන්පත් කළ යුත්තේ ගිනිකොණ දිසාවෙනි. සඳුට පුද පූජා පැවැත්වීම දින එකොළහක් පුරාවට ම කළ යුතු ය. අපල සඵල වන තුරු සඳුදා දින පූජා පැවැත්වීම ඉතා හිතකර ය. චන්ද්‍රයාගේ අපල සඵල කර ගැනීම සඳහා භාවිතය ගන්නා පිරිත් සහ ගාථා එකොළහ එකසිය දහය, එකදාස් එකසිය වාරයක් ගායනය කළ යුතු ය. මෙම අවස්ථාවට එළඹීමට පෙර නා සුදුවතින් සැරසී පූජා පැවැත්වීම අගනේ ය.
ග්‍රහගෝචරයන් හිදී චන්ද්‍ර සෙනසුරු ග්‍රහතරු එකට එක්වීමෙන් ගෙනෙන ශනි චන්ද්‍ර අපලය එසේ නැත්නම් ජන්ම ඒරාෂ්ඨක අපලය සඵල කර ගැනීම සඳහා අසරණ කාන්තාවවන්ට කන්‍ය ස්ත්‍රීන්ට, වයසක ආච්චිලාට ආහාරපාන, වස්ත්‍ර හෝ බෙහෙත් වර්ග ලබාදීම ඉත සිතින් ම කළ යුතු ව ඇත. එළදෙනුන්ට සත්කාර කිරීම, එළදෙනක මරණින් මුදවා ගැනීම, දරුණු මාරක අපල දුරුකර ලන්නට හේතු වේ. සඳු අපල සඵලවීම සඳහා ගර්භනී මව්වරුන්ට දානය දීම සිල්මෑණිවරුන්ට දන් පිළිගැන්වීම, ධර්ම දේශනා පැවැත්වීම, මෛත්‍රී භාවනාව දියුණු කිරීම, ධර්මදානමය පින්කම්, සුමන සමන් දෙවියන් වහන්සේට පත්තිනි දේව මෑණියන්ට පුණ්‍යානුමෝදන කිරීම කළ යුතු ව ඇත.
රාත්‍රී කාලයේ පිපෙන මල්වර්ග වන කුමුදු, සමන්පිච්ච මල් සහ සුදු නෙළුම්, පාට මල්වර්ග පූජා කිරීම ද, විලඳ පූජා කිරීම ද මාළුන්ට කෑම දීම, බෝධි පූජා පැවැත්වීම තුළින් ද අපල සඵල වන බව සත්‍යයකි. තවද රිදී පා හෝ සුදු පාට කොඩි පූජා කිරීම ද යහපත් ය.
කිරිබත්, සුදු සඳුන්, සුදු පැහැති කැවිලි වර්ග, ගිතෙල්, සුදු කිරිබත්, දිවුල් කිරි, දන්දීම කළ යුතුයි. රිදී පැහැති කාසි නැත්නම් රිදී කාසි දෑතට දීම සුබදායකය. දිළිඳු ස්ත්‍රීන්ට සුදු ඇඳුම් සහ ආහාරපානදීම, දිවුල් පැළ සිටුවීම ද සඳු අපලය නැතහොත් චන්ද්‍ර අපල සඵලවීමට මහඟු දෙයකි. මේ හැම දෙයක් ම පිළිවෙළකට කර සඳු අපල සඵල ලබා ගන්න. අපල දුරු කරගන්න.
ඡ්‍යොතිෂ විද්‍යා විශාරද මහාචාර්ය
හේමපාල පතිරණ
෴ සබැඳි ලිපි ෴
විශ්ව කේන්ද්‍ර ක්‍රමයට අනුව කන්‍යා රාශිය රාශි චක්‍රයේ හයවෙනි රාශිය හැටියට සැලකේ. ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධය. බුධ ග්‍රහයා මිථුන හා කන්‍යා රාශි...
2022-12-29 18:30:00
ඡ්‍යොතිෂය යනු බැබලීමයි. ඉරහඳ තාරකා ඇතුළු විශ්වයේ පවතින අනෙකුත් ග්රහයින්ගේ බැබලීම අරුමයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය බොරුයයි කියන අන්ධ භක්තික පිරිසක්...
2022-03-10 18:30:00
ඡ්‍යොතිෂය යනු බැබලීමයි. ඉරහඳ තාරකා ඇතුළු විශ්වයේ පවතින අනෙකුත් ග්රහයින්ගේ බැබලීම අරුමයක් නොවේ. එහෙත් ඡ්‍යොතිෂය බොරුයයි කියන අන්ධ භක්තික පිරිසක්...
2022-03-10 18:30:00
රැයේදී උත්පත්තිය ලබන හැම විට මව් ග්‍රහයෙක් සිටී. එම ග්‍රහ වස්තුව වන්නේ සඳු ග්‍රහයා ය. එසේ නැත්නම් චන්ද්‍රයා ය. ස්වභාවයෙන් සිසිලස අපට උරුම කර දෙන...
2021-07-22 18:30:00
අවුරුදු එනවා එරබදු පිපිලාකජු පුහුලන් ගස්වල පැණි පිරිලාබැද්දට නගරෙට මල් වැහි වැහැලාකොරෝන බාධක රටටම යෙදිලා කොහෝ කොහෝ නද දෙන මී බින්දුතවත් වෙනස්...
2021-04-08 18:30:00
කිරිසමුදුර ඉඳත් – උවිඳු නොබොනුය ගනු නොමැතිවත්මසුරු වූ දනන් වෙත – උනත්දන දෙලොවට වැඩක් නැතිවිෂ්ණු කිරි සමුදුරෙහි වාසය කළත් එහිවූ වතුර නොබොති. එහි ඇති...
2020-03-12 18:30:00
ඡ්‍යොතිෂය කැමති අකමැති සියලු දෙනාම රාහු කාලය ගැන සැලකිලිමත් වන බව පෙනී යනවා. ඒ නිසා නිවැරැදි රාහු කාලය දැන ගැනීම කාටත් බොහෝම වැදගත් වෙනවා. දැනට භාවිත...
2020-03-05 18:30:00
ආචාර්ය ආනන්ද ගුරුගේ පඬිවරයාණන්ගේ ඉංගී්රසි නවකථාවක් දොරට වඩින ලද අවස්ථාවේ රැස්වීම පැවැත්වීගෙන යද්දී වේදිකාවේ සිට ප්‍රකට වෛද්‍ය පී. ආර්. ඇන්තනිස්...
2020-02-20 18:30:00
හෙළ වෙදකමේ අරු මයසිතට ගත යුතු මයආයුබල පිරු මයඒ අපේ රට දැයේ උරු මය එදා හෙළ වෙද වරුවීය හරි සුරු විරුකැපවීම නොම සුරුඔවුන්හට අපි කරමු ගරු සරු ...
2019-09-12 18:30:00
රටට යහපත ලෙසසිතුවොත් මහත්වරු ලෙසඅභියෝග අභි යසජයෙන් ජය හිමි වේවි නිසි ලෙස සිය දැනුම කැප කොටසිය වෙහෙස වැය කොටගත කරන දිවි යටලොවම ජයගත හැකිය එත කොට...
2019-09-05 18:30:00
සිවිල් ඉංජිනේරුවිශ්වවිද්යාල බාහිර කථිකාචාර්ය ,විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේප්රධාන පර්යේෂකප්රියන්ත දයාරත්න
2023-05-05 18:30:00
සමනළ පව්වට හිරු කිරණ වැටී, තිමිර පටලය මැකී යාමටත් පෙරාතුව, ධූරාගේ ගම්මානය එකම සැණකෙළියක් වී තිබිණ. හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් දෙපළ සිය ඉලක්කය ප්...
2019-07-04 18:30:00
සිය සගයින් තිදෙනෙකු මරා දැමූ කාළවර්ණ පුද්ගලයින් දෙදෙනා විනාශ කරලීම සඳහා සතුරු සෙබළුන් කෝපයෙන් කෑ ගසමින් ආයුධ අමෝරාගෙන ඉදිරියට පනිද්දී හර්ෂදේවයෝ, සිය...
2019-06-27 18:30:00
සිම්ජාගේ කඳවුරට හොර රහසේ ඇතුළු වී සිතියම ලබා ගැනීමෙන් පසුව හර්ෂදේවයන් සහ උදකාභිරාක්‍ෂයන් ගේ සතුට සීමා රහිත විය. ඒ සිතියම සතුරන්ගෙන් සොරා ගැනීම යනු,...
2019-06-20 18:30:00
සිම්ජාගේ කඳවුරෙහි පැවතියේ වික්ෂිප්ත වූ ස්වභාවයකි. ජයමාලී දේවිය පසුපස හඹා ගිය අශ්වාරෝහක සේනාංකය, හෙළයේ රණ ශූරයන් අතින් සමූල ඝාතනය වීමත්, ඔවුන්ට මග...
2019-06-13 18:30:00
සබරගමු පුරවරයේ ඒ මහා සමනළ පව්වට හෙළයේ මහා ගෝරාවරුන් සත් කට්ටුව එක්තැන් වූ ඒ අරුණෝදයේ, ධූරාගේ නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පෙරදින සටනෙන් දිවි...
2019-06-06 18:30:00