හෙළ වෙදකමේ අරු මය

සැප්තැම්බර් 13, 2019

හෙළ වෙදකමේ අරු මය

සිතට ගත යුතු මය

ආයුබල පිරු මය

ඒ අපේ රට දැයේ උරු මය

 

එදා හෙළ වෙද වරු

වීය හරි සුරු විරු

කැපවීම නොම සුරු

ඔවුන්හට අපි කරමු ගරු සරු

 

අතේ නිල අල්ලා

නිවසට ඇවිල්ලා

කරන සැල කිල්ලා

ඉතා ඉහළම තැන තබල්ලා

 

වට පිටේ ඔසු පැළ

වවාගෙන හැම කල

එයින් අරගෙන ඵල

අපට උවටැන් කරයි නිසි කල

 

රෑ දවල් නොබ ලම

කරදරය දුටු වම

කැපවීම නිත රම

ගමේ වෙද රාළමයි ඉහ ළම

 

මුදල ගැන නොසි තන

වෙද පිරිස පෙර දින

ඒ උතුම් බව දැන

කළේ කටයුතු සිතට සුව දෙන

 

පරපුරෙන් පර පුර

පැවතගෙන එන යුර

ඒ උතුම් තන තුර

කාට කාටත් වටී නිර තුර

 

බුලත් හුරුලට දෙන

එහි මුදල නොම දැන

සේවයෙන් සැන සෙන

පිරිසකිය වෙද වරුන් අව සන

 

සර්ප විෂ දුරු කර

කැඩුණු අත්පා නිසි යුර

සකසමින් දිවි තුර

රකින පිරිසකි එදා පර පුර

 

මේ ගැන ද සිත මින

වගකීම දැන ගෙන

එයට ගරු කර මින

රකිමු වෙද පරපුරද මතු දින

 

අජිත් ධර්මසිරි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.